චයිනා හාබර් ඉංජිනේරු සමාගමේදකුණු ආසියා හා අග්නිදිග ආසියානු ශාඛාව විසින් දිට්වා සුළිකුණාටුවෙන් පසු ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සඳහා A5 මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කරයි
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු ශාඛාව, ශ්‍රී ලංකා යුද හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), පළාත් පාලන ආයතන සහ අවට ප්‍රජාවන් සමඟ එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු නායයෑම් සහ සුන්බුන් හේතුවෙන් දැඩි ලෙස අවහිර වී තිබූ A5 මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරනු ලැබුවා. මෙය දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා අඛණ්ඩ දින හතක කාලයක් තුළ සිදු කරන ලදී.
ප්‍රජා සම්බන්ධතාවය, හදිසි සේවා ලබා ගැනීම සහ අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනය සිදු වන ප්‍රධාන මාර්ගයක් වන A5 මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට මෙලෙස බාධා විය. අදාළ බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් චයිනා හාබර් සමාගම සිය ගලවා ගැනීමේ කණ්ඩායම්, යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණික දැනුම යොදා ගනිමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට කටයුතු කළේය. චයිනා හාබර් සමාගම 1998 වසරේ සිට ශ්‍රී ලංකාවේ සේවය කරන අතර මෙරට සමඟ ඇති සහයෝගීතාවයට වසර 27ක් සම්පූර්ණ කරයි. සමාගම සඳහන් කළේ සුනාමි, බෝම්බ ප්‍රහාර සහ COVID-19 වසංගතය වැනි ප්‍රධාන ආපදා තත්ත්ව වලදී ගලවා ගැනීමේ සහ සහන සැපයීමේ කටයුතුවලට ද ඔවුන් සක්‍රීයව සහභාගී වී ඇති බවයි. එමඟින් අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔවුන්ගේ දිගුකාලීන කැපවීම තහවුරු කරයි.
මුදා ගැනීමේ නිලධාරීන්, මාර්ග ප්‍රතිසංස්කරණ යන්ත්‍ර 24ක් සහ පුහුණු සේවකයන් 36ක් මේ සඳහා යොදා ගත් අතර අස්ථාවර භූමියක් සහ අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ වැඩ කරමින්, කණ්ඩායම විශාල පස් ප්‍රමාණයක්, කඩා වැටුණු ගස්, ගල් සහ හානියට පත් ඉදිකිරීම් ඉවත් කළ අතර, එමඟින් බලධාරීන්ට මහජන භාවිතය සඳහා මාර්ගය යළි ආරක්ෂිතව විවෘත කිරීමට හැකි විය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු A5 මහා මාර්ගය ප්‍රතිස්ථාපනය කිරීම සමාගමේ සහන ලබා දීම් වල වැදගත් අංගයකි. එමෙන්ම මෙම කටයුතු වලට මූලික මුදවා ගැනීමේ කණ්ඩායම් යෙදවීම්, හදිසි සැපයුම් බෙදා හැරීම සහ ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය (CCCSL) හරහා සම්බන්ධීකරණය කරන ලද මූල්‍ය සහාය ඇතුළත් විය. එමඟින් ජාතික අවශ්‍යතා ඇති අවස්ථාවලදී රටට සහාය වීමට තම සමාගමෙහි ඇති කැපවීම මින් යළි යළිත් තහවුරු කරයි.
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ෂූ ලීචියන්ග් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට පෙර නොවූ විරූ අභියෝග රැසක් ගෙන ආ අතර, රටෙහි දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස, අපට ඉක්මනින් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ වගකීමක් ඇති බව පෙනුණි. දුෂ්කර තත්ත්වයන් යටතේ වෙහෙස නොබලා වැඩ කළ සියලුම කණ්ඩායම්වලට අපි හෘදයාංගමව කෘතඥ වෙන අතර, ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන විට අඛණ්ඩව සහාය ලබා දීමට අපි කැපවී සිටිමු.”
මෙම ස්වාභාවික විපතෙන් පසු රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලියක් සිදු කරන බැවින්, රජයේ ආයතන, පළාත් පාලන ආයතන සහ පීඩාවට පත් ප්‍රජාවන්ට තාක්ෂණික දැනුම, යන්ත්‍රෝපකරණ සහ ශ්‍රමය සමඟ අඛණ්ඩව සහාය දක්වන බව සමාගම තහවුරු කළේය.

