August 17, 2025
ඉන්දියාව පුරා අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදි කරන්නට අදානි පදනමෙන් ප්‍රතිඥා
පුවත්

ඉන්දියාව පුරා අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදි කරන්නට අදානි පදනමෙන් ප්‍රතිඥා

Mar 7, 2025

රට පුරා අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අදානි පදනම, පෞද්ගලික K-12 අධ්‍යාපනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන GEMS අධ්‍යාපනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. අදානි පවුලෙන් පිරිනමන ලද ඉන්දියානු රු. කෝටි 2,000ක මූලික පරිත්‍යාගය සහ මෙම හවුල්කාරිත්වය තුළින් සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැරිය හැකි මිලකට ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉගෙනුම් යටිතල පහසුකම් ලබා දීමට මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතාව දෙනු ඇත. මෙම පදනම ඉන්දියාවේ විශාලතම යටිතල පහසුකම් සපයන සමාගම් සමූහය වන අදානි සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය නියෝජනය කරනු ලබන ව්‍යාපෘතියකි.

ගෞතම් අදානි සභාපතිතුමාන්ගේ සමාජ දර්ශනය වන “සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම” යන සංකල්පයට අනුව, මෙම සහයෝගීතාවය ඉගැන්වීමේ දක්ෂතා වර්ධනය කිරීම කෙරෙහි අවදානය යොමු කරමින් ඉහළ ප්‍රමිතියේ පර්යේෂණ ආයතන බිහි කිරීමට අවශ්‍ය නවෝත්පාදනය හා ශක්‍යතා වර්ධන වැඩසටහන් සඳහා සහය ලබා දෙනු ඇත.

පළමු ‘Adani GEMS School of Excellence’ පාසැල 2025-26 අධ්‍යයන වර්ෂයේදී ලක්නව් හි පිහිටුවනු ලැබීමට නියමිතය. ඉදිරි වසර තුන තුළ, K-12 වර්ගයේ පාසැල් අවම වශයෙන් 20ක් ඉන්දියාවේ ප්‍රධාන මහා නගර වෙත හඳුන්වාදීමට නියමිත අතර, පසුව දෙවැනි මට්ටමේ සිට සිව්වන මට්ටම දක්වා නගරවල ද එම පාසල් පිහිටුවනු ඇත. මෙම පාසල්වල, ආසනවලින් 30%ක් CBSE විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හදාරන, අඩු ආදායම්ලාභී හා සුදුසුකම් ඇති දරුවන්ට නොමිලේ පිරිනැමීමට නියමිතය. අදානි සමූහය ඉන්දියාව තුළ උසුලන පුළුල් ව්‍යාප්තිය හා විශාල යටිතල පහසුකම් සේවාවන් මෙන්ම GEMS හි අධ්‍යාපනික විශේෂඥ දැනුම ද උපයෝගී කරගනිමින්, මෙම සහයෝගීතාවය තුළින් ඉන්දියාව පුරා සිසුන් සඳහා පුළුල් කළ හැකි (Scalable) හා දැරිය හැකි මුදලකට තිරසර අධ්‍යාපන ආකෘතියක් සැකසීමට අදානි සමූහය අපේක්ෂා කරයි.

“මෙම මුලපිරීම ලෝකයේ හොඳම අධ්‍යාපන වරමක් අඩු වියදමකින් හා පුළුල් ප්‍රවේශයකින් විවර කරදීම උදෙසා වන අපගේ කැපවීම පිළිබිඹු කරනවා,” අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා පැවසීය. “GEMS Education සමඟ අපගේ සහයෝගීතාවය හරහා ලොව හොඳම භාවිතාවන් හා නවෝත්පාදන ඩිජිටල් ඉගැන්වීම් ක්‍රම අනුගමනය කිරීමෙන්, ඊළඟ පරපුරේ වෙනසක් කළ හැකි පිරිස, ඉන්දියාව තුළ සමාජයීය වගකීම් සහිත නායකයින් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි.”

“අපේ දැක්ම නම්, සෑම විටම, සෑම ශිෂ්‍යයෙකුටම ඔවුන්ගේ සමාජ ආර්ථික පසුබිම නොතකා ගුණාත්මක අධ්‍යාපනයක් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කරදීමයි,” GEMS Education නිර්මාතෘ හා සභාපති සනී වර්කී මහතා පැවසීය. “අදානි පදනම සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාවය අපගේ ප්‍රවේශය හා බලපෑම ව්‍යාප්ත කිරීමට අපව තවත් දිරිමත් කරනවා වගේම, ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සිසුන්ට හා ගුරුවරුන්ට අපගේ ගෝලීය අධ්‍යාපනික විශේෂඥ දැනුම පිරිනමන්නටත් උපකාරී වනවා.”

ජාතියක් පරිවර්තනය කිරීම සඳහා එහි තරුණ පරපුර ගොඩනැගීමට කැපවීමෙන් හා නිරන්තරයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව මෙම සහයෝගීතාවයේ විශ්වාසයයි. මෙම සබඳතාවය තුළින් ඉහළ නිපුණතාවයකින් යුතු හා වටිනාකම් මත පදනම් වූ දක්ෂයන්ගේ සංචිතයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ගමන් කිරීමට උපකාරී වනු ඇත. Adani-GEMS Schools ගෝලීය විෂය නිර්දේශ හා ඉන්දියානු අධ්‍යයන මණ්ඩලවල හොඳම අංග ඒකාබද්ධ කිරීම තුළින් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් පිරිනැමීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close