February 18, 2026
16 වන වසරටත් සියැට් පාසල් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගනියි
පුවත්

16 වන වසරටත් සියැට් පාසල් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගනියි

Feb 18, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2025-26 ‘සියැට් කෙයාර්ස්’ පාසල් මාර්ග ආරක්ෂණ උපකරණ බෙදා හැරීමේ වැඩසටහන සම්පූර්ණ කරමින් මෙම වටිනා ප්‍රයත්නයේ 16 වන වසර අවසන් කරන ලදී.

සමාගමේ මෙම ප්‍රජා මාර්ග ආරක්ෂණ වැඩසටහන දිවයින පුරා තවත් පාසල් 30 ක් දක්වා පුළුල් කළ අතර මෙයින් ප්‍රතිලාභ ලැබූ මුළු පාසල් සංඛ්‍යාව 350ක් වෙයි. මෙවර ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 05ක්, රථවාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් පහක් පාසල් රිය නියාමක සිසුන්ගේ භාවිතය වෙනුවෙන් හිමි වූ අතර මෙම මූල්‍ය වසර තුළ බෙදා හරින ලද මුළු අයිතම සංඛ්‍යාව 600ක් විය.

සියැට් කැලණි සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්ගේ සහ අදාළ ප්‍රදේශවල සියැට් අලෙවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් පාසල් සඳහා උපකරණ බෙදා දීම සිදු කරන ලදි.

ව්‍යාපෘතියේ 2025-26 අදියර පිළිබඳ අදහස් දක්වමින් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළෙය. “ආරක්ෂාව යනු සියැට් විසින් දැඩි උනන්දුවක් දක්වන විෂයක් වන අතර අප නිෂ්පාදනය කරන සෑම ටයරයකම එක් මූලික සැළකිල්ල ආරක්ෂාවයි. එමෙන්ම අපගේ අරමුණ වන ‘සෑම දිනකම ගමනාගමනය සුරක්ෂිත කිරීම සහ කාර්යක්ෂම කිරීම’ ඉෂ්ට කිරීමට මාර්ග ආරක්ෂාව, දැනුවත්භාවය සහ වගකීම සම්බන්ධ වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමට අපව පොළඹවයි.”

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙම ජාතික ප්‍රයත්නය තුළින් ගමනාගමනය ආරක්ෂිත කිරීම සියැට් නිෂ්පාදන ආශ්‍රිත පොරොන්දුවක් පමණක් නොවන බවත් එය පොදු වගකීමක් වන බව සියැට් කැලණි පෙන්වා දෙන බවයි.

දංකොටුවේ දංකොටුව බාලිකා මහා විද්‍යාලය, ‍යොගියානේ පූජ්‍ය ශ්‍රී රතනජෝති ප්‍රාථමික විද්‍යාලය, ගිරිඋල්ලේ වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය සහ කුරුණෑගල ඇතුගල්පුර කුමර විද්‍යාලය, උකුවෙල නූර් මුස්ලිම් මහා විද්‍යාලය, මැණික්හින්නේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සහ මැණික්හින්න මහා විද්‍යාලය, කොටගල දෙමළ මහා විද්‍යාලය-කොටගල, හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල, මහියංගනයේ මහියංගනය ජාතික පාසල, පොළොන්නරුවේ සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලය, ගිරිතලේ ගිරිතලේගම මහා විද්‍යාලය, හබරණ මහා විද්‍යාලය-හබරණ, කන්තලේ පේරතුවේලි මුස්ලිම් මහා විද්‍යාලය සහ කන්තලේ අග්‍රබෝධි විද්‍යාලය, චාවකච්චේරියේ චාවකච්චේරි හින්දු විද්‍යාලය, යාපනයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, මීසාලෙයි වීරසිංහම් මධ්‍ය මහා විද්‍යාලය-මීසාලෙයි, කොළඹ 4 හි මුස්ලිම් කාන්තා විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය, මරදානේ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලය, දළුගම ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලය, හොරණ විද්‍යාරත්න විද්‍යාතන පිරිවෙන, කළුතර විද්‍යාලය-කළුතර, මතුගම ශාන්ත මේරි විද්‍යාලය, ගාල්ල බොනවිස්ටා විද්‍යාලය, අඟු‍ණකොළපැලැස්සේ අලු‍ත්වැව ප්‍රාථමික විද්‍යාලය සහ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලය මෙවර වැඩසටහනේ 2025-26 අදියරෙන් ප්‍රතිලාභ ලැබූ පාසල් 30 අතරට ඇතුළත් විය.

2025 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලද සියැට්, ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන අතර වාර්ෂිකව ටයර් මිලියන 1.2 කට වඩා අලෙවි කරයි. සියැට් කැලණි වෙළඳපොළ නායකත්වයට පත්වීම තාක්ෂණය, නවෝත්පාදනය සහ ධාරිතාවය යන අංශවල තිරසාර ආයෝජන මගින් තහවුරු වේ. සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUV), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

සියැට් සමාගම එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර ඉදිරි මාස 18 තුළ තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close