
“ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂි කර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි”
ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය
රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ?
මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය හා සංවර්ධනයට ඉඩම් අයිතිය ලබා දීමෙන් මේ රජය තියලා තියෙන්නේ මූලික අඩිතාලමක්. 1977 න් පස්සේ වෙළෙඳපොළ මූලික වූ ආර්ථිකයක් කිව්වට වෙළෙඳපොළ ආර්ථිකයක මූලිකම පදනම පුද්ගලික දේපළ ක්‍රමය. හැබැයි අපේ රටේ ඉඩම් වලින් සියයට 70 ක් අයිති රජයට. ඉඩමට නිසි අයිතියක් නැතිකම ඉඩමේ අයිතිකරුට එය ඵලදායීව භාවිතා කිරීමට බාධාවක්. ඉඩමේ අයිතිකරු කෘෂිකර්මයට කැමති නැති කෙනෙක් නම් කැමති කෙනෙකුට ඉඩම විකිණීමට පුළුවන්. මේ විදිහට ඉඩම් අයිතිය ලබාදීම කෘෂිකර්මාන්තය සංවර්ධනයට වගේම රටේ සංවර්ධනයටත් වැදගත්. හේතුව තමයි අපේ රටේ කාර්මීකරණය වෙලා තියෙන්නේ ඉතා අඩුවෙන්. අපනයනය මූලික වූ කාර්මීකරණය අඩුවීම ඩොලර් හිඟයට ප්‍රධාන හේතුවක්. අපනයනය පදනම් කරගත් කාර්මීකරණයක් රටේ අනිවාර්යයෙන් ඇති වෙන්න ඕනේ. එසේ නොමැතිව මේ අපි මුහුණ දීලා තිබෙන ඩොලර් අර්බුදයෙන් අපිට ගැළවෙන්න බෑ. ඒ කාර්මීකරණය වෙද්දි විදේශ ආයෝජන රටට අවශ්‍ය වෙනවා. තායිලන්තය වගේ රටවල්වල කාලයක් තිබුණා දවසකට එක ජපන් කොම්පැනියක් එනවා. ඒ වගේ සමාගම් ලංකාවට එද්දි බාධා ගොඩක් තියෙනවා ඉන් එකක් මේ ඉඩමක් ලබා ගැනීම. අපේ ආයෝජන මණ්ඩලය වුණත් කියලා තිබෙනවා ඒ ඉඩම් ලබාගැනීම විශාල ගැටලුවක් බව. මේ හින්දා වෙළෙඳපොළ ආර්ථිකය එක්ක පුද්ගලික දේපළ ක්‍රමය ස්ථාපිත කරන එක රජයේ වගකීමක්. දේපළ ක්‍රමය ස්ථාපිත කරනවා කියන්නේ ඉඩම්වලට විතරක් නෙමෙයි. රටේ වෙන සෑම ආර්ථික ක්‍රියාවකටම පුද්ගලික දේපළ අයිතියක් තියෙන්න ඕනේ. එතකොට තමන් කරන දේ ප්‍රතිඵල බයක් සැකක් නැතුව තමන්ට ගන්න පුළුවන්. ලෝකේ රටවල දේපළ විවිධයි. නෝර්වේවල ඉඩමක වැවෙන හතු ඕනෑම කෙනෙකුට නෙළාගන්න පුළුවන්. හැබැයි දැන් අපේ කුඹුරේ වී ඕනෑම කෙනෙකුට අස්වැන්න නෙළා ගන්න පුළුවන් වුණොත් කවුරුත් වී වගා කරන්නෙ නැති වෙයි. ඒ වගේ දේපළ නිශ්චිත අයිතිය තිබෙනකොට තමයි ආර්ථික ක්‍රියාකාරකම් ඇති වෙන්නේ. තවත් විස්තර කළොත් මා ඕ සේතුං ගේ කාලයේ චීනයේ සමාජවාදී