April 2, 2026
බයිරහා ෆාම්ස්, ශ්‍රී ලාංකේය කුකුඵ මස් අපනයනයේ පුරෝගාමියා බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

බයිරහා ෆාම්ස්, ශ්‍රී ලාංකේය කුකුඵ මස් අපනයනයේ පුරෝගාමියා බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

Apr 2, 2026

අපනයනකරුවන්ගේ හඬ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂි දායකත්වය මෙම සම්මානය තුලින් ඇගයීමට ලක් කර ඇත.

ශ්‍රී ලංකාවේ අපනයනකරුවනගේ විශිෂ්ටත්වය හා හැකියාව ඇගයීමට ලක් කරන මෙරට ප්‍රමුඛතම ජාතික මට්ටමේ සම්මාන උළෙලක් ලෙස NCE සම්මාන උළෙල සැලකේ. අපනයන වර්ධනය, වෙළෙඳපොල සහ නිෂ්පාදන සංවර්ධනය, අගය එකතු කිරීම, ගුණාත්මකභාවය සහ පාරිසරික කළමනාකරණ ක්‍රම, සන්නාමකරණය, නවෝත්පාදනය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙන්ම යහපාලන භාවිතයන් වැනි නිර්ණායක රැසක් පාදක කරගනිමින් මෙම සම්මානය ප්‍රදානය කරනු ලබයි.

2024 වසරට සාපේක්ෂව ගෙවුනු 2025 වසරේදී අගය එකතු කළ උසස් තත්වයේ නව නිෂ්පාදන හඳුන්වා දීමට බයිරහා ෆාම්ස් කටයුතු කරන ලදී. ඒ නිසාම 2025 වසරේදී අපනයන කෝටාව 25% කින් ඉහළ නංවා ගැනීමටද හැකිවූ අතර එම විශිෂ්ටත්වය පාදක කරගනිමින් NCE රන් සම්මානයෙන් පිදුම් ලැබීමට වරම් හිමිවිය. එසේම සියලු මෙහෙයුම් අදියරයන්හිදී ගුණාත්මකභාවය පිළිබඳ මනා පරීක්ෂාව සහ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කිරීම හේතුවෙන් බයිරහා නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඇත.

NCE සම්මානය පිළිබඳව අදහස් දැක්වූ බයිරහා ෆාම්ස් පී එල් සී හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි යාකුත් නලීම් මහතා “පරම්පරා ගණනාවක් පුරා ගුණාත්මකභාවයෙන් යුතු කුකුඵ මස් නිෂ්පාදන වෙළෙඳපොලට ඉදිරිපත් කරමින් දැයක් පෝෂණය කිරීමට බයිරහා කටයුතු කර තිබෙනවා. 2025 වසර තුල අප ලැබූ සාර්ථකත්වයේ සහතිකයක් ලෙස මෙම රන් සම්මානය පෙන්වා දිය හැකියි. පසුගිය කාලය තුළ අපනයනය ඉහළ නැංවීම, නිෂ්පාදනයන්හි අගය එකතු කිරීම සහ උසස් තත්වයේ නව නිෂ්පාදන හඳුන්වාදීම වැනි බෙහෝ දේ මෙම ජයග්‍රහණයට විශේෂ හේතුවක් වුනා. ඒ වගේම මෙම සම්මානය තුලින් අපගේ කණ්ඩායමේ කැපවීම සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉහළම ප්‍රමිතීන් අනුව කටයුතු කිරීම වැනි දේද මනාව ප්‍රදර්ශනය වෙනවා. තවදුරටත් අපගේ නිෂ්පාදනයන්හි අගය ඉහළ නැංවීමට මෙන්ම පර්යේෂණ හා සංවර්ධනයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

දශක 5කට අධික කාලයක් තිස්සේ මෙරට කුකුඵ මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු තරන බයිරහා ෆාම්ස් පී එල් සී, නිෂ්පාදන අපනයනය තුලින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට ද සුවිසල් දායකත්වයක් දක්වමින් සිටියි. ඔවුන් සතු ප්‍රතිපත්තිගරුක මෙහෙයුම් ක්‍රියාවලිය, ස්ථාවර ගුණාත්මක ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවතින ශක්තිමත් හවුල්කාරිත්වය හේතුවෙන් ජාතික ආර්ථිකයේ වර්ධනයට සුවිශේෂි දායකත්වයක් ලබාදීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමාගමට හැකි වී ඇත.

1975 වසරේදී ආරම්භ කරනු ලැබූ බයිරහා ෆාම්ස් පී එල් සී අද වන විට ශ්‍රී ලංකාවේ කුකුඵ මස් කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ සිය විශිෂ්ටත්වයේ 50 වැනි සංවත්සරයද සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකාව පුරා විහිදුනු මධ්‍යස්ථාන 17ක් තුලින් බ්‍රොයිලර් කුකුළන් අභිජනනය කිරීමේ සිට කුකුඵ මස් නිෂ්පාදනය හා බෙදාහැරීම දක්වා සියලුම මෙහෙයුම් කළමනාකරණය කරනු ලබන බයිරහා ෆාම්ස් මේවනවිට FSSC 22000 වැනි ජාත්‍යන්තරව පිළිගත් තත්ව සහතිකයන්ගෙන් පිදුම් ලබා ඇත. වැඩි විස්තර සඳහා www.bairaha.com වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close