October 18, 2024
අලියාන්ස් ලංකා නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යූනියන් පෙදෙසේ විවෘත කෙරේ
පුවත්

අලියාන්ස් ලංකා නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යූනියන් පෙදෙසේ විවෘත කෙරේ

Sep 3, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE Group හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, මෙතෙක් කල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ තම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කොළඹ යූනියන් පෙදෙසේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙය සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දෙමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් පිරිනැමීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. අංක 323, යූනියන් පෙදෙස, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇති නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි අතර, එහි වාහන නැවැත්වීමටද පුළුල් ඉඩකඩක් පවතී.

මෙම නව මධ්‍යස්ථානය 2023 අගෝස්තු 15 දින උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ප්‍රමුඛව, අලියාන්ස් ලංකා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ. මෙම අවස්ථාවට අලියාන්ස් ලංකා සමාගමේ ඉහළම තලයේ නිලධාරීන් රැසක් සහභාගී වීම, පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම දක්වන කැපවීමට සාක්ෂි දරයි.

නව පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා ඉදිකර තිබෙන මෙම සේවා මධ්‍යස්ථානය, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට නව මුහුණුවරක්  එක් කරනු ඇත. එමෙන්ම එය ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විත ය.

“නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් විශිෂ්ටත්වයේ හා පහසුකමෙහි නව යුගයක් වෙත පළමු පියවර තැබීමට හැකි වීම මට මහත් සතුටක්. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත්ම හොඳින් ගැළපෙන ජාත්‍යන්තර තලයේ රක්ෂණ විසඳුම්, ඔවුන්ට උපරිම පහසුවක් සහ විශිෂ්ට අත්දැකීමක් හිමි වන ආකාරයට ලබාදීම අපගේ ඉලක්කයයි.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.

“අපගේ පාරිභෝගික සේවාව නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට අප ගන්නා උත්සාහයට මෙය ඉතා හොඳ සාක්ෂියක්. ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට අපගේ රක්ෂණ විසඳුම් වැඩිදියුණු කරමින්, විශිෂ්ටතම සේවාවක් සමග එම විසඳුම් ඔවුන් වෙත පිරිනැමීම අපගේ අරමුණ වී තිබෙනවා.”  අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පැවසී ය.

මෙවැනි පියවර ඔස්සේ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වීම අලියාන්ස් ලංකා සමාගමේ තවත් අරමුණකි. ඉදිරියටත් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිතවල වටිනාම දේවල් සඳහා නොසැලෙන රැකවරණයක් පිරිනමන රක්ෂණ සමාගමක් ලෙස අලියාන්ස් ලංකා සමාගම දිගින් දිගටම දියුණුව කරා ගමන් කරනු ඇත.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.),  ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

1 Comment

  • I am now not positive where you’re getting your info, however good topic. I needs to spend some time studying much more or working out more. Thank you for excellent information I used to be looking for this information for my mission.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *