August 15, 2025
සියැට් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙස  බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 2025 වාර්තාවේ ශ්‍රේණිගත වෙයි
පුවත්

සියැට් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙස  බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් 2025 වාර්තාවේ ශ්‍රේණිගත වෙයි

Aug 6, 2025

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් ‘ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය’ ලෙස 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ශ්‍රේණිගත කර ඇති අතර, එමගින් සියැට් එම අංශයේ සිය නායකත්වය නැවත තහවුරු කර ඇත.

ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි වාර්තාවට අනුව, සියැට් සිය සන්නාම වටිනාකම රුපියල් බිලියන 2.325 දක්වා 15% කින් වර්ධනය කර ඇති අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතර 44 වන ස්ථානය අත් කර ගෙන ඇත.

මීට අමතරව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සන්නාම ශක්ති දර්ශකයෙහි (BSI) සියැට් සන්නාමය ලකුණු 83.3/100 ලබා ගනිමින් රටේ 6 වන ශක්තිමත්ම පාරිභෝගික සන්නාමය ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතර දිවයිනේ ඉහළම පෙළේ සන්නාම අතලොස්සක් පමණක් අත් කරගත් විශිෂ්ටත්වයක් වන AAA- සන්නාම ශක්ති වර්ගීකරණය ලබා ඇත.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය ගෝලීය වශයෙන් අටවන ශක්තිමත්ම ටයර් සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත.

“ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙස රැඳී සිටීම සහ රටේ ශක්තිමත්ම පාරිභෝගික සන්නාම දහය අතරට පැමිණීම අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, අපගේ උපාය මාර්ගයේ පැහැදිලිකම සහ අපගේ ක්‍රියාවට නැංවීමේ පූර්ණත්වයට උපහාරයකි. එය සියැට් හි පාරිභෝගික විශ්වාසය, මෙහෙයුම් විනය සහ මූල්‍ය ශක්තිය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය කෙරෙහි අඛණ්ඩ අවධානය පිළිබිඹු කරයි,” යනුවෙන් ශ්‍රී ලංකාව තුළ සන්නාමයේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව තුල විවිධ නිෂ්පාදන කාණ්ඩ හරහා වාර්ෂිකව මිලියන 1.2 කට වඩා අලෙවි වන සියැට් ටයර්, යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන වෙළඳපොළවල් ඇතුළුව රටවල් 110 කට අධික සංඛ්‍යාවක ගෝලීය පියසටහන පවත්වා ගනී. ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී ටයර් සන්නාමය ද සියැට් වේ.

2025 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන ටයර් නිෂ්පාදන සමාගම ලෙස වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් තෝරා ගන්නා ලද සියැට් කැලණි හෝල්ඩින්ග්ස්, ඉන්දියාවේ RPG සමූහය සහ ශ්‍රී ලංකාවේ කැලණි ටයර් අතර ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් 50% ක් නිෂ්පාදනය කරන අතර රේඩියල්, ට්‍රක්, සැහැල්ලු ට්‍රක්, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන ටයර සඳහා වෙළඳපොළ ප්‍රමුඛයා වේ. සමාගම සිය නිෂ්පාදනයෙන් 20% ක් දකුණු ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව පුරා අපනයනය කරන අතර පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 8.5 කට වඩා ආයෝජනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close