BYDහි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ අවස්ථාව ද BYD පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම නව ප්‍රදර්ශනාගාරය මගින් ශ්‍රී ලංකාව පුරා වේගයෙන් වර්ධනය වන පරිසර හිතකාමී වාහන පිළිබඳව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන පාරිභෝගික ජනතාව සඳහා උසස් තත්ත්වයේ සහ තිරසාර ගමනාගමන විසඳුම් ලබා දීමට BYD සහ JKCG Auto හි දැඩි කැපවීම පෙන්නුම් කරයි.
N M I EV Solutions පුද්ගලික සමාගම සමඟ එක්ව විවෘත කරන ලද මෙම රත්නපුර නව BYD ප්‍රදර්ශනාගාරය බටුගෙදර, ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර සබරගමුව පළාතේ ජනතාවට BYD හි නව බලශක්ති වාහන පරාසය වෙත ප්‍රවේශ වීමට සහ ඒවා මිලදී ගැනීමට දැන් හැකියාව ඇත.
තවද මෙම ඒකාබද්ධ පහසුකම හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නවතම BYD වාහනය මිලදී ගැනීමට අමතරව නිසි වේලාවට අලුත්වැඩියා හා නඩත්තු සේවා සහ නියම වාහන අමතර කොටස් එකම ස්ථානයකින් පහසුවෙන් ලබා ගත හැකිය.
මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරයේ SHARK 6, SEALION 6, DOLPHIN, SEALION 5 සහ විවිධ විදුලි වාහන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid වාහන පරාසය ද සමන්විත වනු ඇත. එමෙන්ම BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නව බලශක්ති වාහන තාක්ෂණය පිළිබඳව නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයින් මෙහි සේවය කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “රත්නපුරයේදී විවෘත කරන ලද අපගේ හත්වන ප්‍රදර්ශනාගාරය මගින් ශ්‍රී ලංකාව පුරා අපගේ ව්‍යාප්තිය තවත් ශක්තිමත් කරන අතර සබරගමුව පළාතේ පාරිභෝගිකයින්ට වඩාත් හොඳ සේවයක් ලබා දීමට අපට උපකාරී වනවා. ශ්‍රී ලංකාවේ NEV යටිතල පහසුකම් පද්ධතිය අප අඛණ්ඩව සංවර්ධනය කරන අතරම මෙරට සෑම කලාපයකම සිටින ජනතාවට පරිසර හිතකාමී වාහන සැබෑ විසඳුමක් බවට පත් කිරීම අපගේ අරමුණයි. ඒවගේම අපි මෙහි ආරම්භ කිරීමට නියමිත සේවා සහ අමතර කොටස් පහසුකම අපගේ මෙම අරමුණ සපුරා ගැනීමට අපට උපකාරී වනු ඇති.” යනුවෙනි.
“රත්නපුරය පළාත් කිහිපයක් සම්බන්ධ කරන වැදගත් නගරයක් වන බැවින් එහි ජීවත්වන ජනතාවටත් සංචාරකයින්ටත් එය ප්‍රයෝජනවත් ප්‍රදේශයක්. දක්ෂ, පළපුරුදු වෘත්තිකයින් සහ අමතර කොටස් සඳහා පහසු ප්‍රවේශයක් සමඟින් පාරිභෝගිකයින්ටත් ඔවුන්ගේ විදුලි වාහනවලටත් උසස් තත්ත්වයේ සේවාවක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දෙන බව සහතික කිරීම අපගේ අරමුණයි.’’ යනුවෙන් රත්නපුර නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් N M I EV Solutions පුද්ගලික සමාගමේ සභාපති ඉන්දික රාජපක්ෂ මහතා සඳහන් කළේය.
BYD දැන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ක්‍රියාත්මක වේ. තවද මේ වන විට කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර. තංගල්ල, පුත්තලම සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විදුලි වාහන charge කිරීමේ මධ්‍යස්ථාන 21ක් BYD ස්ථාපනය කර ඇත.
දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රදර්ශනාගාර හතක් සහ සිය ප්‍රවේශය අනෙකුත් කලාපවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති BYD සහ JKCG Auto ශ්‍රී ලංකාව තුළ වඩාත් වේගයෙන් NEV වාහන භාවිතය දිරිගැන්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටී.BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රදර්ශනාගාර හතක් සහ සිය ප්‍රවේශය අනෙකුත් කලාපවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති BYD සහ JKCG Auto ශ්‍රී ලංකාව තුළ වඩාත් වේගයෙන් NEV වාහන භාවිතය දිරිගැන්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටී.