August 18, 2025
NDB සමූහයේ ඉහළම බදු පෙර ලාභය වාර්ථා කරමින් රු. බිලියන 24 පසු කරයි
පුවත්

NDB සමූහයේ ඉහළම බදු පෙර ලාභය වාර්ථා කරමින් රු. බිලියන 24 පසු කරයි

Feb 26, 2025

2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත ලාභය පිළිබඳව NDB බැංකුව විසින් ඉතා සතුටින් නිවේදනය කර සිටින අතර එය බැංකුවේ වර්ධන ගමන් මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. සියලූම ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) සහ කොටස් හිමියන්ගේ මිනුම් දර්ශකයන් සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළ අතර එය බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම පිළිබිඹු කරයි.

NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙම ඉහළ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රකාශ කලේ ‘‘2024 මූල්‍ය වර්ෂයේ අපගේ කාර්ය සාධනය ගැන අපි ඉතාමත් ආඩම්බර වන අතර, එය අපගේ මූල්‍ය ශක්තිය සහ දිනෙන් දින විකාශනය වන ආර්ථික පරිසරයට හැඩ ගැසීමට අපගේ ඇති හැකියාව පෙන්නුම් කරයි’’ ලෙසයි.

2024 මූල්‍ය වර්ෂයේ අපගේ මෙම ඉහළ වර්ධනය සඳහා මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ පාරිභෝගික සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කළ උපාය මාර්ග ද දායක විය. මීට පෙර සිදු කරන ලද මාධ්‍ය නිවේදනයන් මඟින් ඉස්මතු කළ පරිදි, අපි අපගේ ක‍්‍රියාකාරකම් ප‍්‍රධාන කුළුණු තුනක් මත කේන්ද්‍රගත කළෙමු. ගනුදෙනු ඉහළ නැංවීම, ණය කළඹේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ශුද්ධ පොලී ආන්තිකය වැඩි කිරීම එම අංශ තුනයි. බැංකුව අදාළ ක්ෂේත‍්‍රයන්හි ධනාත්මක වර්ධනයක් හිමිකර ගැනීමත් සමඟ අපගේ ව්‍යාපාරික සැලසුම් සාර්ථක වූ අතර, එය ඉහළ මට්ටමේ ලාභයක් වාර්ථා කිරීම සඳහා හේතු විය.

මෙම සමාලෝචනයට භාජනය කළ කාල සීමාව සඳහා බැංකුව 2023 වසරට සාපේක්ෂව 141% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 24.3 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කළ අතර එයට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් ජනිත වූ රුපියල් බිලියන 12.8 ක ලාභය ද ඇතුළත් වේ. මෙම ලාභය හැරුණු විට, සාමාන්‍ය ව්‍යාපාර කටයුතු හේතුවෙන් අපගේ බදු ගෙවීමට පෙර ලාභය පසුගිය වසරට සාපේක්ෂව 31% කින් වර්ධනය වූ අතර එය අපගේ ව්‍යාපාර ආකෘතියේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කරයි.

පසුගිය වසර දෙස අප නැවත හැරී බලන විට, 2024 වසර සහයෝගීතාවයේ වසරක් වී ඇති අතර, එහිදී අපගේ සියලූම ප‍්‍රධාන කොටස්කරුවන් – අපගේ කොටස් හිමියන්, සේවකයින්, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ අප නිර්මාණය කළ ව්‍යාපාරික වටිනාකම් මෙම ගමනට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලිය. ඔවුන් සෑම කෙනෙකුටම මෙම වර්ධනය වෙනුවෙන් ඔවුන් දැක්වූ නොසැලෙන සහයෝගය සහ කැපවීම වෙනුවෙන් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

