August 18, 2025
ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය හා BWIO සම්මාන උළෙල අප්‍රේල් 05 ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ
පුවත්

ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය හා BWIO සම්මාන උළෙල අප්‍රේල් 05 ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ

Mar 3, 2025

Business World International Organization (BWIO) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්‍යාපාර ලෝක සම්මන්ත්‍රණය සහ BWIO සම්මාන උළෙල 2025 අප්‍රේල් 05 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. BWIO සම්මාන උළෙල යනු Business World International Organization විසින් සංවිධානය කරනු ලබන ලොව පිළිගත් කීර්තිමත් වාර්ෂික උත්සවයකි.

Business World International Organization යනු ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාර සවි බල ගැන්වීම සහ ගෝලීය වශයෙන් ව්‍යාපාරවල හා ව්‍යවසායකයන්ගේ විශිෂ්ටත්වය හා දක්ෂතා හදුනා ගෙන ප්‍රතිලාභ සැපැයීම සඳහා ක්‍රියා කරන ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් ජාත්‍යන්තර සංවිධානයකි. ලොව පුරා ව්‍යාපාරවල සාර්ථකත්වය සහ ජීව ගුණය හඳුනා ගැනීම ඔවුන්ගේ අරමුණයි. ව්‍යාපාර සහ ව්‍යවසායකයන් සඳහා පිළිගැනීමක් ඇති කිරීම, මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලැබීමට අවස්ථාව සළසා දෙමින් ඔවුන්ගේ විශිෂ්ටත්වය ඇගැයීම හා දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් BWIO සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. BWIO සම්මාන උළෙලේදී ව්‍යවසායකයන් රැසක් ඇගැයීමට නියමිතය. මෙම අවස්ථාවට තානාපතිවරුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වෙති.

2 Comments

  • I take pleasure in, result in I discovered exactly what I was looking for. You’ve ended my 4 day long hunt! God Bless you man. Have a nice day. Bye

  • This web site is really a walk-through for all of the info you wanted about this and didn’t know who to ask. Glimpse here, and you’ll definitely discover it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close