ආණ්ඩුවක් තිබුණ කාලයේ සමූහ ගොවිපළ තිබුණේ. කියුබාවේ වගේ සමාජවාදී රටවල්වලත් එහෙමයි. හැබැයි චීනයේ 1978 න් පස්සේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකදි පළමුව කළේ එක් ප්‍රාන්තයක් අරගෙන පර්යේෂණයක් ලෙස ඉඩම්වල අයිතිය දුන්නා ගොවීන්ට. ඒ අයිතිය දුන්නාට පස්සේ ඒ ප්‍රාන්තයේ කෘෂිකාර්මික ආදායම වසරක් දෙකක් ඇතුළත ඉතා ඉහළව වැඩි වුණා. ඊට පස්සේ තමයි චීනය ක්‍රමානුකූලව පුද්ගලික දේපළ ක්‍රමය ඇති කරලා වෙළෙඳපොළ ආර්ථිකයකට ගියේ. ඔන්න ඔය ආර්ථික විද්‍යාවේ මූලික මූලධර්මය අනුව ඉඩමේ අයිතිය ඒ ඉඩම වගා කරගෙන ඉන්න ගොවියාට දෙන එක ආර්ථිකයේ වර්ධනයට හා කෘෂිකර්මයේ දියුණුවට අදාළ වෙන දෙයක්ග හැබැයි අයිතිය දීමෙන් පමණක් ගන්න පුළුවන් ප්‍රතිලාභ අඩුයි. මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕනේ.
රටක් විදියට ප්‍රායෝගික වන්නේ වානිජ කෘෂිකර්මයට යොමු වීමද එහෙම නැත්නම් කුඩා ප්‍රමාණයේ ගොවිතැන් ප්‍රවර්ධනය කිරීමද ?
ඇත්ත වශයෙන්ම රටක කෘෂිකර්මය දියුණු කරන්න නම් වාණිජ කෘෂිකර්මාන්තයට යන්න ඕනේ. මොකද කුඩා කෘෂිකර්මාන්තයට ගැටලු ගොඩක් තියෙනවා. වතු වගාව හා කුළු බඩු වගාව අතහැරලා වී, බඩ ඉරිගු, එළවලු හා අනෙක් බෝග වලට අපි කියනවා ආහාර බෝග කියා. ඒ වගා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ට විශාල බාධාවක් තමයි මේ කුඩා ඉඩම්. කාලයත් එක්ක ඉඩම් බෙදී ගිහිල්ලා ඉඩම් කුඩා වෙලා (land fragmentation) මේ ඉඩම් වල ආහාර භෝග අංශයේ දායකත්වය ගැන කාරණා දෙකක් බලන්න ඕනේ. එකක් අඩු වියදමකින් රටට අවශ්‍ය ආහාර සපයන්නට සමත් වෙන්න ඕනේ. දෙවෙනි කාරණය ආහාර භෝග අංශයේ යෙදිලා ඉන්න ගොවීන්ට හොඳ ආදායමක් ලැබෙන්න ඕනේ. මේ නිර්නායක දෙකෙන් කෘෂිකර්මාන්තයේ දියුණුව ඇගයීමකට ලක් කරන්න පුළුවන්ග හැබැයි 2019 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ගෘහාශ්‍රිත ආහාර වියදම් සමීක්ෂණ දත්ත වලට අනුව අපේ රටේ පවුලක ආදායමෙන් සියයට 35 ක් විතර යනවා ආහාරවලට. මේ ප්‍රමාණ දැන් තව වැඩිවෙලාත් ඇති. ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව වගේ රටවල් වල මේක සියයට 10 ට වඩා අඩුයි. ආසියාවේ සමහර රටවල මේ ගණන් ඊට වැඩි වුණාට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4000 ට ගිය රටක් හැටියට මෙච්චර ප්‍රතිශතයක් ආහාරවලට වියදම් වීම අපේ ආහාර ලාභ නැහැ කියන එක පෙන්නුම් කරනවා. ආහාරවලට සියයට 35 ක් වියදම් කරන රටක් ඉතා සුළු මුදලක් තමයි ළමයින්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍ය, ගෙවල් හදන්න ඉතිරි වෙන්නේ. සංවර්ධනය වෙලා රටක් ඉදිරියට යද්දී ආහාර වලට යන වියදම් අඩු වෙන්න ඕනෑ. ඇමෙරිකාව වගේ නම් සියයට 7 ක් 8 ක් වගේ වියදම් කරන්නෙ. එතකොට සියයට 93 ක් වගේ තියෙනවා තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනයට, නිවාසවලට, රට සවාරි යන්න, අනාගත ආයෝජනවලට, බෙහෙත් හේත්වලට, ප්‍රවාහනයට , බදුගෙවන්න වගේ දේට. මේ හින්දා සංවර්ධනයේදී ආහාර වලට යන වියදම් අඩු වෙන්න ඕනෙ. හැබැයි අපේ රටේ සාමාන්‍ය උද්ධමනයට ඉහළින් ආහාර උද්ධමනය තියෙන්නේ . ඒ කියන්නේ අපේ රටේ ජනතාව ට අඩු මිලකට ආහාර සපයන්න ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය අසමත්. අපි ඉන්නේ පසුබෑමක. ඒ වගේම ගොවි පවුල්වලටත් සාධාරණ ආදායම් ලැබෙන්නේ නැහැ. අපි හැමදාම පත්තරේ දකින්නේ ප්‍රමාණවත් ආදායම් නෑ කියන ගොවියන්ගේ මැසිවිළි. අස්වැන්න නෙළන කාලෙට එළවළු හා වී මිල පහත වැටෙනවා. අනිත් අංශවල ඉන්න අයට වඩා ගොවීන්ගේ ආදායම් අඩුයි. අනික ගොවිතැන කියන්නේ විශාල අවදානමක් හා අඩමානයක් තිබෙන දෙයක්. ගං වතුර , වියලි කාල , කෘමි හා ලෙඩරෝග වගේ හැමදේකින්ම ආදායම් අඩු වෙන්න පුළුවන්. අපි මේ ක්ෂේත්‍රය ප්‍රශස්ත මට්ටමක ප්‍රතිඵල ලබා නෑ. ඒ නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රය විශාල පරිවර්තනයක් කරගැනීමට අවශ්‍යයයි. කුඩා පරිමාණ ගොවිපළ වාණිජ වගා වෙත යොමුවීම කෙරෙන්න ඕනේ. යම්කිසි පරිමාණයකට වගා කරන වාණිජ වගාවලට ගොවීන් යොමු නොකර ඔවුන්ගේ ආදායම ඉහළ නංවන්න බෑ.
දළ දේශීය නිශ්පාදිතයේ කෘෂිකාර්මික පංගුව වැඩි කරගන්න කරන්න ඕනේ නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් මොනවාද ?
කුඩා ගොවිපල තියෙනකොට අපේ කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ගොවීන් තාක්ෂණය භාවිතා කරන්න පෙළඹීම අඩුයි වගේම නිශ්පාදකභාවය අඩුයි. විශ්වවිද්‍යාලවල උගන්වන තාක්ෂණය හා ගොවීන් පාවිච්චි කරන තාක්ෂණය අතර ලොකු පරතරයක් තියෙනවා. අනෙක අපේ අස්වැන්න සියයට 30 ක් විතර පසු අස්වනු හානියක් වෙනවා. ගොවිතැන