August 17, 2025
මීඩියා මහගෙදර සහතික පත්‍ර ප්‍රදානය කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ
පුවත්

මීඩියා මහගෙදර සහතික පත්‍ර ප්‍රදානය කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ

Mar 13, 2025

මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් බල ගැන්වෙන ලංකාවේ අංක එකේ මාධ්‍ය පාසලක් වන මීඩියා මහගෙදර Academy of Media & Arts ආයතනයේ රූපවාහිනී ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලා සාර්ථකව නිමා කළ සිසුන්ට සහතික ප්‍රදානය සහ ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ “මීඩියා මහගෙදර මෞලි මංගල්‍යය” කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ, කුරුණෑගල, මහනුවර, රත්නපුර යන මීඩියා මහගෙදර ශාඛාවල “ළමා / තරුණ රූපවාහිනී ගුවන්විදුලි නව මාධ්‍ය නිවේදන හා කථන පුහුණු පාඨමාලා” සාර්ථකව නිමා කළ සිසුන්ට එහිදී සහතික පිරිනමන ලදී. විශිෂ්ටම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම යන කාණ්ඩ යටතේ එක් එක් ශාඛාවල සිසුන් 20 දෙනෙකුට පදක්කම් පැළඳවීම සුවිශේෂත්වයකි.

මේ අවස්ථාවට ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත හල්මිල්ලකුලමේ සුජාතඤාණ හිමි, මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශක කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රන්ජිත් සේනානායක, මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ, මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශිකා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තිලකා රණසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදීන් වන දර්ශන මල්දෙණිය, බුද්ධික වැලිවිට, මහින්ද බිබිලේ, ශාරා හංසි පෙරේරා, අසංක වෙලේගම, නිරෝෂන් මලින්ද බණ්ඩාර, ජයනි විමලසූරිය, මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක ඩිෂාන් තිලක්ෂණ, මනෝ උපදේශිකා අනෝමා ගීගනගේ, වෛද්‍ය මහේෂී ගනේගෙදර, මීඩියා මහගෙදර කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂාන් මනුරංග සහභාගී වූහ. එහිදී මාධ්‍ය ක්ෂේත්‍රයට අඩ සියවසක කාලයක් පුරා කළ මෙහෙවර අගයමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියසිරි විතානගේ මහතාටත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තිලකා රණසිංහ මහත්මියටත් උපහාර පිරිනමන ලදී. “හීන පොදි බැඳන් එන්න – අපි ඔබට පාර කියන්නම්” තේමාව අනුව කටයුතු කරන මීඩියා මහගෙදර (https://www.facebook.com/mediamahagedara) සමග ඔබටත් එක් විය හැකිය. 0711582482 / 0701288488 අංකවලට අමතා හෝ WhatsApp ඔස්සේ වැඩි විස්තර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close