August 15, 2025
රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේ 6වන පාසල් වැඩසටහනට ‘සියැට් කෙයාර්ස්’ සහාය
පුවත්

රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ට ප්‍රතිලාභ සැලසීමේ 6වන පාසල් වැඩසටහනට ‘සියැට් කෙයාර්ස්’ සහාය

Jul 1, 2025

ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.

සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් 70 දෙනෙකුට පාසල් බෑග්, සපත්තු සහ අභ්‍යාස පොත් පිරිනමන ලදී. මෙම නවතම වැඩසටහන ඔස්සේ මතුගම, රත්නපුර, ගාල්ල, මොණරාගල, මහනුවර සහ හතරලියද්ද ඇතුළු ප්‍රධාන රබර් වගා කරන ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රතිලාභ ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 650ක් වේ.

සියැට් කැලණි සමාගම සිය ස්වභාවික රබර් අවශ්‍යතාවයන්ගෙන් 100%ක්ම දේශීයව සපයා ගන්නා අතර රට පුරා රබර් වගාවේ නියැලී සිටින පවුල් 10,000කට වැඩි සංඛ්‍යාවකගේ ජීවනෝපායන් සඳහා සහාය දක්වයි. සැපයුම් දාමය තුළ මෙම වැවිලිකරුවන් ඉටු කරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් සියැට් හි ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් ඔවුන්ගේ පවුල්වල ජීවනමට්ටම් උසස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර අධ්‍යාපනය අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත.

මීගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති මෙම උත්සවයට සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහ චන්ද්‍රා ටයර් සෙන්ටර් හි සරත් ප්‍රේමචන්ද්‍ර මහතා, චමින්ද ටයර් සර්විස් හි චමින්ද පුෂ්පකුමාර මහතා සහ උඩගේපොල ටයර් සෙන්ටර් හි කිත්සිරි සෙනෙවිරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ බලයලත් සියැට් අලෙවි නියෝජිතයින් සහභාගී වූහ. පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද  සහභාගී වූ මෙම වැඩසටහනට දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික නර්ථන ද ඇතුළත් විය.

“රබර් වැවිලිකරු ප්‍රජාව කෙරෙහි අපගේ කැපවීම සියැට් හි ආචාර ධර්මවල අනිවාර්ය අංගයක්,”‍ යනුවෙන් ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දැක්වීය. “සියැට් කෙයාර්ස් හරහා අපගේ කර්මාන්තයට මෙම වැවිලිකරුවන්ගේ දායකත්වය හඳුනා ගැනීම පමණක් නොව ඔවුන්ගේ පවුල්වල ජීවනමට්ටම්  වැඩිදියුණු කිරීමට ද අවධානය යොමු වූ බලපෑම් සහගත සහයෝගයක් ලබා දීම අපගේ අරමුණයි.”‍

2025 වසරේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙස සියැට් මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close