March 24, 2026
Brandview Labels Lanka සමාගම විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි
පුවත්

Brandview Labels Lanka සමාගම විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන දිනයි

Apr 9, 2025

Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම ඇරැඹිණි. සමාගමේ නිර්මාතෘ Siemon Luviගේ ශක්තිමත් නායකත්වය යටතේ විවිධ අභියෝග ජය ගනිමින් සාර්ථකත්වය කරා පිය නැගීමට Brandview සමාගමට හැකි විය. Siemon Luvi රෙදිපිළි සහ ලේබල් කර්මාන්තයේ වසර 30කට වැඩි අත්දැකීම් සහිත අයෙකි. Brandview ක්ෂේත්‍රයේ හොඳම සමාගම බවට කිරීම සඳහා ඔහු කැපවීමෙන් කටයුතු කරයි. පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයමින් සමාගමේ සේවක සේවිකාවන්ගේ යහපත ප්‍රමුඛ කර සැළකීම ඔහු සතු සුවිශේෂ ගුණාංගයකි.

Brandview සමාගම වර්තමානයේදී සන්නාමකරණය, POS, ඇසුරුම්කරණය, ට්‍රැක් & ට්‍රේස්, සැපයුම්, උත්සව අවස්ථා කළමනාකරණය, සන්නිවේදන විසඳුම් සහ තවත් බොහෝ සේවා සහ නිෂ්පාදන සපයයි.Brandview සමාගම 2023දී ප්‍රධාන පෙළේ ජපාන සහ චීන සමාගම් සමඟ එක් වී 2026 වන විට මධ්‍යම යුරෝපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවට අනුමාන කෙරෙන ඩිජිටල් ප්‍රොඩක්ට් පාස්පෝට්වලට (DPP) අදාළ අවශ්‍යතා ඵලදායි ලෙස සැපිරීමට උපකාර වන පුළුල් මෘදුකාංග විසඳුම් නිෂ්පාදනය කරයි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සිය ප්‍රධාන කර්මාන්තශාලාවට අමතරව ඉන්දියාවේ නිෂ්පාදන පරිශ්‍රයක් ස්ථාපනය කිරීම ඔවුන්ගේ මීළඟ සැළැසුම වේ. පසුගිය වසර පහ තුළදී Brandview සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලාංකික කළමනාකරණ කණ්ඩායම සමඟ එක් වී දීර්ඝ කාලීන සැළැසුම් කෙරෙහි අවධානය යොමු කරන අතර කෙටි කාලීන සැළැසුම් සාර්ථක කර ගැනීමට කටයුතු කර ඇත. “ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22ක් නිසා දේශීය වෙළෙඳපොළට පමණක් නිෂ්පාදන සහ සේවා සැපයීම තිරසාර නොවේ. දීර්ඝකාලීන වර්ධනය ළඟා කර ගැනීමට නම් අප අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර කටයුතු පුළුල් කර ගෝලීය වෙළෙඳපොළ තුළ අපගේ පැවැත්ම තහවුරු කළ යුතුයි.” Siemon Luvi පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close