September 8, 2024
බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගම ජාතික කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි
පුවත්

බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගම ජාතික කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි

Dec 31, 2023

සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගම නවෝත්පාදන සහ සාමූහිකව කටයුතු කිරීමෙන් ළඟා කර ගත් සාර්ථක ගමනකට හිමිකම් කියයි. වර්තමානයේදී එම සමාගම සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග වැනි ක්ෂේත්‍රවලට අදාළ සියලු සේවා සපයන අතර නිමි ඇඳුම්, රථ වාහන, සෞඛ්‍ය, ආහාර පාන, ඖෂධ, විනෝදාත්මක සේවා, සැපයුම්, ගබඩා සහ ගුවන් සේවා වැනි කර්මාන්ත රැසක් හා සම්බන්ධ සමාගම්වලට සේවා සපයයි.

ෆ්ලෙක්සෝ ප්‍රින්ටින්, ස්ක්‍රීන් ප්‍රින්ටින්, තර්මල් ට්‍රාන්සර් ප්‍රින්ටින් සහ රොටරි ප්‍රින්ටින් වැනි මුද්‍රණ ශිල්පීය ක්‍රම භාවිතා කර ලේබල් සහ ඇසුරුම් උපාංග නිපදවන බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගම බංගලාදේශය, පාකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවලටද මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත. ප්‍රින්ටඩ් කෙයා ලේබල්, බාකෝඩ් ලේබල්, වූවන් ලේබල්, හීට් සීල් ලේබල්, ටැග් වර්ග, බෑන්ඩින් ටේප්, ගම් ටේප්, පොලි බෑග් සහ RFID තාක්ෂණය පදනම් කර ගත් නිපැයුම් සමාගමේ නිෂ්පාදන වපසරියට අයත් වේ. සමාගම සිය බංගලාදේශ මෙහෙයුම් හරහා සිපර්, රබර් ලේබල්, ලෝහ හා පොලියෙස්ටර් බොත්තම් සහ රබර් පැච් වැනි දෑ සපයයි. ඔවුන් විසින්ම සංවර්ධනය කරනු ලැබ ඇති පද්ධති භාවිත කර ඕනෑම ආකාරයක ලේබල් අවශ්‍යතා සැපිරීමට බ්‍රෑන්ඩ් වීව් ලේබල් සමාගමට හැකිය. සමාගමේ නිර්මාතෘ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී, ඇඟළුම් ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ලුවී සයිමන් මහතා මෙසේ පැවසීය. “අපි සේවකයන් කෙරෙහි විශ්වාසය තබන අතරම පාරිභෝගිකයන්ට වටිනාකමක් දෙනවා. මේ සාර්ථකත්වය පසුපස තිබෙන වැදගත්ම සාධකය වෙන්නේ යම් පුද්ගලයෙක්ට සාර්ථක වෙන්න ඇති ආශාව, පරාජය වෙන්න තිබෙන බියට වැඩිය විශාල වෙන්න ඕන කියන විශ්වාසයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *