
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 11 වනදා ආරම්භ වේ.
මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 3000 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් පිරිනැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.
CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී, මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ” CBL සමාගම සැමවිටම ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වෙමින් අනාගතය වෙනුවෙන් දක්ෂතාවයන් සහිත දරු පරපුරක් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගමක්. ඒ සඳහා CBL සමාගමේ ආහාර අංශය සමපෝෂ වෙළඳ නාමය යටතේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යන අතර මෙය එහි තවත් එක් පුළුල් පියවරක්. එම පුළුල් වැඩසටහන් මාලාව යටතේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා අපි සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ක්‍රීඩාව හරහා පාසල් දරුවන්ට ලැබෙන අත්දැකීම් තුළින් ඔවුන්ගේ විනය, කණ්ඩායම් හැඟීම, ඉවසීම, නායකත්වය, පෞරුෂය යන ගුණාංග මනාව ප්‍රගුණ කිරීමට හැකියාව ලැබෙන බවට අපි විශ්වාස කරනවා.’’
මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ජී.ජී. අනුර වික්‍රම මහතා මෙසේ සඳහන් කළේය. ” පාසල් දරුවන්ගේ දක්ෂතාවයන් වැඩිදියුණු කරමින් ඔවුන්ගේ කායික හා මානසික සුවතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතාවයන් ජාතික තලය දක්වා ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය වසර 9ක් පුරාවටම ලබා දීමට CBL සමපෝෂ ලබා දෙන අතිමහත් වූ සහයෝගය අපි වඩාත් අගය කරනවා.”
බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල මෙහි සමාරම්භක ක්‍රීඩා උළෙල ලෙස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අගෝස්තු මස 11 වැනිදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන අතර බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) එල්.ඒ.ඩී. ධම්මිකා කුලතුංග මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය. ”පළාත් ක්‍රීඩා උළෙල තුළින් දරුවන්ගේ හැකියාවන්ට අමතරව ඔවුන්ගේ නායකත්වය, ඉවසීම, විනය වැනි ගුණාංග ප්‍රගුණ කිරීමට හැකියාව ලැබිලා තිබෙනවා. මෙවැනි ජාතික තලයේ ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීමට සමපෝෂ ලබා දෙන දායකත්වය ඉතා ප්‍රශංසනීයයි.”
ඌව පළාත් ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී අගෝස්තු මස 19 වැනිදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන අතර ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) තනුජා විජේකෝන් මහත්මිය ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ”බිම් මට්ටමේ සිට ජාතික තලයට එන්න උත්සාහ කරන දරුවන් ඉහළට ඔසවා තබන්න අපට අනුග්‍රහය දක්වලා මේ ක්‍රීඩා උළෙල පැහැදිලි සාර්ථකත්වයක් කරා ගෙනයන්න සමපෝෂ ලබා දෙන මේ දායකත්වය ඉතා වැදගත්.
දකුණු පළාත් ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස 19 වනදා සිට 22 වනදා දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද මහතා මෙසේ පැවසීය. ”දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මූලිකව සංවිධානය කරනු ලබන මෙම දකුණු පළාත් ක්‍රීඩා උළෙල සඳහා සමපෝෂ සන්නාමයක් වශයෙන් දරුවන්ගේ ක්‍රීඩා, අධ්‍යාපනය හා පෝෂණය ඉහළ නැංවීමට සිදු කරනු ලබන මෙම කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනා වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.”
උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ලබන අගෝස්තු මස 10 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) කේ.කේ.සී.ඩී පොරෝගම මහතා මෙසේ පැවසීය. ”අවුරුදු ගණනාවක් පුරා සමපෝෂ උතුරු මැද පළාතේ දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය ඔප්නංවන්න, ඔවුන්ට දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්න වගේම, ජාතික තලයට පා තබන්නට අවශ්‍ය වපසරිය සකස් කර දෙනවා. අග හිඟකම් ඉවසගෙන ක්‍රීඩාවට කැපවුණු මේ දරුවන් රැකගනිමින් ඔවුන්ට ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය පිළිබඳව මම ඉතාමත් අගය කොට සලකනවා.”
නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 03 වනදා සිට 07 වනදා දක්වා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) මොහොමඩ් අක්මාල් මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ”අවුරුදු ගණනාවකට පසු පාසල් ක්‍රීඩාව නගා සිටුවන්න නැගෙනහිර පළාතට පැමිණි පළමු අනුග්‍රාහකයා සමපෝෂ. මේ ක්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට විශාල සම්පතක්. දේශීය නිෂ්පාදනයක් රටේ දරුවන් වෙනුවෙන් මේ කරන සේවාව පිළිබඳව කියාගන්න බැරි සතුටක් තිබෙනවා.”
වයඹ පළාත් ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මස 02 වනදා සිට 06 වනදා දක්වා වෙන්නප්පුව අල්ෆට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන හා සෞඛ්‍ය)ජේ. එම් .ඩී වසන්ත කුමාර මහතා මෙසේ පැවසීය. ”පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව තාක්ෂනය මඟින් ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව වැඩි දුර දැනුවත් වෙන්න, ක්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩනගා ගන්න, ඒ වගේම එම අභිමානය හරහා මේ රටට කීර්තියක් ගෙනෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්න සමපෝෂ ලබා දෙන මේ ජාතික අත්වැල ප්‍රශංසනීයයි.”
සබරගමුව පළාත් ක්‍රීඩා උළෙල රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනයේදී ලබන සැප්තැම්බර් මස 02 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ඩී.ඒ.ඩී සුමිතා දෙල්ගොඩ ආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය. ”සබරගමුව පළාත නියෝජන කරමින් ඉහළ කුසලතා ඇති විශාල දරුවන් ප්‍රමාණයක් පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සහභාගීවනවා. ඉතා උසස් මට්ටමේ පළාත් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ශක්තිය වර්ධනය වන අතර ඒ සඳහා සමපෝෂ සන්නාමය විසින් ලබාදෙන සුවිශේෂී දායකත්වය ඉතාමත් අගය කරනවා.”
මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ සාමාන්‍යාධිකාරිණි (අලෙවි) සචී ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය. ”සමපෝෂ හරහා අපගේ වෑයම වන්නේ පෝෂණයෙන් පමණක් නොව ආත්ම විශ්වාසයක් සහිත සියලු හැකියාවන්ගේ වර්ධනයකින් යුත් දරු පරපුරක් බිහි කිරීමයි. ඒ අනුව ‘දිනන දරුවෝ’ තේමාව යටතේ සමපෝෂ අප මෙවැනි ක්‍රීඩා උළෙලවල් සංවිධානය කරමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමට දායක වීම ඉමහත් සතුටක්. ”