
‘Berry Much in Nuwara Eliya’අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී පැවැත්වේ
දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත් අවස්ථාව ලැබේ. නුවරඑලිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන එයට බෙරි තේමාව කර ගත් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන අවන්හලද ඇතුළත්ය. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්ප්බෙරි, බ්ලැක්බෙරි සහ ගූස්බෙරි ඇතුළු නුවරඑළියේ වගා කළ නැවුම් බෙරි යොදා ගෙන පිළියෙළ කරන ආහාර පාන රැසකින් සමන්විත මෙම පාවෙන අවන්හල සැණකෙළියේ ප්‍රධාන අංගය වේ.
දේශීයව වගා කරන බෙරි වර්ගවල නැවුම් බව සහ ප්‍රණීත රසය අත්විඳීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අවස්ථාව සැපැයීමේ අරමුණෙන් ‘Berry Much in Nuwara-Eliya’ සංවිධානය කර ඇත. ග්‍රෙගරි වැව උද්‍යානයේ පිහිටි අලෙවිසැල වෙත ගොස් බෙරි නිෂ්පාදන රස විඳීමටත්, විශේෂ වට්ටම් යටතේ මිල දී ගැනීමටත්, බෙරි තේමාව කර ගත් විනෝදාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමටත් හැකිය. #BerryMuchInNuwaraEliya යනුවෙන් hashtag එක යොදා ඉන්ස්ටග්‍රෑම්හි @berrymuch.lk පිටුව ටැග් කරන ඕනෑම අයෙකුට දිනපතා ත්‍යාග දිනා ගත හැකිය. Legends 96.6 FM ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදු කෙරේ. සැණකෙළිය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ එම නාලිකාව හරහා radio segments, shout-out, surprise giveaway, on-air challenges වැනි විශේෂාංග සංවිධානය කර තිබෙන අතර ශ්‍රාවකයන්ට ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ඇත. හානිකර රසායන සහ බැර ලෝහ අඩංගු නොවන බවට සහතික කර ඇති සියලුම බෙරි වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන එකම ශ්‍රී ලාංකික සමාගම Berry Much ය. එහි සෑම නිෂ්පාදනයක්ම නැවුම් බවින් සහ සුරක්ෂිත බවින් ඉහළය. මෙම ව්‍යාපෘතිය තුළින් දේශීයව වගා කරන බෙරි පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් සැපැයීමටත් අපේක්ෂා කෙරේ.