December 22, 2024
ලංකා බැංකුව ඉතිරි කිරීමේ පුරුද්දටමුල් තැනදෙමින් මෙවර ලෝක ළමා දිනය සමරයි
පුවත්

ලංකා බැංකුව ඉතිරි කිරීමේ පුරුද්දටමුල් තැනදෙමින් මෙවර ලෝක ළමා දිනය සමරයි

Oct 1, 2024

ඉතිරි කිරීම යනු වයස් සීමාවකින් තොර ව අප ඇති කර ගත යුතු පුරුද්දක් ලෙස හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වය අපට ඉතිරි කිරීමේ වැදගත් කම පිළිබඳ ව ඉතා හොඳින් අවබෝධයක් ලබා ගත හැකිය.  කුඩා දරුවන්ට මෙන් ම  වැඩිහිටියන්ට ද ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කර ගැනීම තුළින් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නංවා ගැනීමටත්,  අනාගතය සුරක්ෂිත කර ගනිමින්, ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් අත්‍යවශ්‍ය වන බව අප සියලු දෙනා වටහා ගත යුතුය.

කුඩා දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම, ඔවුන්ගේ ජීවිතයේ මුල්‍ය පරිපාලනය පිළිබඳ පළමු පාඩම ලෙස හැඳින්විය හැකිය. එමෙන් ම ඉතිරි කිරීම නමැති වටිනා පුරුද්ද මගින් විනය, ඉවසීම සහ මුදලේ වටිනාකම පිළිබඳ අවබෝධයක් දරුවන් තුළ ඇති කරයි. එමෙන් ම අධ්‍යාපනය සම්බන්ධ පිරිවැය දිගින් දිගටම ඉහළ යන වර්තමානයේ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා ද ඉතුරුම් උපකාරී වේ. කුඩා කල සිට ම දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම දීප්තිමත් අනාගතයකට මඟ පාදන අතර, ඉතිරි කිරීම නිසි අයුරින් කළමනාකරණය කිරීම තුළින් සුව පහසු අනාගත දිවියක් ගත කිරීමේ හැකියාව ලැබෙන බව ද පැවසිය යුතු ම කරුණකි.

ලෝක ළමා දිනය සමරන අද දිනයේ දී දිවයිනේ අංක 1 බැංකුව, ලංකා බැංකුව මෙරට දූ පුතුන් මෙන් ම ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දෙන ගිණුම් හා ඒ ආශ්‍රිත ප්‍රතිලාභ වෙත අවධානය යොමු කිරීම වැදගත් ය. ශ්‍රී ලාංකික  දූ දරුවන්ට ලංකා බැංකුව තිළිණ කරන BOC රන් කැකුළු Smart ළමා ඉතුරුම් ගිණුම දිවයිනේ ප්‍රචලිතම ළමා ඉතුරුම් ගිණුම ලෙස හඳුන්වා දිය හැකි අතර, BOC හරිත කැකුළු, BOC 14+ හා BOC 18+ යන ගිණුම් ද  ලංකා බැංකුව හඳුන්වා දෙන විශේෂිත ඉතුරුම් ගිණුම් වේ. BOC  රන් කැකුළු Smart ළමා ඉතුරුම් ගිණුම විශේෂයෙන් ම සකසන ලද ඩිජිටල් බැංකුකරණ පහසුකම්වලින් ද සමන්විත වේ. BOC රන් කැකුළු Smart ළමා ඉතිරි කිරීමේ ගිණුම සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා ඉහළ පොලියක් ලබා දෙන අතර, වයස අවුරුදු 18ට අඩු ඕනෑ ම ශ්‍රී ලාංකික දරුවෙක් වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට හෝ භාරකරුට  ඕනෑ ම ලංකා බැංකු ශාඛාවක් මඟින්  විවෘත කළ හැකිය.

