June 21, 2025
Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි
පුවත්

Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි

Apr 9, 2025

කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ සහ පලතුරු වර්ග යොදා ගනිමින් උසස් තත්ත්වයේ කොම්බුචා පාන වර්ග නිපදවයි. එම නිෂ්පාදන සීනි සහිත පාන වර්ග වෙනුවට පරිභෝජනය කළ හැකි සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇත. සාම්ප්‍රදායික පැසවීම් ශිල්පීය ක්‍රම නව්‍ය රස සමඟ මිශ්‍ර කරමින් එම සමාගම නිපදවන පැෂන් ෆෘට් කොම්බුචා, පැණිකොමඩු කොම්බුචා, බිටර් ලයිම් කොම්බුචා, අන්නාසි කොම්බුචා ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති පාන වර්ගවලට දෙස් විදෙස් පාරිභෝගිකයන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 

රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරුවෙකු වන රිෆාක් අහමඩ් වසරක් පුරා කළ නිෂ්පාදන සංවර්ධන පර්යේෂණයකින් පසු ඔහුගේ මිතුරෙකු වන මොහමඩ් අම්සර් සමඟ එක් වී Cecrafto කොම්බුචා දියත් කළේය. එම සමාගම නව්‍යකරණය, තිරසාරභාවය, ගුණාත්මකභාවය, ප්‍රජා සහයෝගය, සෞඛ්‍යය සහ සුවතාව යන වටිනාකම් මත පදනම් වී ක්‍රියාත්මක වේ. මෙරට තේ වතුවලින් සිය නිෂ්පාදනවලට අවශ්‍ය උසස් තත්ත්වයේ තේ සපයා ගන්නා එම සමාගම කුඩා පරිමාණ වගාවල නිරත වන ගොවීන්ගෙන් පලතුරු සපයා ගනී. ගාල්ල දිස්ත්‍රික්කය පදනම් කර ගෙන ඇරැඹුණු Cecrafto සමාගම මෙරට ප්‍රධාන සංචාරක ගමනාන්ත ආවරණය වන ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩ නගා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොම්බුචා සන්නාමය බවට පත් වීම දීර්ඝ කාලීන දැක්ම කර ගත් එම සමාගම කොළඹ, ඇල්ල, ආරුගම්බේ, මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශවල සිය බෙදා හැරීම් කටයුතු පුළුල් කරමින් සිටී. විශේෂ කාලවල හට ගන්නා පලතුරු යොදා ගෙන විශේෂ රසවලින් යුතු කොම්බුචා නිපදවීම සහ ඩිජිටල් අලෙවිකරණ කටයුතු ශක්තිමත් කිරීම එම සමාගමේ ඉදිරි සැළැසුම් අතර ප්‍රධාන වේ. 2028 වන විට මෙරට සෞඛ්‍යමය පාන වෙළෙඳපොළෙන් 20%ක් පමණ දිනා ගැනීම සමාගමේ ඉලක්කයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close