හරිතාගාර වායු විමෝචනය වාර්තාකරණය වෙනුවෙන් සියැට් කැලණි සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගනී
තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත.
කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සත්‍යාපනයකින් පසුව මෙම සහතිකය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපයන නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගමේ මෙම ජයග්‍රහණය මෙරට කාර්මික ක්ෂේත්‍රයට ඉතා වැදගත් වේ. දේශගුණික බලපෑම් කළමනාකරණය සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සමාගම කටයුතු කරන බව මෙම සහතිකය මගින් සනාථ වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික මිනුම්, වාර්තාකරණ සහ සත්‍යාපන (MRV) රාමුවට ද අනුකූල වේ.
සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසූයේ මෙම සහතිකය, දේශගුණික වගකීම උදෙසා සියැට් කැලණි හි කැපවීම අනුමත කිරීමක් බවයි. “මෙම ජයග්‍රහණය මගින් පිළිබිඹු වන්නේ අපගේ ව්‍යාපාරයේ සෑම අංශයකටම පාරිසරික භාරකාරත්වය ඒකාබද්ධ කිරීමේ සැබෑ මෙහෙයුමයි,” යැයි ඔහු පැවසුවේ ය. “පුනර්ජනනීය බලශක්ති ආයෝජන වල සිට තිරසාර මූලාශ්‍ර හා මෙහෙයුම් කාර්යක්ෂමතාවය දක්වා ම, අපගේ සමස්ත සැපයුම් දාමයේ කාබන් පියසටහන අඩු කිරීමටත්, ශ්‍රී ලංකාවේ දේශගුණික ඉලක්කවලට අර්ථවත් ලෙස දායක වීමටත්, අපි තීරණාත්මක පියවර ගනිමින් සිටිමු.”
මෙම සහතිකය ලබා ගැනීම වෙනුවෙන් සියැට් කැලණි සමාගමේ පුළුල් වූ තිරසර මුලපිරීම් හා කැලණිය ප්‍රධාන නිෂ්පාදන කම්හලේ මෙගාවොට් 2.4 ක සූර්ය බලාගාරයක් ආරම්භ කිරීම ඇතුලත් වේ. මෙම බලාගාරය මඟින් එහි ජීවිත කාලය තුළදී ගිගාවොට් පැය 59.61 ක විදුලි බලයක් ජනනය කරන අතර, කර්මාන්ත ශාලාව ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා විදුලිය සියයට 21 කින් පමණක් අඩු කරයි. ඒ හරහා පරිසරයට වන වායු විමෝචනය සැලකිය යුතු ලෙස පහත දැමීමට හැකිවී ඇත. මෙම ප්‍රගතිය මත පදනම් ව සමාගම විසින් කළුතර කර්මාන්ත ශාලාවේ තවත් මෙගාවොට් 1 ක සූර්ය බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
සිය සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට අමතරව, සියැට් කැලණි සමාගම විසින් ආයතනය පුරා ම බලශක්ති කාර්යක්ෂමතා මිණුම්, බොයිලේරු ක්‍රියාකරවීම සඳහා ජෛව ස්කන්ධ වායු භාවිතා කිරීම සහ විවිධ ස්ථානවල ගස් 1,000 ක් සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත. සමාගම විසින් සියලුම අමුද්‍රව්‍ය ලබා ගන්නේ ඉන්දියාවේ සියැට් ලිමිටඩ් සමාගම විසින් පරීක්ෂා කරන ලද සැපයුම්කරුවන්ගෙන් පමණකි. ඉන්දියාවේ සියැට් ලිමිටඩ් සමාගම, තිරසාර ඉන්ධන මූලාශ්‍ර සහ ප්‍රසම්පාදන පිළිවෙත් හරහා 2030 වන විට කාබන් විමෝචනය අඩකින් අඩු කිරීම වෙනුවෙන් ඇති විද්‍යාව පදනම් කරගත් ඉලක්කගත මුලපිරීම (SBTi) වැඩසටහනෙහි අරමුණු වලට කැපවී සිටින ආයතනයකි.
2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල් (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.
සියැට් සමාගම එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

