September 8, 2024
අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි
පුවත්

අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විභවතාවයන් සහ එහි ආර්ථික ප්‍රතිලාභයන් අවධාරණය කරයි

Jul 9, 2024

පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී.

“ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, සුළං සහ ජල සම්පත තුළින් තරඟකාරී හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ මනා හැකියාවක් තිබෙනවා. එමෙන්ම එම ක්‍රියාවලියේදී  හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අතුරු නිෂ්පාදන නිර්මාණය කිරීමට මෙන්ම ඒවා   අපනයනය කිරීම කෙරෙහි ද  අවධානය යොමු කිරීම ඔස්සේ රටට අතිරික්ත ආදායමක් උපයා ගත හැකියි. එමඟින්  ජනතාවට ප්‍රතිලාභ ලබා ගත හැකියි.” යනුවෙන්  මෙහිදී සර්දානා මහතා අවධාරණය කළේය.

අදානි  සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල  සුළං බලාගාර  පිහිටුවීමට  යෝජනා ඉදිරිපත් කර ඇත.මෙගාවොට් 484ක සමුච්චිත ස්ථාපිත ධාරිතාවක් උත්පාදනය කරමින් ඩොලර් බිලියනකට අධික සමස්ත ආයෝජනයක් සමඟ ආරම්භ කිරීමට අපේක්ෂා කරන  මෙය රටේ විශාලතම ස්ථාවර විදෙස් ආයෝජනය වනු ඇත.එමෙන්ම සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ශත 8.25ක අවම ඒකක ගාස්තුවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.

මෙහිදී,  අදානි  සමාගම විසින් පිරිනමා ඇති මෙම ඒකක ගාස්තු ඔවුන්ගේ වසර 20ක සම්පූර්ණ කොන්ත්‍රාත්තු කාලය සඳහාම වලංගු බව සඳහන් කළ සර්දනා මහතා , අනෙකුත් බලශක්ති සමාගම් ආරම්භයේදී අවම  මිල ගණන් ඉදිරිපත් කර පසුව ගාස්තු ඉහළ නංවා  පාරිභෝගිකයන් පීඩාවට පත්කරන බවද අවධාරණය කරමින්  තීරුබදුවල විනිවිදභාවයේ අවශ්‍යතාවය පැහැදිලි  කළේය. “විනිවිදභාවය ඉතා වැදගත් .  ඔවුන් යම් මුදලක් අය කරනවා නම් එය බිල්පතක් මඟින් ඉදිරිපත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් වෙනත් සැඟවුණු කරුණු තිබිය නොහැකියි .  ඉදිරි වසර 20 තුළ අපි  කිසිදු වෙනසක් නොමැතිව ස්ථාවර ගාස්තුවක් පිරිනැමිය යුතුද?, නැතහොත්  අනාගතයේදී අමතර ගාස්තු සමඟ  දෙගුණයක් විය හැකි   අඩුම ගාස්තුවක් දැනට ඉදිරිපත් කළ යුතුද? ඇත්තෙන්ම මෙම උභතෝකෝටිකය විචාරාත්මකව දකින පුද්ගලයන් එය ලබාදිය යුත්තේ කාටද සහ කුමන කාල රාමුවක් තුළදී ද යන්න පිළිබඳ දැනටමත් අවබෝධ කරගෙන තිබෙනවා.” යනුවෙන් සර්දනා මහතා ප්‍රකාශ කළේය.

අදානි සමාගම ශ්‍රී ලංකාවේ  විදුලිබල අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන්  කැපවී සිටින බව මෙන්ම මෙරට නිපුණතා සහ පරිසර පද්ධති සංවර්ධනයට ද අත්වැලක් වෙමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ මෙහෙයුම් මෙන්ම නඩත්තු යන අංශයන්හි  ශ්‍රම බලකාය සඳහා අවම වශයෙන් 95%ක් මෙරටින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී තවදුරටත් සර්දනා මහතා විසින් සඳහන් කරන ලදී . තවද, සමාගම මඟින් ව්‍යාපෘති කොමිස් කිරීම හා සම්බන්ධ අනුබද්ධිත  කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා සහාය ලබාදීමට ද  ඉදිරිපත් වී ඇති අතර ඒ ඔස්සේ  අනාගතයේ දී මෙම කුසලතා විදෙස් රටවලින් ආනයනය කිරීම වෙනුවට දේශීයව ලබා ගැනීමට හැකිවනු ඇත.

අදානි ව්‍යාපෘතිය ආශ්‍රිතව මතුකර ඇති පාරිසරික ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ  පියාසර කරන පක්ෂී  රංචු පහසුවෙන් හඳුනා ගනිමින් ස්වයංක්‍රීයව ටර්බයින අක්‍රීය කිරීම සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වූ රේඩාර් පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති බවත්, පක්ෂීන් ගැටීම වැළැක්වීම සඳහා පක්ෂීන්ට වඩාත් හොඳින් දෘශ්‍යමාන වන පරිදි තලවල වර්ණ ආලේප කිරීම සහ ශබ්ද පෙට්ටි ඒ ආශ්‍රිතව ස්ථාපිත කිරීම වැනි  උපක්‍රමශීලී ක්‍රම අනුගමන කිරීමට පියවර ගෙන ඇති බව ද මෙහිදි ඔහු සඳහන් කළේය.

අධික පිරිවැයක් සහිත පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති උත්පාදනය පිළිබඳ නැවත වරක් සිතා බලමින් ඉන්දියාව සමඟ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති  වෙත එළැඹීම වැනි ලාභදායි විකල්පයන් ගවේෂණය කිරීමට සර්දනා මහතා විසින් මෙහිදී යෝජනා කරන ලදී. අදානි සමාගම විසින් බංග්ලාදේශයේ සිදුකළ ව්‍යාපෘතිය ආරම්භයේදී ද සමාගම විසින් ඉහළ ගාස්තු අය කරන්නේද යන ගැටලුව සමඟ මේ හා සමානම ඍණාත්මක තත්ත්වයක් මතු වූවද,  එරට ආනයනික බලාගාර අතර ලාභදායිම විදුලිය ජනනය කිරීම තුළින් එය සාර්ථකත්වයට පත්ව ඇති ආකාරය ද සර්දනා මහතා මෙහිදී පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *