Charcoalහි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි
බැංකොක් පදනම් කරගත් Charcoal Tandoor Fire Grill සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
අග්නිදිග ආසියාවේ වඩාත් පිළිගත් ඒකාබද්ධ හෝටල් හා නිර්මාණ සමාගමක් වන Soho Hospitality හට අයත් සුවිශේෂී ආහාර සන්නාමය වන Charcoal ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙය දකුණු ආසියාව තුල Charcoal බැංකොක් නගරයෙන් පිටතදී විවෘත වන පළමු අවස්ථාවයි. මෙම අත්දැකීම 2026 වසර අවසන් වන විට කොළඹ නගරයේදී අත්විඳීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම සුවිශේෂී අවන්හල් සේවාව තුලින් දකුණු ආසියානු කලාපයේ උපාය මාර්ගික සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වනු ඇත.
2014 වසරේ බැංකොක්හිදී ආරම්භ කරන ලද Charcoal සුවිශේෂී ඉන්දියානු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර පාරිභෝගික අවශ්‍යතාව මත ඕනෑම සංස්කෘතිය සූප ශාස්ත්‍ර උරුමයන්ගෙන් ඔවුන් රස ගැන්වීමට සමත්ව සිටියි. පසුගිය දශකයක කාලය තුල සිය පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන ඇති Charcoal අද වන විට බැංකොක්හි අසමසම අවන්හලක් බවට පත්ව ඇත.
ඉන්දියානු හා මැද පෙරදිග අතර ඓතිහාසික කුළුබඩු වෙළෙඳ මාර්ගය හි වෙළෙඳ කලාපය පුරා විවිධ රසයන්, සංස්කෘතීන් සමඟින් ප්‍රණීත ආහාර පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා ඉමහත් කීර්තියක් අත්කර ගෙන සිටින Charcoal උතුරු ඉන්දියානු තන්දූර් සහ මුග්ලායි වැනි ආහාර සංස්කෘතීන්හි විශිෂ්ටත්වයක් අත්කරගෙන ඇත්තේ සිය සූප ශාස්ත්‍ර අනන්‍යතාව මනාව ප්‍රදර්ශනය කරමිනි.
ඒ අභිමානවත් උරුමය සමඟින් කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි Capitol Twin Peaks හි 50 වැනි මහලේදී විවෘත වන Charcoal Tandoor Fire Grill ප්‍රණීත ආහාර අත්දැකීමක් සමඟින් නෙත් සිත් පිනවන සොඳුරු දසුනක අසිරිය විඳ ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු නිසැකය. කොළඹ නගරයේ සිට අඩි 600කට වඩා ඉහලින් පිහිටුවීමට නියමිත Charcoal Tandoor Fire Grill නවතම ආහාරමය අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු අමුත්තන් වෙත ලබා දෙනු ඇත.
Charcoal Tandoor Fire Grill සිය දකුණු ආසියාවේ පළමු ප්‍රවේශය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සුවිශේෂී සිදුවීමකි. කොළඹ නගරයේ දිනෙන් දින වෙනස්වන පාරිභෝගික නව්‍යකරණය, නව ආයෝජක විශ්වාසය සහ කලාපීය වශයෙන් සංචාරක හා ජීවන රටා කර්මාන්තය තුල අත්කර ගෙන ඇති විශිෂ්ටත්වය ශ්‍රී ලංකාව තෝරා ගැනීමට විශේෂයෙන් හේතු විය. එමෙන්ම දකුණු ආසියාව, මැදපෙරදිග හා අග්නිදිග ආසියාවේ සංධිස්ථානයක් ලෙස කොළඹ නගරය ස්ථානගත වී තිබීමද මීට හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Soho Hospitality හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී Rohit Sachdev මහතා සඳහන් කර සිටියේ “අභිමානවත් උරුමයක් සමඟින් සෑම විටම පාරිභෝගිකයින් වෙත විශිෂ්ට රසයක් එක් කරන Charcoal තායිලන්තයෙන් පිටත ආරම්භ කරන පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහන් කළ හැකියි. සංචාරක වර්ධනය සමඟින් විවිධ ආහාර රසයන් සොයා යන පාරිභෝගිකයින්ගෙන් සමන්විත කොළඹ නගරය ශක්තිමත් හා දිගු කාලීන වෙළෙඳපොලක් ලෙස අපි දකිනවා. Charcoal තුලින් හොඳම මොහොතේ නිවැරදි සංකල්පයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙනි.
Wallpaper*, The Boston Globe සහ Asia Pacific Property ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් ගෞරවයට පාත්‍ර වී ඇති Charcoal කොළඹදී විවෘත වන්නේ බැංකොක් ප්‍රමුඛ කොට ගත් design-first ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ අනුව ඉදිරියේදී සාම්ප්‍රදායික ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගනිමින් ඉතා ආකර්ෂණීය අවන්හලකට වඩා වැඩි සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට Charcoal සූදානමින් සිටියි. Charcoal විවෘත වන දිනය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

