April 24, 2025
NUCARS 2025ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ANCEducation මෙවර සත්කාරකත්වය දක්වයි
පුවත්

NUCARS 2025ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ANCEducation මෙවර සත්කාරකත්වය දක්වයි

Apr 23, 2025

වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive Retail Simulation – NUCARS) 2025 වසරට අදාළ සත්කාරකත්වය දැක්වීමට ANC ආයතනයට අවස්ථාව හිමි විය. එය ශ්‍රී ලාංකීය අධ්‍යාපන විශිෂ්ටත්වය සහ ගෝලීය සම්බන්ධතා පිළිබඳ සුවිශේෂ සන්ධිස්ථානයකි. ANC ආයතනයේ සිසුන් 22ක් NUCARS 2025 වැඩමුළුවට සහභාගී වූ අතර ඔවුන්ට රටවල් රැසක් නියෝජනය කරන සිසුන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබිණි. මේ තුළින් ගෝලීය ප්‍රමිතිවලට අනුව ජාත්‍යන්තර වේදිකාවල විශ්වාසයෙන් යුතුව සිය දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට හැකි සිසු පිරිසක් බිහි කිරීම සඳහා ANC ආයතනය සතු හැකියාව ඉතා හොඳින් පිළිබිඹු විය.

NUCARS 2025 වසරට අදාළ වැඩමුළුව අප්‍රේල් 07 සිට 11 දක්වා ANC Education ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව වැනි රටවල් රැසක් නියෝජනය කරන සිසුහු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වූහ. අන්තර්ජාතික සහයෝගීතාව, ව්‍යාපාර ඉගැනීම, සංස්කෘතික හුවමාරුව වැනි බොහෝ දෑ පිළිබඳව NUCARS 2025 වැඩමුළුවේදී අවධානය යොමු විය. නිරන්තරයෙන් වෙනස් වන මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රය සහ ඊට අදාළ උපාය මාර්ග පිළිබඳව දැනුම ලැබීමට සිසුන්ට සහාය වන NUCARS 2025 අන්තර්ජාලය පදනම් කර ගත් ජාත්‍යන්තර උපාය මාර්ග වේදිකාවකි.

ක්‍රියාකාරී ඉගැනුම් උපාංගයක් ලෙස සංවර්ධනය කර ඇති එය ව්‍යාපාර අවස්ථා සමඟ සම්බන්ධ වෙමින් නිෂ්පාදන සංවර්ධනය, මෙහෙයුම්, මූල්‍ය සහ අලෙවිකරණය වැනි අංශවලට අදාළ ප්‍රයෝගික දැනුම ලැබීමට අවස්ථාව සළසයි. NUCARS 2025 වැඩමුළුව අතරතුර විවිධ රටවල් නියෝජනය කරන කණ්ඩායම් සමඟ කටයුතු කරමින් වෙළෙඳපොළ තත්ත්ව විශ්ලේෂණය කිරීමටත්, එකිනෙකට වෙනස් වෙළෙඳපොළට ආවේණික උපාය මාර්ග සැළැසුම් කිරීමටත් සිසුන්ට අවස්ථාව ලැබිණි. මෙම වැඩමුළුවේදී වර්තමාන අන්තර් සම්බන්ධිත ව්‍යාපාර ලෝකයේ දියුණුවට අත්‍යවශ්‍ය ගුණාංග වන සාමූහිකත්වය, බහු සංස්කෘතික අවබෝධය, සමාජ කුසලතා පිළිබඳව ඉහළ අවධානයක් යොමු විය.

කැලිෆෝනියාවේ ටොරන්ස්හි ටොයොටා මෝටර් සේල්ස් ආයතනය විසින් අරඹන ලද NUCARS වැඩමුළුව, ආරම්භයේදී එම සමාගමේ කළමනාකරණ අභ්‍යාසලාභීන් සහ අලෙවි නියෝජිත කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට භාවිත කර තිබේ. එය 1990 දශකයේ මුල් භාගයේදී නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ සිසුන්ට හඳුන්වා දීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත විය. එවකට ICARS ලෙස හැඳින්වුණු පළමු ජාත්‍යන්තර NUCARS වැඩමුළුව 1997දී ජර්මනියේ Geislingen හිදී පැවැත්විණි. උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව වැනි කළාප රැසකට අයත් විශ්ව විද්‍යාල මීට පෙර පැවති NUCARS වැඩමුළුවලට අනුග්‍රහය දක්වා ඇත. එය  එකිනෙකට වෙනස් රටවල පැවැත්වීම තුළින් සිසුන්ට වෙනස් සංස්කෘති පිළිබඳව අවබෝධයක් සැපැයීමට අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close