කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අවුරුදු තුන්දාහක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් වී ගොවිතැනට මෙන්ම කෘෂි බෝග කර්මාන්තයට ද අතීතයේ සිට ලැබී තිබුනේ ඉතා ඉහළ තැනකි. වත්මන වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ කෘෂි භෝග නිෂ්පාදනය යන්ත්‍රානුසාරයෙන් ව්‍යාප්ත කිරීමට තරම් ලෝකය දියුණු වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දියත් කරන එවැනි නවීන පන්නයේ ව්‍යාපෘතියක් පිළිබඳ සටහනක් තැබීම මෙහි අරමුණයි. ඒ සඳහා අපගේ සංවාදයට එක්කාසු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතායි. ඔහු වර්තමාන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයායි.
ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ ඩොලර් මිලියන 58.63ක් වන ආධාරයකින් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දිවයිනේ පළාත් 05ක දිස්ත්‍රික්ක 07ක් ආවරණය වන පරිදි උතුරු පළාතේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කත් උතුරුමැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කත් නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයත් සහ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
තව ද යුරෝපීය සංගමයේ රුපියල් මිලියන 26ක ආධාර මුදලින් තවත් දිස්ත්‍රික්ක 05ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. (වව්නියාව, කිලිනොච්චිය, මහනුවර, අම්පාර, බදුල්ල)
තරගකාරී වටිනාකමින් යුත් කෘෂි බෝග නිෂ්පාදන නිපදවීමට කුඩා පරිමාණ ගොවීන්ට සහාය වීම මඟින් වෙළඳපොළ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම හා දේශීය විදේශීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට හා කාර්යක්ෂම හා තිරසාර වෙළඳපොළ නියෝජනය කිරීම කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය තුළින් කෘෂි තාක්ෂණික උද්‍යාන නිර්මාණය කිරීමට ව්‍යාපෘතිය බලාපොරොත්තු වන අතර එක් දිස්ත්‍රික්කයක ආදර්ශ උද්‍යාන 03ක් පමණ නිර්මාණය කර තිබෙන බව ඔවුන් පවසයි.
මෙම උද්‍යානවල තිබෙන විශේෂත්වය වන්නේ මෙහි භෝග වගා කරන්නේ නවීන තාක්ෂණය උපයෝගී කොටගෙනයි. ඒ සඳහා විශේෂිත උපදේශක මණ්ඩලයක් සිටින අතර එකම බෝගයක් පමණක් එක් උද්‍යානයක වගා කෙරේ. එම උද්‍යාන තුළ මංමාවත් තනා ඇති අතර අස්වැන්න මිලදී ගැනීමට පැමිණි පිරිසගේ පහසුව පිණිස එය සිදු කර ඇත. එම උද්‍යානයට එළවළු, පළතුරු අස්වනු සැකසීමේ මධ්‍යස්ථානයක් ද ඉදිකෙරේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන්නේ විදේශ විනිමය ඉතිරි කිරීමයි. එසේම විදේශ විනිමය ඉපැයීමයි. එයට හොඳම උදාහරණයක් ලෙස රාජාංගනයේ නිර්මාණය කර තිබෙන කෘෂි උද්‍යානය පෙන්වාදෙන්නට පුළුවන්. එහි ඇඹුල් කෙසෙල් විශාල ප්‍රමාණයක් වගාකොට තිබෙන අතර, එහි ගොවීන් 300ක් පමණ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත. සතියකට එක් වතාවක් පමණ කෙසෙල් ටොන් එකක් පමණ විදේශයට අපනයනය කරයි. එයින් ලැබෙන ඩොලර් ප්‍රමාණය 10,000 – 15,000ත් අතර වේ. ව්‍යාපෘතිය මඟින් ඒ හා සමාන තවත් ව්‍යාපෘතියක් පසුගියදා යාපනයේ ද ආරම්භ කළේය.
එමෙන්ම ව්‍යාපෘතියට සම්බන්ධ ගොවීන් සියලු දෙනාටම ප්‍රතිලාභ ලැබෙන පරිදි සැකසුම් මධ්‍යස්ථාන සෑදීමට සියලු දේ දැනටමත් සූදානම් කර ඇති අතර, පළමු වතාවට මෙම උද්‍යාන මගින් ගොවි සමාගම් ආරම්භ කිරීමටත් සූදානම් වී ඇත. එම සමාගම් තුළ කිසිම රජයේ සේවකයෙක් නොමැති අතර එය පාලනය කරන්නේ ගොවීන් විසින්මය.
විශේෂයෙන්ම ඇඹුල් කෙසෙල් මෙන්ම අන්නාසි, අඹ ආදිය ද ඉදිරියේ දී පිටරට යැවීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියට අලුතින් එක්වීමට යම් අයෙකුගේ කැමැත්තක් දක්වනවා නම්, ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගොස් දැනට පවතින ව්‍යාපෘති කුමක් දැයි සොයාබලා ඒ හා සම්බන්ධ විය හැකියි. නවක ගොවි මහතකු මේ සඳහා සම්බන්ධ වනවා නම්, ගොවියාගේ නමින්ම ඉඩමක් තිබිය යුතුය.
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවලින් මේ වනවිට අස්වැන්න ලැබෙමින් පවතී. මෙම ව්‍යාපෘතිවලට කාන්තා නියෝජනය ද 45%ක් පමණ පෙන්නුම් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙවැනි ව්‍යාපෘති සඳහා ඔබත් එක්වීමට කැමති නම් නොපමාව ඒ සඳහා යොමුවන්න.
සචිනි බස්නායක: සංවාද හා සටහන
2 Comments
hi!,I really like your writing so so much! share we communicate more approximately your article on AOL? I need an expert in this area to unravel my problem. May be that’s you! Having a look ahead to see you.
Hello, I think your website might be having browser compatibility issues. When I look at your blog site in Firefox, it looks fine but when opening in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick heads up! Other then that, terrific blog!