December 31, 2025
Chinese Dragon Café නවතම ශාඛාව ගාල්ලේදී විවෘත වේ
පුවත්

Chinese Dragon Café නවතම ශාඛාව ගාල්ලේදී විවෘත වේ

Dec 31, 2025

මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන ජාතික යුවළක් බම්බලපිටිය ප්‍රදේශයේදී ආරම්භ කළ CDC මෙරට පාරිභෝගික ප්‍රජාව අතර විශ්වාසනීය සන්නාමයකි. සෑම නාගරික ප්‍රදේශයක්ම ආවරණය වන ලෙස එහි ශාඛා පිහිටා තිබේ. ගල්කිස්ස, නුගේගොඩ, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, යාපනය ඒ අතර වේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් සිටින එම සමාගමේ පළමු විදේශීය ශාඛාව 2021දී ඩුබායිහිදී විවෘත විය. ගාල්ල ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීම තුළින් සාම්ප්‍රදායික රසයෙන් යුතු චීන ආහාර පාන රස විඳීමට රටේ සියලු ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවස්ථාව සැළැසීමට CDC සතු කැපවීම පිළිබිඹු වේ. එහිදී රස විඳිය හැකි ප්‍රණීත ආහාර අතර හොට් බටර් කට්ල්ෆිෂ්, කෙසෙල් කොලයේ එන සී ෆුඩ් රයිස්, රයිස්, නූඩ්ල්ස්, සී ෆුඩ්, වර්ග ප්‍රධාන තැනක් ගනී.

සුපිරි වෙළෙඳසල්වලින් මිල දී ගත හැකි බෝතල් කරන ලද CDC චිලී පේස්ට් සඳහාද විශාල ඉල්ලුමක් තිබේ. සියලු ආහාර පානවල රසය දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවත්වා ගෙන ඒම සුවිශේෂ කරුණකි. කාලයෙන් කාලයට වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා ඉතා නිවැරැදිව හඳුනා ගෙන ඇති CDC ගාස්තු රහිත බෙදා හැරීමේ සේවා (Free Delivery), උත්සව අවස්ථා සහ ආයතනික අවශ්‍යතා සඳහා අවශ්‍ය ආහාර පාන සැපැයීම (Catering), මාර්ගගත ක්‍රමයට ඇණැවුම් ගැනීම වැනි සේවා රැසක් හඳුන්වා දී තිබේ. නව අලෙවිසල විවෘත කිරීම පිළිබඳව CDC ප්‍රධාන විධායක නිලධාරී ගයාන් ප්‍රනාන්දු සඳහන් කළේ දකුණු පළාතේ පදිංචි පාරිභෝගිකයන් රැසක් CDC සමග රැඳී සිටින බැවින් ගාල්ල වැනි ප්‍රදේශයක අලෙවිසලක් විවෘත කිරීම අත්‍යවශ්‍යව තිබූ බවයි. “දකුණු පළාතේ ජනතාවට සේවා සැපයීමට ලැබීම පිළිබඳව අපට ඉතා සතුටුයි. ඉදිරියේදී මෙම ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීප ආහාර පාන සන්නාමයක් වීම අපගේ අරමුණයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close