![CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ වයඹ පළාත් ශුරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් දිනාගනී](https://profitmagazine.lk/wp-content/uploads/2023/09/WhatsApp-Image-2023-08-19-at-08.24.31-1-770x470.jpeg)
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ වයඹ පළාත් ශුරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් දිනාගනී
CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි.
සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණය, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබාදෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට පවත්වනු ලබන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල විශේෂත්වයක් ගනී. 2015 වසරේදී උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් සමපෝෂ සවිබලය එක්කළ ‘ සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා ‘ මේ වන විට වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණ යන පළාත් 5 සඳහාම විහිදී ඇති අතර එමගින් පාසල් 650 ක දූ දරුවන් 18,000 කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවකාශය සැලසේ.
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් වයඹ පළාත් ක්‍රීඩා උළෙල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පසුගිය අගෝස්තු මස 15 වනදා සිට 18 දක්වා පැවැත්විණි.
![](https://profitmagazine.lk/wp-content/uploads/2023/09/WhatsApp-Image-2023-08-19-at-08.24.31-1024x682.jpeg)
මෙහිදී වයඹ පළාත් පාසල් ක්‍රීඩා ශූරතාවය වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබීය. එම තරගාවලියේ අනුශුරතාව කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.
මෙම සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන ක්‍රීඩා උළෙල වන ඌව පළාත් තරගාවලිය බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 1 වැනිදා සිට 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවියක් වීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා ශාරීරික සුවතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා දිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමයි.
2 Comments
This website is my breathing in, very good pattern and perfect subject matter.
It’s really a great and helpful piece of info. I’m glad that you shared this helpful information with us. Please keep us informed like this. Thanks for sharing.