
පාරිභෝගිකයන්ට උසස් අත්දැකීමක් ලබාදෙන සියැට් S-I-S අලෙවිසැල් කැලණිය සහ හොරණට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් වලින් ලබා දෙන උසස් අත්දැකීම කැලණිය සහ හොරණ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කර ඇත.
කැලණිය, නුවර පාර, නො.408 ස්ථානයේ ජයන්ත ටයර් ටේ්‍රඩර්ස් සහ හොරණ, පානදුර – අගුරුවාතොට පාර, නො.243 යන ස්ථානයෙහි පිහිටා ඇති ලාල් ටයර් හවුස් සියැට් හි පිහිටුවා ඇති SIS අලෙවිසැල් එම ප්‍රදේශවල වාහන හිමිකරුවන්ට සුවිශේෂී හා උසස් මිලදී ගැනීමේ අත්දැකීමක් ලබාදෙනු ඇත. මෙම අලෙවිසැල් ශ්‍රී ලංකාව තුල සියැට් විවෘත කර ඇති 11 වන සහ 12 වන SIS අලෙවිසැල් වේ.
මෙම අලෙවිසැල් හරහා සියැට් ටයර් පුළුල් පරාසයක් සඳහා ආකර්ශනීය වට්ටම්, ටයර් පිළිබඳ සේවාවන් සහ තාක්ෂණික උපදෙස්, මෙන්ම රෝද තුලනය කිරීම සහ සකස් කිරීම, ටයර් සඳහා නයිට්‍රජන් සහ වායු පොම්ප, ඇලෝයි වීල් සහ මෝටර් රථ බැටරි වැනි සේවාවන් ලබා දෙයි. සෑම සියැට් SIS අලෙවිසැලකම සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි පාරිභෝගිකයන්ටම වෙන් වු පිළිගැනීමේ ස්ථානයක් පැවතීමය.
මෙම පාරිතෝෂික අලෙවිසැල් නිර්මාණය කර ඇත්තේ, මගී මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට වන අතර මෙම අංශ සඳහා සියැට් කැලණි සමාගම ජර්මානු ඉංජිනේරු තාක්ෂණයෙන් ඉහළම ප්‍රමිතීන්ට අනුව රේඩියල් ටයර් මාලාවක් නිෂ්පාදනය කරයි.
සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැලණි හෝල්ඩිංග්ස් 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන ටයර් නිෂ්පාදන සමාගම ලෙසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් සමාගම ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබයි.
සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000 කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් සියයට 90 කටත් වඩා ආවරණය කරයි. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන සන්නාම 11ක නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස භාවිත වේ. ඒ අතරට මාදිලි 30කට අධික SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වේ.