කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි
යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි.
මෙම සුවිශේෂී පහසුකම මඟින් කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන්ට රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක ගුවන් තොටුපළ විවේකාගාර 1500 කට වැඩි ප්‍රමාණයක සාමාජිකත්වය හිමි වන අතර ජංගම යෙදුමක් ඉදිරිපත් නොකර තම කාඩ්පත පමණක් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වනු ඇත. තවද මෙම කාඩ්පත් හිමියන්ට LoungeKey පහසුකම හරහා ජාත්‍යන්තර ගුවන්තොටුපල විවේකාගාර වල ඇති ඉහළම මට්ටමේ පහසුකම් සීමා රහිතව භුක්ති විදීමේ හැකියාව හිමි වනු ඇත.
Asia Prestige Diamond හා Asia Prestige Platinum කාඩ්පත් හිමියන් සහ ඔවුන් සමඟ ගමන් කරන තවත් එක් පුද්ගලයෙකුට වසරකට LoungeKey ප්‍රවේශ 6ක් හිමි වන අතර, Asia Prestige Diamond කාඩ්පත් හිමියන්ට සුවිශේෂ වරප්‍රසාදයක් වශයෙන් සීමා රහිතව LoungeKey ප්‍රවේශ වසර පුරාවට අත්විදීමේ පහසුකම් ඇත. තවද, ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දී මෙම කාඩ්පත් භාවිත කරන විට නොමිලේ සංචාරක රක්ෂණයක් සඳහා ද කාඩ්පත් හිමියන් සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකාවට ප්‍රථම වරට යූනියන්පේ කාඩ්පත් හදුන්වා දුන් මූල්‍ය ආයතනය කොමර්ෂල් බැංකුව වන අතර මෙම පුරෝගාමීත්වයේ භූමිකාව ගෝලීය වශයෙන් පුළුල් කරමින්, යුනියන්පේ Asia Prestige වැඩසටහනට LoungeKey ප්‍රවේශය සම්බන්ධ කරන ලද ලොව පළමු ආයතනය ද වේ. යූනියන්පේ යනු රටවල් හා කලාප 183ක පිළිගැනීමක් ඇති, මූල්‍ය ආයතන 2600 කට අධික සංඛ්‍යාවක හවුල්කාරීත්වයෙන් යුතු ලොව විශාලතම කාඩ්පත් යෝජනා ක්‍රමය වේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

