City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි
City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත් විය.

