ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා ජීවිතය දිනූ දිරිය දියණිය
මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth ණය යෝජනා ක්‍රමය මෙරට තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ තරුණියන් වෙත මූල්‍ය සහයෝගය ලබා දෙන ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය හරහා මේ වන විට තරුණ ව්‍යවසායකයින් 10,000කට අධික ප්‍රමාණයක් බල ගැන්වීමට ලංකා බැංකුව සමත් වී ඇති අතර, මූල්‍ය සහයෝගයට අමතර ව අදාළ ව්‍යාපාරය අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදේශනය ඇතුළු අවශ්‍ය ශක්තිය සහ රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි. පහතින් දැක්වෙන්නේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා සිය ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන ගිය තරුණියකගේ සාර්ථකත්වයේ කතාවයි.
” මම ඉසිරි ගලගම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාල වකවානුවේ තමයි මම මගේ ව්‍යාපාරය ආරම්භ කළේ. මගේ ව්‍යාපාරය වන ඔජිල් පෞද්ගලික සමාගම හරහා අද වන විට කොහු නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ දක්වා ගෙන යාමට මට හැකි වෙලා තිබෙනවා. කුඩා කාලයේ සිට ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන මම සිහින දැක්කා. ඒ වගේ ම මගේ උත්සාහය සහ කැපවීම මත ඒ සිහිනය අති සාර්ථක යථාර්ථයක් බවට පත් කර ගැනීමට මට හැකි වෙලා තිබෙනවා. උත්සාහය වගේ ම නිවැරදි දැක්මක් තිබෙනවා නම් ඕනෑ ම කෙනෙකුට ජයග්‍රහණය කිරීමට හැකි බව මම ඔප්පු කරල තිබෙනවා.” යනුවෙන් ගලගම මෙනවිය සිය සාර්ථකත්වයේ කතාව ආරම්භ කළා ය.
” මට BOC Youth ණය යෝජනා ක්‍රමය ගැන දැනගන්නට ලැබුණේ මගේ මිතුරෙකු හරහා යි. ඒ අනුව BOC Youth ණය මුදලක් ලබාගෙන, ඒ හරහා මගේ ව්‍යාපාරය අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීමට හැකි වීම ඇත්ත වශයෙන් ම මා ලැබූ විශාල ජයග්‍රහණයක්. ලංකා බැංකුව ණය මුදල ලබා දීමෙන් පමණක් මා අතහැර දැමුවේ නැහැ. අදාළ ණය මුදල නිසි අයුරින් කළමනාකරණය කරමින්, නිවැරදි ව ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ ව ලංකා බැංකුව නිරන්තරයෙන් උපදෙස් දුන්නා. කිසිඳු ආදායමක් නැති ශිෂ්‍යාවක් වුණු මට ණය මුදලක් ලබා දීමට ලංකා බැංකුව ගත් තීරණය සාර්ථක අනාගතයක් ගොඩ නංවා ගැනීමට මට මහත් ශක්තියක් වුණු බව පැවසිය යුතු ම යි. ඇත්තට ම ලංකා බැංකුවේ සහයෝගය මගේ ව්‍යාපාරික දිවියේ තීරණාත්මක කඩඉම වුණු බව පැවසුවොත් මා නිවැරදියි.” යනුවෙන් ගලගම මෙනවිය ලංකා බැංකුව වෙත සිය කෘතඥතාව පළ කළාය.
ගලගම මෙනවියගේ සාර්ථකත්වයේ කතාව, අභියෝග ජය ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කිරීම සඳහා දේශයේ තාරුණ්‍යයට ඉතා හොඳ ආදර්ශයක් සපයන අතර, එය තරුණ පරපුර බල ගැන්වීම සඳහා ලංකා බැංකුවේ කැපවීම මූර්තිමත් කරයි.
සාකච්ඡාව අවසන් කරමින් ගලගම මෙනවිය පැවසුවේ මෙවැනි අදහසකි. “තරුණ ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරනවා නම් යා යුතු නිවැරදි ම තැන ලංකා බැංකුවයි. අපගේ ව්‍යාපාරික අදහසට නිසි වටිනාකම ලබා දෙමින්, එය යථාර්ථයක් බවට පත් කිරීමට ලංකා බැංකුව නොමසුරු දායකත්වයක් ලබා දෙන බව පැවසිය යුතු ම යි. එම නිසා ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට අද ම ලංකා බැංකුව වෙත පිය නඟන්න කියා මම ඔබට ආරාධනය කරනවා.”