කාර්මීකරණය වෙලා තිබෙන්නේ අවම මට්ටමකින්. මේ හේතු නිසා ගොවි පවුලක ආදායම අඩු වෙලා තියෙනවා. ආදායම් අඩු වීම තුළ තරුණ අය කෘෂිකර්ම ක්ශ්‍රේත්‍රයෙන් ඈත් වෙලා තියෙනවා. මව්පියන් තමන්ගේ ළමයින් ත්‍රී රෝද රථ එළවන්න මාපියන් යොමු කරලා. සමාජයේ ගොවියා ට පිළිගැනීම අඩු වෙලා. ගොවියෙක් කිව්වාම අමුඩයක් ගහගෙන උදැල්ල කරේ තියාගෙන යන ප්‍රතිරූපයක් තියෙන්නේ. ඒ කියන්නේ බොහොම දුප්පත් මට්ටමක ඉන්න කෙනෙකුගේ සමාජ ප්‍රතිරූපයක් හැදිලා. ගොවියාගෙ සමාජ තත්වය පහළ කියන ප්‍රතිරූපයක් හැදිලා නිසා අර ත්‍රී රෝද රථයක් පදවන තරුණයාට තරම්වත් සමාජ පිළිගැනීම නැති වෙලා. ඒක වෙලා තියෙන්නේ ආදායම අඩු වීම. අපි තමන්ගේ වාහනයකින් ගමන් බිමන් යන රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා කරන අයට වඩා ආදායම් ලබන ස්මාර්ට් ගොවියෙක්ව අපි හදන්න ඕනේ. එහෙම නොකර හිටියොත් කවුරුත් කෘෂිකර්මයේ නියැලිලා ඉන්නේ නැහැ වගේම මඩ හෝදලා ගත්තම ගොවියෝ රජකමට සුදුසුයි කියමින් සිටියාට ඒක හරියන්නේ නෑ. සරිළන ආදායම් හා සමාජ තත්වය ගොවියාට ලැබෙන්න ඕනේ. කුඩා ගොවිපළ සරිලන ආදායමක් ගන්න බෑ. රටේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායම ගන්න වී වගාව විතරක් කරන ගොවියෙක් නම් හෙක්ටයාර 18 ක් වවන්නන්ට ඕනෑ. ගොවි පවුලකට ඒක පුද්ගල ආදායමෙන් අඩක් ලැබීමට මාසයට දෙලක්ෂ පනස් දහසක්වත් ලැබෙන්නේ ඕනේ. අක්කර කාලෙන් බාගෙන් නම් මේක කොහොමත් කරන්න බෑ. වැඩි ඵලදායීතාවයක් ගන්න නම් පූර්ණ කාලීන ගොවියෙක් වෙන්න ඕනේග පූර්ණ කාලීන ගොවියෙක් නම් ඉඩම විශාල වෙන්නෙ ඕනේ. බඩඉරිඟු ගත්තොත් හෙක්ටයාර 18 ක් වත් වවන්න ඕනේ ජාතික ආදායමට සමාන ආදායමක් ගන්න නම්. එතකොට ගොවීන්ට රටේ අනිත් අයට වගේ ආදායම් ගන්න නම් ඉඩම් ඒකාබද්ධ කිරීමක් සිදුකරන්න ඕනෑ. ඉඩම් ඒකාබද්ධ කිරීම හරහා නිශ්පාදනය අඩුවීම, තාක්ෂණය භාවිතා නොකිරීම, කාර්මීකරණය නොවීම වගේ ගැටලුවලට විසඳුම් ලැබෙනවා.
දැන් ලංකාව වගේ රටක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කියන නිශ්පාදන සාධක 4 ම වර්ධනය වීමක් නෑ. විශේෂයෙන්ම ලංකාවේ භූමිය කියන දේ ලොකු හිඟකමක් තියෙනවා. එතකොට ඔබ කියන පරිමාණය විශාල කිරීම ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඉඩම් කොහොමද වර්ධනය කරන්නේ ?
