October 26, 2025
Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති
පුවත්

Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති

Oct 8, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC)හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය ඉහළ නැංවීම ප්‍රමුඛ කර ගත් හවුල්කරිත්වයක කොටසකි. කෘෂිකාර්මික සහ පාරිසරික පුරුදු පිළිබඳ ඒකාබද්ධ පන්ති කාමර සැසි, Minasro Collegeහි 10 ශ්‍රේණියේ සිසුන් සමග අන්තර්ක්‍රියාකාරී හුවමාරු වැඩසටහන්, CGVCහි පළිබෝධ කළමනාකරණ විශේෂඥ කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක්, රටවල් දෙකේ සාම්ප්‍රදායික කලා, සංගීත සහ සංස්කෘතික  වැඩසටහන් ඇතුළු බොහෝ දෑ ඊට ඇතුළත් විය.

Minasro College නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ආචාර්ය මේජර් අනුර කන්නන්ගර සඳහන් කළේ එවැනි වැඩසටහන් ඉතා වැදගත් බවයි. “මෙය හුදෙක් අධ්‍යාපනික වැඩසටහනක් පමණක් නොවෙයි; ගෝලීය දැනුම, කුසලතා සහ සම්බන්ධතා සමග අපගේ සිසුන් බල ගන්වමින් දෙරට යා කරන පාලමක් ලෙස මෙය හැඳින්විය හැකියි.” CGVCහි උප සභාපති යුආන් ඩෙස්හි ශ්‍රී ලාංකික සිසුන්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ඔවුන්ගේ විනයගරුක බව විශේෂයෙන් අගය කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ගුරු හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ තුළින් ඉදිරියේදීත් Minasro College සමග එක් වී කටයුතු කරන බවයි. අධ්‍යාපනික රාජතාන්ත්‍රිකභාවයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙය ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනික ගුණාත්මකහාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය වෙනුවෙන් ලැබුණු ගෝලීය පිළිගැනීමක්ද වේ. පාරිසරික තිරසාරභාවය සඳහා වන කැපවීම පිළිබිඹු කරන රුක් රෝපණ වැඩසටහනක් සමග වැඩසටහන අවසන් විය. ග්‍රාමීය අධ්‍යාපනය තුළ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණෙන් ඇරැඹූ Minasro College ගෝලීය දැක්මක් සමග සිසුන්ට නවීන සහ ළමා හිතකාමී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් සපයයි. CGVC කෘෂිකර්මාන්තය, වන විද්‍යාව සහ පාරිසරික විද්‍යාව කේන්ද්‍ර කර ගත් ප්‍රයෝගික, වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනය දෙන චීනයේ ඉහළ පිළිගැනීමක් සහිත අධ්‍යාපන ආයතනයකි. මෙම මුලපිරීම එම ආයතන ද්විත්වය සඳහාම සුවිශේෂ අවස්ථාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close