October 28, 2025
කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුර වී ගොවීන් සඳහා ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
පුවත්

කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුර වී ගොවීන් සඳහා ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

May 11, 2024

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම සඳහා පොහොර සහ කෘෂි රසායන යෙදීම මෙන්ම ශ්‍රම හිඟය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත් කර ඇත.

සජීවී නිරූපනයන් වලින් සමන්විත වූ මෙම අගනා දැනුම් සම්භාරය ලබා දුන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජිතයින් හා පුළුල් පරාසයක ඩ්‍රෝන යානා විසඳුම් සපයන්නෙකු වන ‘Aerogenii Drone Services’ ඩ්‍රෝන සේවා නියෝජිතයින් විසිනි. මෙම වැඩසටහන බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ ද සහය ඇතිව මෙහෙයවන ලදී.  

“සුදුසු ආකාරයෙන් තාක්ෂණික අභිවර්ධනයන් අනුගමනය කිරීමෙන් ආහාර භෝග වගා කිරීමේ, අස්වනු නෙලීමේ හා සැකසීමේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නූතන යුගයට සංක්‍රමණය විය යුතුයි,” යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය ඩෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා පැවසීය. “මෙරට කෘෂිකර්මික අංශයේ විශාලතම ණය දෙන්නා වන කොමර්ෂල් බැංකුව මෙම සංක්‍රමණය සඳහා උත්ප්‍රේරකයක් වීමට හොඳම ආකරයෙන් ස්ථානගත වී සිටින අතර ඒ සඳහා අරමුදල්, කාලය හා විශේෂඥභාවය ආයෝජනය කරීමට අපි කැපවී සිටිමු.”

ශ්‍රම හිඟයට පිළියම් යෙදීමට අමතරව මිනිස් ශ්‍රමයට සාපේක්ෂව ඩ්‍රෝන යානා භාවිතය සහ අනෙකුත් නවෝත්පාදනයන් වඩා ලාභදායී හා කාලය ඉතිරි කර දෙන ආකරය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම මගින්, වී ගොවිතැන හා අනෙකුත් වගා කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව බැංකුව පවසයි.

බැංකුව පවසන්නේ කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහන යටතේ දිවයිනේ අනෙකුත් කෘෂිකාර්මික ප්‍රදේශවල ද මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන අතර ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

1 Comment

  • What i do not realize is if truth be told how you are now not actually much more smartly-appreciated than you might be right now. You are very intelligent. You already know therefore considerably with regards to this subject, produced me individually consider it from so many varied angles. Its like men and women aren’t involved except it is something to do with Girl gaga! Your individual stuffs excellent. All the time take care of it up!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close