ලංකා බැංකුවේ කරාපිටිය ශාඛාව නව නිවහනකට
සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ කරාපිටිය ශාඛාව විවෘත කිරීම පසු ගිය දා විවෘත කෙරිණි. මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට මෙම විශේෂ අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. එස්. ඩී. අමරසේන, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් පියුමලී ලියනගේ, බොපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ලේකම් ලලිත් ගාමිණි, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, පළාත් පාලන කොමසාරිස් (දකුණු පළාත) එරන්දි උමංගා සහ කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ඩී. යූ. එම්. රංග යන මහත්ම මහත්මීහු ප්‍රධාන ලංකා බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.
කරාපිටිය ශාඛාව හරහා ඩිජිටල් බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී බැංකු සේවාවන් රැසක් ලබාගැනීමේ හැකියාව මෙහි දී ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත හිමි කර දී ඇත. එමෙන් ම ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන් ම සුවිශේෂී ණය පහසුකම් ද කරාපිටිය ශාඛාව මගින් ලබාගත හැකි වීම විශේෂිත ය. ඊට අමතර ව ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඩ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන් ම ප්‍රේෂණ සේවා පහසුකම් කරාපිටිය ශාඛාව මගින් ලබා ගත හැකි වේ.
ගනුදෙනුකරුවන් වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබා දීම සඳහා ම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන් ම SmartPay, Smart Online Banking, Mobile Banking (B App), E – Commerce සක්‍රීය Debit Card, BOC Connect (නියෝජිත බැංකු සේවාව), Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart Zone, BOC Digi (ඩිජිටල් ශාඛා), Smart Pass Book (විද්‍යුත් පාස් පොත), SmartGen ඩිජිටල් ගිණුම, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගත ව (Online) ලබාගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා ගනුදෙනුකාර භවතුන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.
වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින ලංකා බැංකුව, මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳ ම බැංකු 1000 අතරට නම් කෙරුණු එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021,2023 හා 2024 වසරවල ‘වසරේ බැංකු කරු’ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතර ව 2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.