කෘෂිකර්මාන්තය කියන්නේ ආර්ථිකයේ පැත්තක තියෙන තනි අංශයක් නෙමෙයි. ආර්ථිකයේ කර්මාන්ත සේවා අංශ සමඟ අපේ ශ්‍රම බලකාය භාවිතා කරන අංශයක්. රටක් දියුණු වෙනකොට කෘෂිකර්මාන්තයේ මුල් කාලේ බැලුවොත් රටේ බහුතරයක් කෘෂිකර්මය ජීවනෝපාය කරගෙන එහි යෙදී සිටියා. අද වෙනකොටත් රටේ ශ්‍රම බළකායෙන් සියයට 30 ක් කෘෂිකර්මයේ යෙදිලා ඉන්නවා. හැබැයි අපේ දළ ජාතික ආදායමට එකතු කරල තියෙන්නේ සියයට 7 ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ. මෙතන ලොකු ශ්‍රම අතිරික්තයක් තිබෙන්නේ. ඉතින් අපේ රටේ ඩොලර් අර්බුදය විසඳීමට නම් අපනයන පදනම් කරගත්ත කාර්මීකරණයක් වෙන්න ඕනේ. හැම රටකම ඉතිහාසය බැලුවම මුල් කාලේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ කෘෂිකර්මයේ නියැළෙන ශ්‍රමිකයන් පිරිසක්. නමුත් කාර්මීකරණය වෙනකොට කෘෂිකර්මයෙන් මිදිලා සේවා හා කාර්මික ඇතුළු වෙනත් අංශවලට බෙදී යනවාග එහෙම යනකොට කෘෂිකර්ම ඉඩම් නිදහස් වෙනවා. අපි හිරවෙලා ඉන්න හේතුව අපේ සේවා අංශය ප්‍රසාරණය වුණාට කාර්මික අංශය ප්‍රසාරණය වුණේ නෑ. මේ ප්‍රතිසංස්කරණ කරන්න නීති රීති ගේන්න අවශ්‍යයයි. විශාල ඉඩම් ප්‍රවර්ධන නීති ගේන්න ඕනේ. උදාහරණයක් ලෙස නෝර්වේ ගත්තොත් යුරෝපයේ සංවර්ධිත රටවල් වලට පහු වෙලා එකතු වුණ රටක්. 1960 ගණන්වල ගැඹුරු මුහුදේ තෙල් හොයාගෙන දියුණු වුණ රටක්. ඒ රටේ නීතියක් ගෙනාවා අවම ගොවිපළක විශාලත්වය හෙක්ටයාර 60 ක් විය යුතු බවට. පොඩි ඉඩම් තිබෙන අයට වෙන කාගෙන් හරි ඉඩම් අරගෙන ලොකු කරන්න හෝ තමන්ගේ ඉඩම ලොකු කරන්න. ඒකෙදි විශාල ගැටලු ඇතිවුණා. රජයෙන් නීතියක් එහෙම ගෙනාවාම ඉඩම් හිමියාට නිසි මුදල ගන්න බැරි වෙනවානේ. ඒ නිසා රජයෙන් ඒකට වෙනම අධිකරණයක් හැදුවා. ඒ වැඩේ වුණේ එම අධිකරණය හරහායි. වෙන ඉඩම් ගන්න හෝ ඉඩම විකුණන්න අධිකරණයට යා යුතු වුණා. අධිකරණය හරහා ඉඩමෙ වටිනාකම තක්සේරු කරලා ගණුදෙනුව අධිකරණය හරහායි වෙන්නේ. ඒක අධිකරණ පද්ධතියේ කොටසක් හැටියට ක්‍රියාත්මක වුණේ. මෙහිදී ඒකාබද්ධ කරණයේදී ඉඩම් විකුණපු අයටත් මිලදී ගත් අයටත් සාධාරණය ඉටු වුණා.
වෙනස්වන කාලගුණික තත්ව නිසා ලංකාවේ කැරට් වගේ එලවලුවලට බලපෑම් වුණා. කැරට් කිලෝව රුපියල් 600 ක් වුණා. මේ ආහර සුරක්ෂිතභාවය ගැන ගැටලු. විශාල ඉඩම් සංකල්පය මේ ගැටලුවලින් එතෙර යෑමට හේතු වෙනවද ?
