AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට, 4A ‘s දැන්වීම් ප්‍රචාරණ සම්මාන උළෙලේ දී සම්මාන රැසක්!
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා පවත්වන ලද 4A ‘s දැන්වීම් ප්‍රචාරණ සම්මාන උළෙලේ දී වඩාත් නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ වැඩසටහන් සඳහා සම්මාන 5ක් හිමිකර ගැනීමට සමත් විය.
AIA ‘සුව වළං’ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපෘතිය අනෙකුත් වැඩසටහන් අතරින් විශේෂයෙන් කැපී පෙනුන අතර, ස්වර්ණ සම්මාන 2ක් ඇතුළුව සම්මාන 3කින් පිදුම් ලැබීය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සහයෝගීතාවය ද ඇතුව ක්‍රියාත්මක වූ අතර දැන්වීම් ප්‍රචාරණ ආයතනය වූයේ ‘Loops integrated’ ආයතනයයි. මෙම ප්‍රචාරණ වැඩසටහන ඔස්සේ පියයුරු පිළිකා පිලිබඳව මෙන්ම රෝග නිවාරණය සඳහා නිතිපතා ස්වයං පරීක්ෂාවේ වැදගත්කම පිළිබඳවත් දැනුවත් කරන ලදී. මෙම දැනුවත් කිරීම් ඩිජිටල් මෙන්ම පුවත්පත් මාධ්‍ය ද භාවිතයෙන් සිදුකරන කරන ලදී. මෙම ව්‍යාපෘතිය ඔස්සේ, ශ්‍රී ලාංකික කාන්තාවන් මැටි වළං මිලදී ගැනීමට පෙර ඒවායේ ගුණාත්මක බව සොයා බැලීමට පුරුද්දක් ලෙස ඒවා පරීක්ෂා කරන ආකාරයට සම කරමින් සිය පියයුරු නිතිපතා ස්වයං පරීක්ෂාවට ලක්කිරීමේ වැදගත්කම සංස්කෘතිකමය වශයෙන් පවතින සංවේදී බවද සැලකිල්ලට ගනිමින් මනා ලෙස සන්නිවේදනය කරන ලදී. එමෙන්ම, ශ්‍රී ලාංකීය කාන්තාවන් විවිධ දුර්මත එනම් අධික වියදම් සහ පරීක්ෂණ කටයුතු වලදී ඇතිවන වේදනාව වැනි වැරදි වැටහීම් පදනම්ව සිය පියයුරු නිතිපතා පරීක්ෂා කර ගැනීමෙන් වැලකී සිටීම පිළිබඳව ද මේ ඔස්සේ දැනුවත් කරන ලදී. අතීතයේ පටන් පැවත එන, මැටි වළං වල ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ පුරුද්ද, ස්වයං පියයුරු පරීක්ෂාව හා සමකල හැකි ක්‍රියාවක් ලෙසින් මැනවින් ගැලපුන අතර “AIA සුව වළං” වැඩසටහන ඔස්සේ ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා කාන්තාවන් උනන්දු කරවන ලදී. “AIA සුව වළං” වැඩසටහනට භාවිතා කරන ලද මැටි බඳුන මතුපිට, ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සංස්කෘතික කලා ශෛලියකින් ඇඳ ඇති චිත්‍ර ඇතුලත් කරගෙන තිබූ අතර, ඒ ඔස්සේ ස්වයං-පරීක්ෂා කිරීම ඵලදායී ලෙස සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන්ට පහසුවෙන් අනුගමනය කළ හැකි උපදෙස් ලබා දී තිබුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට, ස්වර්ණ සම්මාන 2ක් දිනා ගැනීමට හැකි වූ අතර ඒවා ‘Best Use of Ambient Media’ and ‘Design (Environment & Experience)’යන කාණ්ඩ වලට වූ අතර ‘Use of Cultural Nuance – Static Special’ කාණ්ඩය සඳහා ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට ද සමත් විය.
සංස්කෘතික අංග ඒකාබද්ධ කරගනිමින් කර ඇති නිර්මාණ වෙනුවෙන් ‘AIA ප්‍රාර්ථනා කොඩිය’ ව්‍යාපෘතිය විශේෂ ඇගයීමට ලක්වූ අතර ඒ සඳහා ‘Best Use of Activation – Not For Profit’ කාණ්ඩය සඳහා රජත සම්මානයක් සහ ‘Best Use of Ambient Media’ කාණ්ඩය සඳහා ලෝකඩ සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. මෙම ව්‍යාපෘතිය AIA පොසොන් රැකවරණ වැඩසටහන yd සමගාමීව සිදුකල අතර මෙහිදී දැන්වීම් ප්‍රචාරණ ආයතනය වූයේ TBWA ආයතනයයි.
