
සෙලින්කෝ ලයිෆ්හි ඉහළ ජයග්‍රහණ ළඟා කරගත් වෘත්තිකයින් තායිලන්ත සංචාරයක
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගම ඉහළ විකුණුම් ඉලක්ක සපුරාගත් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා තායිලන්ත සංචාරයක් පිරිනමන ලදී. 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා ස්ටාර් කෲස් (Star cruise) අත්දැකීමක් මෙන්ම බැංකොක් සංචාරයක්, මැණික් කම්හලක ක්‍රියාකාරකම් දැකීමේ අවස්ථාව, ඩ්‍රීම් වර්ල්ඩ් අත්දැකීම සහ තරු පන්තියේ ආපනශාලාවන්හි ආහාර ගැනීමට අවස්ථාව සැලසුණි. සේයාරුවෙන් දැක්වෙන්නේ දින තුනක බැංකොක් හී සංචාරයේ යෙදුණු කණ්ඩායමයි.