February 22, 2025
AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට ලක්වේ!
පුවත්

AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට ලක්වේ!

Feb 20, 2025

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 5වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරව පිළිගත් Capital Finance International (CFI) සහ Global Banking & Finance Review (GBFR) යන ආයතන වෙතින් ඇගයීමට ලක්වීම මහත් අභිමානයෙන් සමරයි.  මෙම ගෞරවාන්විත වූ  ඇගයුම ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින් ඉතා අභියෝගාත්මක වාතාවරණයන් මධ්‍යයේ වුවද, නව්‍යකරණය, පාරිභෝගික කේන්ද්‍රීය බව මෙන්ම ප්‍රජාව සවිබල ගැන්වීම යන කරුණු සඳහා  දක්වන්නා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

උච්චාවචනය වන ආර්ථික වට පිටාවක් තුල උවද 2023/24 වර්ෂයන් සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සාර්ථකව මුහුණ දුන් අතර එමඟින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් නිරතුරුව කැපව කටයුතු  කිරීමේ AIA හි පරමාර්ථය තවදුරටත් පිළිබිඹු වේ.  පාරිභෝගිකයින්ගේ මෙන්ම සමස්තයක් ලෙස පුළුල් සමාජයේම සුබ සිද්ධිය ප්‍රමුඛතාවයේ ලා සලකන AIA,  ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවල වෙනස් වන විවිධ වූ අවශ්‍යතා සපුරාලීම සඳහා සිය රක්ෂණ සැලසුම් වැඩි දියුණු කරමින් සහ නව රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින් අඛණ්ඩව ඉදිරියට ගමන් කරයි.

ඩිජිටල්කරණ නවෝත්පාදන සමඟින් පාරිභෝගිකයින්ගේ සතුට සහ ප්‍රසාදය වෙනුවෙන් කැපවීම, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි සාර්ථකත්වයේ පදනම වේ.  පසුගිය වසර තුළ දී සමාගම එහි ඩිජිටල්කරණ පරිවර්තන ගමන්මග කඩිනම් කල අතර එමඟින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වෙත පුරෝගාමී විසඳුම් හඳුන්වා දෙමින් නවමානයන් ඇතිකරලන ලදී.  ඒවා  අතර නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් සකසන ලද විකුණුම් ක්‍රියාවලිය සඳහා සහාය වන(point-of-sale) මානව කේන්ද්‍රීය පද්ධතිවල සිට උසස් රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණ සහ Cloud  මත පදනම් වූ ක්‍රමෝපායන් සමඟින් AIA සිය පාරිභෝගිකයින්හට අඛණ්ඩව,  බාධාවකින් තොරව හා කාර්යක්ෂම වූ සේවාවක් ලබා දී ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම එහි රක්ෂණ විසඳුම් වලින් ඔබ්බට යමින්, සිය සැලසුම් සමඟින් පරිපූර්ණ සුවතා විසඳුම් රැසක් ද පිරිනමයි.  එවන් සුවතා විසඳුම් රාශියක් ඒකාබද්ධ කරමින් සිය රක්ෂණ විසඳුම් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරන එක් ප්‍රධානතම රක්ෂකයෙකු වන AIA, ප්‍රමුඛ පෙළේ සුවතා සැපයුම් කරුවන්ගේ සහයෝගීතාවය සමඟින් සිය අගනා පාරිභෝගික ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ඔවුනට අසමසම සෞඛ්‍ය සහ සුවතා සේවා අත්විඳීමට ප්‍රවේශය ලබා දී ඇත.   Flash Health, High Octane Fitness Gyms, සිද්ධාලේප, My Dentist, Vida Medical Clinic, Unilever Pureit, Vision Care සහ Doc990 යන සුවතා සැපයුම්කරුවන් සමඟින් දැනට AIA සහයෝගීතාවන්ට එළඹ ඇති අතර ඒ ඔස්සේ AIA වඩාත් සෞඛ්‍ය සම්පන්න මෙන්ම සතුටුදායක ජීවිත ගත කිරීමට සිය පාරිභෝගිකයින්ව සවිබල ගන්වනු ලබයි.

එමෙන්ම සමාගම තුළ දී කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත නිසි සහය ලබා දෙමින් ඔවුන්ව සවිබල ගන්වන ලද සේවා පරිසරයක් නිර්මාණයක් කරන සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව වසර12ක් පුරාවට සම්මානයට ලක්වෙමින්, Great Place To Work® ආයතනය වෙතින් පිරිනමන ගෞරවාන්විත “LEGEND” තත්ත්වය අත්පත් කර ගැනීමට ද AIA සමත් වී ඇත.   ඒ අතරම දක්ෂ තරුණ තරුණියන්හට  රැකියාවේ නිරත වීමට හොඳම සේවා ස්ථානයක් ලෙස මෙන්ම අඛණ්ඩව 6 වන වසරටත් කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත් AIA ඇගයීමට ලක් වූ අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම තුළ පවතින විවිධත්වය සහ සමානාත්මතාවයට ගරු කරන්නා වූ සුහදශීලී සංස්කෘතිය ඒ ඔස්සේ පිළිබිඹු වේ.  තවද Great Place To Work® වෙතින් Wellness Champion ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රථම සහ එකම රක්ෂණ සමාගම වූවේ ද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩ 5වන වතාවටත් ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් (Capital Finance International) වෙතින් සහ ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් (Global Banking & Finance Review) වෙතින් සම්මානයට පාත්‍ර වීම අභිමානයෙන් සමරයි.  නවෝත්පාදන, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් මෙන්ම සාමාජයීය සුබසිද්ධිය වෙනුවෙන් ඇති අඛණ්ඩ කැපවීම සමඟින් AIA, රක්ෂණ සහකරුවෙකුගේ භූමිකාවෙන් ඔබ්බට යමින් ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ලඟා කර ගැනීම සඳහා වූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close