මෑතක් වෙනකම් කළ පර්යේෂණ පෙන්නුවේ කුඩා ගොවිපලවල නිශ්පාදකතාවය වැඩි කළ යුතු බවක්. ඒ නිසා තමා ඉඩම් ඒකාබද්ධ කරන්න දියුණු වන රටවල මැලිකමක් තිබුණේ. නමුත් දැන් එහි අසාර්ථක බව පේනවා. පසුගිය අවුරුදු 20 ඇතුළත ආසියාවේ ගොඩක් රටවල විශාල ආර්ථික වර්ධනයක් වුණා. මේ ආර්ථික වර්ධනය එක්ක ග්‍රාමීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වැටුප් වුණත් වැඩිවුණා. 1965 දි කුඹුරක වැඩකරන ශ්‍රමිකයෙකුට ගෙව්වෙ රුපියල් 1 යි ශත 50 යි. ඒ කාලේ හාල් කිලෝ එකක් ශත 59 යි. එතකොට දවසේ වැටුප හාල් කිලෝ 3 ක් ගන්න ප්‍රමාණවත් නෑ. දැන් රුපියල් 2000 ක් විතර හම්බෙනවානේ. 200 ගානේ ගත්තත් හාල් කිලෝ 10 ක් ගන්න පුළුවන්. මුදලේ වටිනාකම අඩු වැඩි වුණාට කෘෂිකාර්මික වැටුපේ මූර්ත වටිනාකම වැඩි වෙලා. බංගලාදේශය ලවියට්නාමය ගත්තත් වැටුපේ මූර්ත වටිනාකම සියයට 75කින් හෝ 80 කින් වැඩි වෙලා. මේ නිසා ශ්‍රමය පමණක් පදනම් කරගෙන පවතින්න බෑ යාන්ත්‍රීකරණයක් අවශ්‍යයයි. මේ යාන්ත්‍රීකරණය කරගන්න බෑ මේ පොඩි අක්කර කාලේ බාගේ අයට. ළඟකදී ඉන්දියාවේදී යේල් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් කියලා තියෙනවා වාරි කර්මාන්තය දියුණු කලත් දුප්පත්කම නැති කරන්න බැරි වෙලා තිබෙන්නේ කුඩා ඉඩම් නිසා බව. ප්‍රශස්ත මට්ටමේ ගොවිපළක් අක්කර 24.5 ක් විය යුතු බවට එම පර්යේෂණ පත්‍රිකා වල තියෙනවා. රටේ ජනගහනය වැඩි හින්දා ඉන්දියාවේ දළ ජාතික නිශ්පාදිතය ඩොලර් 2500 ක් වගේ අපිට වඩා අඩු ගණනක තියෙන්නේ. චීනයේ 12,000 ක්. ඉන්දියාවත් 10,000 සීමාවට යයි වැඩිකල් නොගොස්. ඉන්දියාවත් ඉඩම් ඒකාබද්ධ කිරීමට යයි. චීනයේ දැනට ඉතා ක්‍රමානුකූලව කෘෂි ඉඩම් ඒකාබද්ධතාවයක් සිදුවනවා. ඉන්දියාවත් ඒ සඳහා අවශ්‍ය දත්ත එකතු වෙමින් පවතිනවා. ඒ ඒකාබද්ධ කිරීම් ඔස්සේ නිශ්පාදන ඉහල යනවා. ගොවියාට ආදායම වැඩි වෙනවා කියන්නේ ආහර සුරක්ෂිතභාවය ඉහළ යනවා.
කෘෂිකර්ම නිළධාරීන් ගෙවතු වගාවට මහන්සි වුණත් වාණිජ කෘෂිකර්මය ප්‍රවර්ධනයට යොමු නොවෙන්නේ ඇයි ? ඒ අයට මේ පිළිබඳ අවබෝධයක් හෝ ව්‍යාපාර විභවය ගැන දැනුමක් නැතිද?
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැමදාම ගෙවතු වගාවට වැඩසටහන් හදලා දෙනවා. හැබැයි කවදාවත් ව්‍යාපෘතියට පසුව කරන පසු විපරමක් (post project evaluation සුදුකර නැත) එහෙම පසු විපරමක් කරලා බැලුවොත් ඒ කරලා තිබෙන්නේ ඇත්තටම නාස්තියක්. එහෙම පැපොල් ගස් දෙකක් ගෙදරක හිටවන්න කියලා වාණිජ කෘෂිකර්මය දියුණු කරන්න බෑ. ඒ ගහට ලෙඩ රෝගයක් ආවොත් වාණිජ වගාවකට ඉන් ලෙඩ බෝවෙනවා. පසු විපරම් කලානම් මේවගේ ගැටලු තියෙන බව අහු වෙනවා. කෘෂිකර්මය පුද්ගලික දෙයක්. රජය තියෙන්නේ මේ පුද්ගලික දේ තරඟකාරී පදනමකින් පවත්වාගෙන යෑමට නීති රීති ගෙන එන්නයි. එහි නියාමන කටයුතු කරන්නටයි. ඒ තුළ නියාමන රාමුව රජය සකස් කළ යුතුයි. ආහාර සුරක්ෂිතතාවය රජයේ වගකීමක්. වවන්නන්ට අවශ්‍ය දේ වවන කාලය කොහොමද විකුණන්නෙ කාටද ගොවියා තීරණය කළ යුතුයි. ඒවට රජය ඇඟිලි ගැසීම් නොකළ යුතුයි. රජය වෙළෙඳපොළට ඉඩ දීලා පැත්තකට වෙන්න ඕනේ. වෙළෙඳපොළ අසාර්ථක වෙන ගැටලුවලට රජය මැදිහත් වෙන්න ඕනේ. ඒකට නීති රීතිත් රජයෙන් ගෙන ආ යුතුයි.
21 Comments
Oh my goodness! an incredible article dude. Thank you Nonetheless I’m experiencing subject with ur rss . Don’t know why Unable to subscribe to it. Is there anybody getting equivalent rss downside? Anybody who is aware of kindly respond. Thnkx
мы предоставляем более семи тысяч игр в различных жанрах.
Check out my website https://ramblermails.com/
чтобы получить бонусный код, заходите в наши социальные сети,
леон зеркало соцсети и партнерские
сайты.
Look into my webpage – https://bk-leonbets-vj.top/
Сертифицированы ли автоматы леонбетс зеркало на зеркалке площадки?
самой серьезной из главных особенностей игорного дома считается активная
рекламная кампания, леон зеркало которая позволила новому.
Here is my website :: https://рабочее-зеркало-леон4.xyz/
Дополнительный фактор – коэффициенты:
часто в лайве БК дают невысокие коэффициенты
и закладывают более высокую леон зеркало маржу.
Feel free to surf to my web blog https://зеркала-леон10.xyz/
зеркало площадки никак не отличается на свой манер устройству от официального ресурса, леон зеркало поэтому не
стесняйтесь запустить.
Feel free to visit my blog post https://bk-leonbets-bm.top/
на других из них публикуются функциональные ссылки, леон зеркало позволяющие получить пароль к
сайту бк Леон посредством зеркало.
My web blog … https://bk-leonbets-zp.top
для притягивания игроков букмекеры частенько выставляют пари с нулевой маржой и
леон зеркало Леонбет не исключение.
Here is my web-site – https://зеркало-леонбет22.xyz/
коль он блокируют с мировой стороны, самый
просто выбор почти подошел к зеркалам, актуальное зеркало бк леон где техническая
служба.
Леон бет зеркало слоты – casino x официальный портал Зеркало.
бк леон Слоты Зеркало леон зеркало Сайта.
букмекер Леонбет не получил официальной Российской лицензии.
Check out my website: зеркало-леон10.xyz
No entanto, https://skyfiber.com.pk/descubra-o-universo-dos-jogos-com-a-f9game/ seu uso não sofreu grandes atualizações dispositivos e desempenho em comparação com bancário nintendo switch.
Метасеквойя в парковом комплексе Дублина,
https://sibledy.ru/thread-316968-1-1.html Ирландия.
в конце концов, Нисимура открыл свою первую
ремонтную мастерскую, он брался за починку
и регенерацию различных вещей, https://minskmoto.ru/viewtopic.
Here is my web site :: p185651
Расположенный неподалеку от Трана Фу, Glory Casino этот отель подразумевает
под собой 70 номеров и открытый бассейн.
кликните на кнопку Искать турагентство
в курсе и во всплывающем окне разрешите определить свое
месторасположение – наше предприятие.
Also visit my page :: Glory Casino
Это стандартная процедура,
ориентированная на обеспечение безопасности как игроков, Glory Casino так и вплоть казино.
ВашОтель.ru не дает ответственности за достоверность
данных, Glory Casino предлагаемой гостиницами.
лишь тут можно преобразить усилия и похолить себя эффективными спа-процедурами.
My web site Glory Casino
hisob qaydnomasini yaratganingizda va glory casino-da onlayn pul tikishni boshlashga tayyor bo’lganingizdan keyingi qadam, Glory Casino bu o’yin tanslash.