September 8, 2024
Brilliant Cuts සමාගම CNCI ලෝකඩ සම්මාන දිනයි
පුවත්

Brilliant Cuts සමාගම CNCI ලෝකඩ සම්මාන දිනයි

Nov 17, 2023

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ Achievers Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ හා කුසලතා සම්මානවලින් පිදුම් ලැබීය. ජාතික ආර්ථිකය නැංවීමට සුවිශේෂ දායකත්වයක් සපයන කර්මාන්තකරුවන් අගයන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා Brilliant Cuts සමාගම සතු නොසැළෙන කැපවීම මෙම සම්මානය ලැබීම තුළින් වඩාත් තහවුරු වී ඇත.

Brilliant Cuts සමාගම හරහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන වින්ධ්‍යා පෙරේරා මහත්මිය මීට පෙරද දේශීය සහ විදේශීය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. වසරේ ව්‍යවසායිකාව, වසරේ තරුණ ව්‍යවසායිකාව හා වසරේ කැපී පෙනෙන තරුණ ව්‍යවසායිකාවවැනි සම්මාන සහ NCE, CNCI සම්මාන රැසක් ඒ අතර වේ.

ආරම්භයේ පටන් පාරිභෝගික විශ්වාසය අඛණ්ඩ දිනා ගනිමින් ඉහළ සාර්ථකත්වයක් ළගා කර ගැනීමට Brilliant Cuts සමාගම සමත් වී ඇත. සිය ව්‍යාපාරය අන්තර්ජාතික වශයෙන්ද ව්‍යාප්ත කරමින් Brilliant Cuts සමාගම වර්තමානයේදී ඩුබායිහි මැණික් කපා ඔප දැමීමේ ආයතනයක් අරඹා ඇත. එමඟින් මැණික් කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා සැපයීමටද සමාගම කටයුතු කර තිබේ.

නවීන තාක්ෂණය හමුවේ අඛණ්ඩව වර්ධනය වන මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් කෙටි කාලයකින් දිනා ගැනීමට Brilliant Cuts සමාගමට හැකියාව ලැබී ඇත්තේ වින්ධ්‍යා පෙරේරා මහත්මියගේ ඉහළ කැපවීම සහ ශක්තිමත් නායකත්වය නිසාය. සිය නිෂ්පාදන හා සේවා නූතනත්වය සමග මුසු කරමින් කලාත්මකව සකසන Brilliant Cuts සමාගම මෙරට සාම්ප්‍රදායික මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීන් නඟා සිටුවීම සදහා විශාල දායකත්වයක් සපයා ඇත්තේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට නව ආරම්භයක් ගෙන දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *