August 18, 2025
Royal Asset Holdings සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
පුවත්

Royal Asset Holdings සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Mar 13, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස විශ්වාසනීය නමක් දිනා ඇත. එම සමාගම සපයන මූල්‍ය සේවා අතර පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය, උකස් සේවා, ක්ෂුද්‍ර ලීසිං, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ණය, පෞද්ගලික ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, උකස් ණය ප්‍රධාන වේ.

පාරිභෝගිකයන් කේන්ද්‍ර කර ගත් Royal Asset Holdings සමාගම නම්‍යශීලී සහ පුද්ගලාරෝපිත මූල්‍ය සේවා සැපැයීමට කැප වී සිටී. කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවා සැපයීම තුළින් පෞද්ගලික සහ ව්‍යාපාරික මූල්‍ය ස්ථාවරත්වය හා වර්ධනය ළඟා කර ගැනීමට එම සමාගම පාරිභෝගිකයන්ට සහාය වේ. Royal Asset Holdings සමාගමේ ප්‍රධාන කාර්යාලය ගම්පහ පිහිටා ඇති අතර මීගමුව, හලාවත, කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, මන්නාරම, අම්පාර, පේදුරු තුඩුව සහ තවත් ප්‍රදේශ රැසක එහි ශාඛා පිහිටා ඇත. රට පුරා විහිදී ඇති ශාඛා ජාලය තුළින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට පාරිභෝගිකයන්ට ඇති ප්‍රවේශය තහවුරු වේ. ආරක්ෂාව, ආයෝජනය සහ මූල්‍යකරණය ප්‍රමුඛ කර සළකන Royal Asset Holdings සමාගම සිය නිෂ්පාදන සහ සේවා කළඹ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම සුවිශේෂ කරුණකි. ණය, අන්තර්ජාතික වෙළෙඳාම සහ උගස් සේවා පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගම මීට පෙරද දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් දිනා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close