 මේ පිළිබඳ ව වැඩි දුරටත් අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා සඳහන් කළේ, ” ‘ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව’  හෙට දිනයේ රටේ වගකීම භාර ගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් මෙන් ම දැයේ ප්‍රගමනය වෙනුවෙන් මහත් කැප කිරීම් සිදු කරමින්, වර්තමාන සහ අනාගත අභිවෘද්ධිය  වෙනුවෙන් කැප කිරීම් සිදු කළ ජ්‍යේෂ්ඨ  පුරවැසියන් වෙනුවෙන් ද ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. ඒ වගේ ම ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ලංකා බැංකුව දියත් කරන ‘පුංචි පිකාසෝ’ චිත්‍ර තරඟාවලිය මෙවරත් අපි සංවිධානය කරන බව සහ  ජයග්‍රාහකයින්ට ඉතා වටිනා ත්‍යාග ලබා දීමට අපි කටයුතු කරන බව පැවසිය යුතු ම යි. 2024 ඔක්තොම්බර් මස 30 වැනි දා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සමඟ එක් වන ලෙස මම මේ රටේ දූ දරුවන්ට සහ ගුරුභවතුන්ට ආරාධනය කිරීමට කැමතියි. ” යනුවෙනි.

මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලංකා බැංකුව නිර්මාණය කොට ඇති ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් මෙන් ම Debit කාඩ් පත් හා අන්තර්ජාල පහසුකම් යන සේවාවන්ට අමතරව, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා හඳුන්වා දෙන සුවිශේෂී ඉතුරුම් ගිණුම  ‘BOC Senior Citizen’ ලෙස හැඳින්විය හැකිය.

මේ අයුරින් මෙරට දූ දරුවන්ගේ අනාගතය සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාමික දිවිය පරිපූර්ණ  මෙන් ම අර්ථවත් කිරීම සඳහා ලංකා බැංකුව කටයුතු කරන බව අවධාරණය කළ යුතුමය. එමෙන් ම මෙරට මූල්‍ය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙන නව මූල්‍ය සේවාවන් මගින් මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වන බව ද සිහිපත් කළ යුතු ම කරුණකි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින සමාජ ආර්ථික අර්බුදකාරී තත්ත්වයට එක් විකල්ප විසඳුමක් ලෙස ජාතියක් ලෙස ඉතුරුම් පුරුද්ද වර්ධනය කර ගනිමින් සුවිශේෂී දායකත්වයක් ලබාදීම සඳහන් කළ හැකිය මුල් ළමා වියේ සිට ම ඉතුරුම් පුරුද්ද වර්ධනය කරගැනීම කර ගැනීම අතිශය වැදගත් වන අතර වයස්  සීමාවකින් තොරව කුඩා, තරුණ සහ වැඩිහිටි සියලු දෙනා වෙත සකසුරුවම්කම සඳහා මඟ පෙන්වීමට කටයුතු කිරීම, බැංකුවක් සතු සමාජ වගකීමකි. තවද අරමුණුවලින් ඔබ්බට ගොස් මෙම සමාජ වගකීම මැනවින් වටහා ගත් ලංකාවේ අංක එකේ ජාතික බැංකුව ලෙස ලංකා බැංකුව මූල්‍ය සාක්ෂරතාව වැනි විවිධ දැනුවත් කිරීමේ වැඩමුළු හරහා මෙන්ම සුවිශේෂී ආකර්ෂණීය ප්‍රතිලාභ සහිත විවිධ ඉතුරුම් නිමැවුම් මහජනතාව වෙත හඳුන්වා දීම මඟින්ද  ඔවුන්ගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය සඳහා සදහා කටයුතු කරනු ලැබේ.කුඩා දරුවන් තුළ ද ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම තුළින්  මුල්‍ය විනය, ඉවසීම මෙන්ම මූල්‍ය වටිනාකම් පිළිබඳව අවබෝධයක් ලැබෙන අතර එය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අභිවෘද්ධියට මෙන් ම සමස්ත රටෙහි ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් ද දායකත්වයක් ලබාදෙනු ඇත.ඉතුරුම් පුරුද්ද තුළින් උද්ධමනය හේතුවෙන් ඇතිවන ගැටලු සඳහා විසඳුමක් ලැබෙන අතර, තම විශ්‍රාම දිවිය නිසි අයුරින් සැලසුම් කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *