February 14, 2026
HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබාදෙයි
පුවත්

HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කරගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබාදෙයි

Dec 9, 2025

හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය 2026 පළමු භාගයේ දී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම අත්පත් කරගැනීමත් සමඟ HSBC හි ප්‍රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට හිමිවේ. මෙමඟින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට, තවත් අමතර ප්‍රමුඛ පෙළේ පාරිභෝගික බැංකු ගනුදෙනුකරුවන් අති විශාල සංඛ්‍යාවක් වෙත සිය සේවය ලබාදීමට හැකියාව ලැබෙන අතර, බැංකුවේ ආයතනික ඉලක්ක වෙත වඩාත් වේගවත්ව ළඟාවීමේ අවස්ථාව උදාවී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මඟින් අපට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවසර ලබා දෙන අතර එය දැනට ඉතා හොඳින් සිදුවෙමින් පවතිනවා. මේ හරහා අපට දැන් විශ්වාසයෙන් යුතුව ව්‍යාපෘතියේ ඊළඟ අදියරට යාමට හැකියාව ලැබෙනවා.”

“මෙම කාලය තුළ අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපගේ ගනුදෙනුකරුවන් සඳහා ඉහළම සේවා මට්ටම් පවත්වා ගැනීමට සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත මාරුවීමේ දී අපගේ සේවක ප්‍රජාවට හොඳ සහයක් ලැබීම සහතික කිරීමටයි. මෙම ක්‍රියාවලිය අවසන් වූ පසු බැංකු සේවා බාධාවකින් තොරව මාරු කිරීම සඳහා අපි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ සමීපව කටයුතු කරනවා” යනුවෙන් HSBC ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ස(ර්)ජෙනෝර් මහතා පැවසීය.

මෙම අත්පත් කර ගැනීම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතුව ඇති පාරිභෝගික බැංකුකරණයේ ප්‍රමුඛත්වය පිළිබිඹු කරන අතර ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇති කැපවීමේ වැදගත් පියවරක් ද සනිටුහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close