දේශීය භාවිතයka මුල්කර ගනිමින්, පොසොන් සමයේ දී බැතිමතුන් දියේ දී අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වලකාලීම අරමුණු කරගත් වැඩසටහනක් AIA විසින් දියත් කරන ලදී. බෞද්ධ ජනතාව විසින් යම් අරමුණක් ඉෂ්ට කරගැනීම වෙනුවෙන් පැතුමක් ඇතුලත් කර භාවිතා කරන සාම්ප්‍රදායික ප්‍රාර්ථනා කොඩිය භාවිතයෙන් “බැතිමතුන්ට අවදානම් සහිත ස්ථාන වලින් දියට බැසීමට සිත් නොවේවා” යන ප්‍රාර්ථනාව සහිත කොඩියක් පොසොන් බැතිමතුන් වෙත බෙදා දෙන ලදී. මේ ඔස්සේ පොසොන් සමයේ දී වැව් සහ ජලාශවල දිය නෑමේදී පරිස්සම් වියයුතු බවට වන පණිවිඩය සාර්ථක ලෙස බැතිමතුන් අතර බෙදාහැරීම සිදුවිය. මෙම ප්‍රාර්ථනා කොඩියේ ඇති පැතුම බැතිමතුන්ගේ හදවතටම දැනුන බව ඔවුන්ගේ හැඟීම්බර ප්‍රකාශ වලින් අසන්නට ලැබිණි. ඒ වගේම බැතිමතුන් විශාල වශයෙන් පැමිණ වන්දනාමාන කරන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුව අවට පිහිටි ප්‍රාර්ථනා බෝධීන් වහන්සේගේ ශාඛාවල ද මෙම ප්‍රාර්ථනා කොඩිය එල්ලා තිබුන බව දක්නට ලැබුණි.
පොසොන් උත්සව සමයේ දී පූජා නගරය අවට ඇති වැව් සහ ජලාශවල දියට බැසීමට අවදානම් ස්ථානයන් හී දී මෙම ප්‍රාර්ථනා කොඩි බෙදා හැරීමේ වැඩසටහන දියත් කිරීම මගින් වන්දනාවේ පැමිණි කල දිය නෑමට ආරක්ෂිත ස්ථාන තෝරා ගැනීමේ වැදගත්කම පිළිබඳව බැතිමතුන්ව මනා ලෙස දැනුවත් කරන ලදී.
AIA ශ්‍රී ලංකා හී ප්‍රධාන අලෙවි නිලධාරී, සසිත් බඹරදෙණිය මහතා කියා සිටියේ “මෙම කීර්තිමත් සම්මාන උළෙලේ දී මෙසේ ඇගයීමට ලක්වීම අපට මහත් අභිමානයක් බවයි. ඵලදායි වූ නිර්මාණශීලීත්වයට, අර්ථාන්විත අරමුණක් සහිත යෙදවීම සහ සංවේදී බව සහිත අලෙවිකරණයට අප නිරතුරුව ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙනවා. සමාජය වෙත දීර්> කාලීනව බලපෑම් ඇතිකළ හැකි ව්‍යාපෘති දියත් කිරීම යන අපගේ අරමුණ සාක්ෂාත් කරගන්නා අතර නිර්මාණශීලී බව සහ නව්‍යකරණයේ සීමා මායිම් නව මානයන් කරා ගෙනයාම සඳහා ඇති අපගේ කැපවීම මෙසේ සම්මානයෙන් පිදුම් ලැබීම මගින් පිළිබිඹු වෙනවා. ප්‍රජාව වෙත තවදුරටත් ධනාත්මක ලෙස බලපෑම් ඇතිකළ හැකි නව්‍ය වූ ව්‍යාපෘති දියත් කිරීම අපගේ අපේක්ෂාවයි. මේ සෑම ජයග්රහණයක්ම වෙනුවෙන් මහත් කැප වීමෙන් කටයුතු කරන මාගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් මෙන්ම අපගේ නිර්මාණශීලී දැන්වීම් ප්‍රචාරණ හවුල්කරුවන්හට ද මගේ හදපිරි ස්තුතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නා අතර ඉදිරියේදීත් අප හා එක්ව වඩාත් විශිෂ්ට වූ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිවේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා!”
4A ‘s යනු ශ්‍රී ලංකාව තුල අලෙවි සන්නිවේදන සහ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්රය වැඩි දියුණු කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නා වූ ලාභ නොලබන ආයතනයකි. ඒ ඔස්සේ නිර්මාණශීලිත්වය පෝෂණය කරමින්, සදාචාරාත්මක වෙළඳ ප්‍රචාරණයන් ප්‍රවර්ධනය කරමින් ක්ෂේත්රයේ කීර්තිය ඉහළ නැංවීම මෙමඟින් අරමුණු කරයි.