September 13, 2025
2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සියැට් කැලණි නැවතත් සම්මාන ලබයි
පුවත්

2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සියැට් කැලණි නැවතත් සම්මාන ලබයි

Jul 30, 2025

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා සහ මෙරට වැඩියෙන් ම අලෙවි වන ටයර් සන්නාමය වන CEAT සන්නාමය පිටුපස සිටින සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA) උළෙලේදී ‘නිෂ්පාදන – අනෙකුත් අංශ’ කාණ්ඩයේ ඒකාබද්ධ අනුශූරතාවය දිනාගනිමින් නැවත වරක් ව්‍යාපාරික විශිෂ්ඨත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය.

වාර්ෂික ආදායම රුපියල් බිලියන 10 ඉක්මවන ව්‍යාපාර සඳහා වන අති විශාල කාණ්ඩය යටතේ තරඟ කළ සියැට් කැලණි, මෙම වසරේ තරඟයේ දී පෙන්වූ කාර්යසාධනය සැළකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ වඩාත් ම වෘත්තීමය හා කාර්යක්ෂමව කළමනාකරණය කරන ලද ව්‍යාපාරයක් ලෙස සම්මාන ලැබීය.

උපායමාර්ග සහ නායකත්වය, ආයතනික යහපාලනය, ධාරිතාවේ වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය සහ ගෝලීය වෙළඳපල ප්‍රවේශය, ආයතනික සමාජයීය හා පාරිසරික වගකීම් (CSR) සහ පාරිසරික තිරසාරභාවය, සහ ව්‍යාපාර හා මූල්‍ය ප්‍රතිඵල යන ස්ථම්භ හත මෙම සම්මානවල ඇගයීම් නිර්ණායක වූහ.

තරඟය සඳහා සියැට් කළ ඉදිරිපත් කිරීමේ විශේෂ අවධානයක් දිනා ගත්තේ එහි ඒකාබද්ධ තත්ත්ව පාදක කළමනාකරණ (QBM) පද්ධතිය යි. එය සියැට් වෙනුවෙන් ම නිෂ්පාදනය කළ සමස්ත තත්ත්ව කළමනාකරණ (TQM) රාමුවක් වන අතර එමගින් ආයතනය තුළ අඛණ්ඩව වැඩිදියුණු වීමේ සංස්කෘතියක් ඇති කරයි. පාරිභෝගිකයින්, ජනතාව, සහ ක්‍රියාවලීන් යන අංශ කේන්ද්‍ර කර ගැනීම වටා සියැට් සමාගමේ QBM දර්ශකය ගොඩනැගී ඇති අතර, එමඟින් සෑම සේවකයෙකුම ආයතනයේ ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීමට සහ උසස් වටිනාකමක් ලබා දීමට දායක වන බව සහතික කෙරේ.

සමාගමේ පෙර NBEA ජයග්‍රහණ වන 2010, 2011, 2012, 2013 සහ 2024 වසරවලදී විවිධ කාණ්ඩවල ජයග්‍රහණවලට තවත් සම්මාන එකතු කරමින් මෙම වසරේ ප්‍රදානෝත්සවයේදී සියැට් විසින් ශක්තිමත් කාර්යසාධනය සඳහා වන නිෂ්පාදන – අනෙකුත් අංශ සහ දේශීය වෙළඳපල ප්‍රවේශය යන සම්මාන දෙකම හිමිකරගත්තේ ය.

2025 දී LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙස සියැට් නම් කළ අතර ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් අඛණ්ඩව වසර දෙකක් ටයර් කාණ්ඩයේ හොඳම කළමනාකරණය කළ සමාගම ලෙස ද සියැට් කැලණි සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස්, මෙම නිෂ්පාදන අංශය තුළදී මෙරට සමස්ත අවශ්‍යතාවයෙන් අඩක් පමණ නිෂ්පාදනය කරන අතර ආනයන මත යැපීමේ අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු කරයි. සමාගම සිය නිෂ්පාදනයෙන් 20%ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර, වෙළඳ නාම 11ක වාහන මාදිලි 30කට අධික සංඛ්‍යාවක් සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස, වාර්ෂිකව දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා ටයර් 150,000 කට වඩා සපයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close