සුවිශේෂී ශ්‍රී ලාංකේය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 3i Show with Stefan de Alwis 2025 – 26 ආසියාවේ Best Emerging Podcast සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ මෙම පිළිගැනීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය මෙන්ම ආසියාවේ නායකත්වය ප්‍රදර්ශනය කිරීමටද සමත් විය.
ආසියාවේ අංක 1 සන්නාම හා නායකත්ව සම්මාන වැඩසටහන ලෙස පිළිගැනීමට ලක්ව ඇති ආසියානු සම්මාන වේදිකාව Times of London හි online මාධ්‍ය සහකරු ලෙස එක් වෙමින් ඒ සමඟ ලෝක පර්යේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධව කටයුතු කරයි. ආසියානු කලාපය පුරා මාධ්‍ය, නායකත්වය හා නවෝත්පාදන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය වැඩසටහනක් සම්මාන හිමි කර ගැනීම තුලින් ප්‍රකට වන්නේ ශ්‍රී ලාංකේය මාධ්‍ය අවකාශය ජාත්‍යන්තර තත්වයෙන් යුතුව වර්ධනය වෙමින් පවතින බවයි.
මෙම සුවිශේෂී සම්මානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ The 3i Show හි නිර්මාතෘ ස්ටෙෆන් ද අල්විස් සඳහන් කර සිටියේ “ආසියාවේ හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන දිනා ගැනීමට ලැබීම The 3i Show සඳහා පමණක් නොව ආසියාවේ නායකත්වය, සන්නාමකරණය සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුල ශ්‍රී ලංකාවේ දියුණුව ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ගෝලීය වශයෙන් දිනෙන් දින වර්ධනය වන මෙම සම්මාන වේදිකාව දේශීය හා ගෝලීය වශයෙන් අපගේ හැකියාවන් ඉහළ නැංවීමට, ඒ ඒ රටවල් සමඟ සංවාද ගොඩනගා ගැනීමට මෙන්ම නිර්මාණාත්මක අදහස් තුලින් ආසියානු නායකත්වයේ පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට හේතු වනවා.” යනුවෙනි.
වැඩසටහනෙහි නම සහ දැක්ම නිර්වචනය කරනු ලබන බලපෑම, පාලනය හා ආශ්වාදය යන තේමාවන් කේන්ද්‍රකොට ගත් අරමුණු මත පදනම් වූ වැඩසටහනක් ලෙස 3i Show මෙහිදී හඳුනා ගන්නා ලදී. සිය ග්‍රාහකයින් වෙත හොඳම දේ ලැබෙන බවට විශ්වාසය තහවුරු කරන ඒ තුලින් ශක්තිමත් ඩිජිටල් හා සමාජ තත්වය සමඟින් ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින්, නිර්මාණකරුවන් සහ වෙනස් කරන්නන් සමඟ ඍජු සංවාද මෙහෙයවීමටත් ඔවුන්ගේ අදහස්, අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමටත් කටයුතු කරයි.
නිරන්තරයෙන් ප්‍රේක්ෂක කුතුහලය අවුස්සමින්, ඔවුන් දිරිමත් කරමින් මානසික ශක්තිය ඉහළ නංවමින් වැඩසටහන ඉදිරියට ගෙන යනු ලබන The 3i Show ඕනෑම කෙනෙකුට ඉගෙනීමට, දියුණුවට මෙන්ම සියලු දේ සාර්ථකව කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ප්‍රේක්ෂක ජීවිතයට මෙන්ම සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇති මෙම වැඩසටහන අර්ථවත් සංවාදයන් හරහා විචාරශීලී ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කිරීමට ද කටයුතු කර ඇත.
ස්ටෙෆන් ද අල්විස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍ය විශිෂ්ටයෙක් මෙන්ම උපයමාර්ගික ව්‍යාපාරික නායකයෙකි. ව්‍යවසායකත්වය, මූල්‍ය, ඩිජිටල් පරිවර්තන සහ මාධ්‍ය යන අංශයන් හා සම්බන්ධ පසුබිමක් සහිත ඔහු එක්සත් රාජධානියේ ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් සහ එක්සත් රාජධානියේ Bedfordshire විශ්වවිද්‍යාලයේ මූල්‍යකරණය පිළිබඳ MBA උපාධියකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පරිවර්තන ආයතනයක් වන Digital 365 Holdings පුද්. සමාගමේ සහ විවිධාංගීකරණ සමූහ ව්‍යාපාරයක් වන Hands International සමූහයේ නායකත්ව භූමිකාවක් හොබවන ස්ටෙෆන්, ගෝලීය සංවිධාන සහ Fortune 500 සමාගම් නියෝජනය කරමින් ආයෝජන සහ පුද්ගලික කොටස් අංශයන්හි උපදේශන කටයුතු ද සිදු කරයි. එමෙන්ම ඔහු Manipal සමූහය සහ Far East Hospitality වැනි ජාත්‍යන්තරව පිළිගත් සන්නාමයන් සමඟ සහයෝගීතාවන් ගොඩනගා ගැනීමටද කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇති ස්ටෙෆාන් මෙම සම්මානනීය podcast ආකෘතිය තුලින් ප්‍රේක්ෂකයා අතර විශ්වාසය සහ සුපැහැදිලි බව නිර්මාණය කිරීම සඳහා සිය හඬ පෞරුෂය භාවිත කරනු ලැබුවේ ඒ තුලින් ඉහළ ආකර්ෂණයක් හිමි කර ගනිමිනි. අධ්‍යාපනයේ වැදගත් බව පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ඔහු අල්විස් පදනම හරහා සමාජ සත්කාරක කාර්යයන් සිදු කිරීමද විශේෂත්වයකි. සිය පවුල විසින් නිර්මාණය කර ඇති පෙර පාසලක් තුලින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමටත් සුදුසුකම් සහිත සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ලබා දීමටත් කටයුතු කර ඇත.
මෙම ගෞරවණීය පිළිගැනීමත් සමඟ ආසියාවේ වේගයෙන් නැගී එන වැඩසටහනක් බවට 3i Show පත් වනු ඇත්තේ ස්ටෙෆාන් ද අල්විස් ආසියාවේ මාධ්‍ය නායකත්වයේ ගෝලීය හඬක් බවට පත් කරමිනි.
podcast නැරඹිය හැකි සබැඳි
YouTube – https://youtube.com/@the3ishow
Instagram – https://www.instagram.com/the3i.show/
Linkedin – https://www.linkedin.com/showcase/the3ishow/-
Facebook – https://www.facebook.com/The3ishow
Twitter – https://x.com/stefandealwis?s=21
TikTok – https://www.tiktok.com/@the3i.show?_r=1&_t=ZS-9285tfUZaVR

