
ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය නිසා අද මම ශක්තිමත් ව්‍යවසායිකාවක්
ව්‍යවසායිකා සමාධි මල්ෂා
මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth ණය යෝජනා ක්‍රමය තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ තරුණියන් වෙත මූල්‍ය සහයෝගය ලබා දෙන ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමය හරහා මේ වන විට තරුණ ව්‍යවසායකයින් 10,000කට අධික ප්‍රමාණයක් බල ගැන්වීමට ලංකා බැංකුව සමත් වී ඇති අතර, මූල්‍ය සහයෝගයට අමතර ව අදාළ ව්‍යාපාරය අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදේශනය ඇතුළු අවශ්‍ය ශක්තිය සහ රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි. පහතින් දැක්වෙන්නේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා සිය ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන ගිය සමාධි මල්ෂා මෙනවියගේ සාර්ථකත්වයේ කතාවයි.
“මගේ ව්‍යාපාරයේ නම මාෂි ෆැෂන්ස්. කුඩා කාලෙ ඉඳල ම මම විසිතුරු අයිතම නිර්මාණය කිරීමට දක්ෂතාවක් දැක්වුවා. ඒ ගැන තිබුණු දැඩි කැමැත්ත නිසා ම මම විසිතුරු ආභරණ නිර්මාණය ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යාමට අදහස් කළා. අද වන විට මෙගේ විනෝදාංශය අති සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට මට හැකි වුණා. ඒ වගේ ම මගේ උත්සාහය, කැපවීම සහ නිවැරදි දැක්ම නිසා ම මට සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත් වීමට හැකියාව ලැබුණු බව පැවසිය යුතු ම යි.” යනුවෙන් මල්ෂා මෙනවිය අදහස් දැක්වීම ආරම්භ කළා ය.
මල්ෂා මහත්මියගේ සාර්ථකත්වයට ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය මඟින් ලැබුණු සහයෝගය පිළිබඳ ව ඇය සිහිපත් කළේ මේ අයුරිණි. “මට මගේ ව්‍යාපාරය පැවතුණු මට්ටමින් ඉහළට ගැනීම සඳහා BOC Youth ණය යෝජනා ක්‍රමය මඟින් ලැබුණු සහයෝගය කියා නිම කළ නො හැකියි. මගේ ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම ණය මුදල මට වඩාත් ප්‍රයෝජනවත් වුණා. ලංකා බැංකුව ණය මුදල ලබා දීමෙන් පමණක් මා අතහැර දැමුවේ නැහැ. අදාළ ණය මුදල නිසි අයුරින් කළමනාකරණය කරමින්, නිවැරදි ව ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ ව ලංකා බැංකුව නිරන්තරයෙන් උපදෙස් දුන්නා. ආරම්භක මට්ටමේ ව්‍යවසායිකාවක් වුණු මට ණය මුදලක් ලබා දීමට ලංකා බැංකුව ගත් තීරණය සාර්ථක අනාගතයක් ගොඩ නංවා ගැනීමට මට මහත් ශක්තියක් වුණු බව පැවසිය යුතු ම යි. ඇත්තට ම ලංකා බැංකුවේ සහයෝගය මගේ ව්‍යාපාරික දිවියේ තීරණාත්මක කඩ ඉම වූ බව පැවසුවොත් මා නිවැරදියි.”
“දැඩි කැපවීමෙන් සියලු ම අභියෝගය ආශීර්වාදයක් බවට පත් කර ගැනීමට මා කටයුතු කළ නිසා ම, වේගයෙන් දියුණු වන වෙළෙඳපොළ තුළ සාර්ථක ව මගේ මුද්‍රාව තැබීමට මට හැකි වුණා. එහි දී BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා මට යෝධ ශක්තියක් වුණු ලංකා බැංකුවට මගේ හද පිරි ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් මල්ෂා මෙනවිය සාකච්ඡාව අවසන් කරමින් පැවසුවා ය.
මල්ෂා මෙනවියගේ සාර්ථකත්වයේ කතාව, තරුණ පරපුර බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීම මූර්තිමත් කරන ඉතා හොඳ සාක්ෂියක් වන අතර, ඒ වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දී ඇති BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා මේ වන විට පන්නරය ලබා ඇති තරුණ ව්‍යවසායකයින් සංඛ්‍යාව දස දහස ඉක්මවයි. තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින තරුණ ඔබ ඒ සඳහා සහයෝගය ලබා ගැනීමට යා යුතු නිවැරදි ම තැන ලංකා බැංකුවයි. ඔබගේ ව්‍යාපාරික අදහසට නිසි වටිනාකම ලබා දෙමින්, එය යථාර්ථයක් බවට පත් කිරීමට ලංකා බැංකුව නො මසුරු දායකත්වයක් ලබා දෙන බව පැවසිය යුතු ම ය. එම නිසා ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට අද ම ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර සමඟ එක් වන ලෙස අපි ඔබට ආරාධනය කර සිටිමු.
3 Comments
IOS oyunlarında kazançlı iŞbirlikleri 🉠Slot Oyunlarında Büyük Kazançlar Sizi Bekliyor! FreeSpin ile Şansınızı Çevirin ve Yüksek Ödülleri Kazanın! https://www.kusadasiteksex.com/
“I agree with your points, very insightful!”
“Amazing post, keep up the good work!”