
AI බලය යොදාගනිමින් ඔබේ වැඩකටයුතු පහසු කරදෙන AI සහායකයන්
මොහොතක් සිතන්න, ඔබ කාර්යබහුල සඳුදාවක වැඩට පැමිණ, දිනයේ ඔබට සම්පූර්ණ කිරීමට තිබෙන වැඩකටයුතු ගොන්න දෙස බලයි. මෙම වැඩ කටයුතු ගොන්න කොතැනින් පටන් ගන්නදැයි ඔබ සිතයි. නමුත් අද කාලයේ ඔබට අවශ්‍ය ලිපි සාරාංශගත කිරීමත්, දත්ත විශ්ලේෂණය කිරීමත් AI Agent කෙනෙකු වෙත පවරා, එම කටයුත්ත ක්ෂණයකින් නිමවන තෙක් ඔබේ කෝපි කෝප්පය රසවිඳින්නටත් ඔබට හැකියාව තිබේ. ඉන්පසුව, ඔබේ Teams රැස්වීම් වාර්තා සාරාංශගත කිරීම තවත් AI Agent කෙනෙකු වෙත පවරා, කදිමට ඉටු කෙරී ඇති ලිපි සාරාංශයන් සහ විශ්ලේෂණය කළ දත්ත එක් කොට වාර්තාව පිළියෙල කිරීම පමණක් ඔබට සිදුකළ හැක. ඔබ තනිවම කරන්නට ගියේ නම්, දිනකටත් වඩා ගතවන්නට තිබූ කාර්යයන් රැසක්, ඔබට AI Agents භාවිතයෙන් අඩු කාලයක් තුළ ඉටු කර ගැනීමට ඉඩ ලැබීම පිළිබඳව සතුටු වීමටද ඔබට සඳුදා දවසේ කාල වේලාව ඉතිරිව තිබේ.
මොනවද මේ AI Agents?
අද වන විට, AI තාක්ෂණයන් සෑම තාක්ෂණික මෙවලමක්ම, උපාංගයක්ම කරා පැතිරී තිබේ. ලෝකය AI සම්බන්ධයෙන් දැක්වූ අනියත භීතිය ද කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී.
කෙසේ නමුත්, එක් කලෙක AI මොඩලයන් කුතුහලාත්මක කාරණයක් වූවා සමානවම, AI Agents ද මේ වන විට කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ.
මොනවද මේ AI Agents කියන්නේ? AI agents යනු, AI බලය උපයෝගී කර ගනිමින්, යම් යම් නිශ්චිත කාර්යයන් ස්වයංක්‍රීයව ඉටු කිරීමට හැකි වැඩසටහන් වේ.
ඔබ මේ වන විට Copilot වැනි AI Assistant සහාය ලබාගෙන ඇත. නමුත් ඔබට මේ වන විට එතනින් එපිටට ගොස්, එක් එක් වැඩකටයුතු සඳහා සුවිශේෂී වූ AI Agents ලාගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබේ.
AI වෙතින් බල ගැන්වෙන නව apps ලෙසින් AI agents හැඳින්වීමද නිවැරදි වේ. එනම්, සරල විධානයකට ප්‍රතිචාර දක්වන AI agent කෙනෙකුගේ සිට, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව කටයුතු කළ හැකි AI agents දක්වා විශාල පරාසයක මොවුන් විහිදී සිටී. ඔවුන් ව්‍යාපාරයකට යොදා ගැනෙන්නේ නම්, එහි භාණ්ඩ හෝ සේවාවන් වෙත පාරිභෝගික ආකර්ෂණය ගෙන ඒමේ සිට, විකුණුම් ඕඩර ස්වයංක්‍රීයව සැකසීම දක්වා වැඩකටයුතු මොවුන් අනලස්ව ඉටු කර දෙනු ඇත.
AI agents කොහොමද ගොඩනංවන්නේ? කොහොමද AI agents ක්‍රියාවේ යොදවන්නේ?
ඔබට පහසුවෙන්ම Microsoft Copilot Studio හරහා විවිධ කාර්යයන් සඳහා විශේෂීකරණය වූ AI Agents නිර්මාණය කොට, එළිදැක්වීමට හැකියාව තිබේ. නිදසුනක් ලෙසට, සේවානියුක්තිකයෙකු අසන ආයතනය සම්බන්ධ ගැටළුවක් සඳහා ආයතනයේ ප්‍රතිපත්ති, නීති රීති, රෙගුලාසි අතුරින් ක්ෂණිකව පිළිතුරු සොයා දෙන employee self-service agent කෙනෙකු නිර්මාණය අසීරු නොවේ.
අවශ්‍ය නම් තත්‍යාසන්න ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙසින් යම් ව්‍යාපෘතියක් හසුරුවන AI සහායකයෙකුගේ සිට, මානව සම්පත් අංශයේ දත්ත සමුදායන් කළමනාකරණයේ සිට සේවානියුක්තිකයින්ගේ නිතර අසන ගැටළු විසඳීම දක්වා නොයෙකුත් දෙයට සහාය වන AI සහායකයකු දක්වා AI agents ඔබට නිර්මාණය කොට, ඔවුන් Copilot Studio භාවිතයෙන් තවදුරටත් ඔබට අවශ්‍ය පරිදි සීරුමාරු කර ගත හැක.
Generative AI සමඟින් මෙතෙක් ආ ගමන් මග AI agents සමගින් කොයිබටද?
AI agents වෙතට ස්වයංක්‍රීය ලෙසින් කටයුතු කිරීමට ඉඩ දීමේ – එනම්, ඔබේ නැවත නැවත සිදු කළ යුතු වැඩකටයුතු හෝ මිනිස් සිතීම අවශ්‍ය නොවන වැඩකටයුතු සම්පූර්ණයෙන්ම පැවරීමේ අවදානමක් තිබෙනවාද? නැත. සැබවින්ම AI agents ප්‍රවේශ වන්නේ අවශ්‍යම තොරතුරු සඳහා පමණි.
කෙසේ හෝ, Generative AI සමඟ පැමිණි මෙම සාපේක්ෂව කෙටි එහෙත් විපුල AI ඉතිහාසය තුළ, AI agents යනුද තවමත් ගමනේ මුල පමණකි.
3 Comments
F*ckin’ tremendous things here. I’m very glad to see your article. Thanks a lot and i’m looking forward to contact you. Will you please drop me a mail?
I’ve been surfing on-line more than 3 hours these days, yet I never discovered any attention-grabbing article like yours. It is beautiful price sufficient for me. In my opinion, if all web owners and bloggers made good content material as you did, the net will be much more useful than ever before. “Wherever they burn books, they will also, in the end, burn people.” by Heinrich Heine.
Some genuinely wonderful articles on this website , thankyou for contribution.