අපි අනාගතය දෙස බලන කළ, NDB බැංකුව ජාතියේ ප‍්‍රමුඛතා සමඟ සමපාත වෙමින් තිරසාර වර්ධනයක් ගෙන ඒම වෙනුවෙන් කැපවී සිටින අතර, එය අපගේ සියලූම කොටස්කරුවන් සඳහා දීර්ඝ කාලීන සමෘද්ධිමත් අනාගතයක් ලඟා කරදීම වෙනුවෙන් අවැසි බලය ලබාදෙයි. පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි අපගේ ඇති අවධානය අපගේ ව්‍යාපාරික උපායමාර්ගයන්හි කිදාබැස ඇති අතර, එමඟින් සමස්ථ ව්‍යාපාරික පද්ධතියට ධනාත්මක බලපෑමක් ඇති කිරීම සහතික කරයි’’ යනුවෙන් තව දුරටත් අදහස් දක්වමින් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ විශ්ලේශණය

ආදායම සහ ලාභය

2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා NDB බැංකුව රුපියල් බිලියන 9.0 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කළ අතර එය පෙර 2023 වසරට වඩා 68% ක ඉහළ ලාභයකි. සමූහයේ ලාභය රුපියල් බිලියන 9.8 ක් වූ අතර එය නැවතත් වසරින් වසර 70% කට අධික ආකර්ෂණීය වර්ධන අගයකි. බැංකුව සහ සමූහ මට්ටමින් බදු ගෙවීමට පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 24.3 ක් සහ බිලියන 25.7 ක් වූ අතර, එය බැංකුව සහ සමූහය ලෙස වසර 45 කට වැඩි ඉතිහාසයක් තුළ වාර්තා කළ ඉහළම ලාභදායීතා අගය බවට පත් කළේය.

ශුද්ධ පොලී ආදායම සහ ගාස්තු හා කොමිස් ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් සමඟ බැංකුවේ ප‍්‍රධාන ව්‍යාපාරික ක‍්‍රියාකාරකම් ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලදී. බැංකුවේ මුළු මෙහෙයුම් ආදායමෙන් 75% ක් වන ශුද්ධ පොලී ආදායම (NII) වසරින් වසර 7% කින් වර්ධනය වී රුපියල් බිලියන 34.2 ක් වූ අතර එය අඩු පොලී අනුපාත පරිසරයක සහ ණය නිකුත් කිරීමේ වර්ධනය මධ්‍යස්ථව පැවති වසරක ප‍්‍රශංසනීය කාර්ය සාධනයකි. NDB බැංකුවේ විචක්ෂණශීලී ලෙස වත්කම් සහ වගකීම් කළමනාකරණය කිරීම සහ ප‍්‍රශස්ථ මිල පාලනය හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය (NIM) 4.34% ක ස්ථාවරත්වයක් හිමිකරගැනීමට සමත්විය.

බැංකුවේ සමස්ථ ආදායමේ තවත් අනිවාර්ය අංගයක් වන ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම, වසරින් වසර 9% කින් රුපියල් බිලියන 7.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මධ්‍යස්ථ වුවද, ණය පරිමාවන්හි ක‍්‍රමික වැඩිවීම, වෙළඳ මූල්‍යකරණ මෙහෙයුම් සහ ඩිජිටල් බැංකු ගනුදෙනු සහ උපාය මාර්ගය යටතේ ඒකාබද්ධ ගනුදෙනු ප‍්‍රවර්ධනය මඟින් ගාස්තු ආදායම ඉහළ යාමට හේතු විය. අරමුදල් පදනම් නොවන අනෙකුත් මුළු ආදායම රුපියල් බිලියන 3.5 ක ශුද්ධ ආදායමක් ලබා ගත් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 45.5 කි. 

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ පළමු දිනයේ වාර්ථා වූ අලාභය ඇතුලත්ව එහි බලපෑම රුපියල් බිලියන 14.3 කි. බැංකුව රුපියල් බිලියන 10.0 ක ශුද්ධ හානිපූර්ණ ගාස්තු ආපසු හැරීමක් වාර්තා කළ අතර එයට ආයෝජන කළඹේ ඉහත සඳහන් කළ හානිපූර්ණ නැවත හැරීමද ඇතුළත් විය. උපාය මාර්ගයේ තවත් අංගයක් වන ණය කළඹේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වසර තුළ සැලකිය යුතු දියුණුවක් ඇති කළේය. 2023 වසරට සාපේක්ෂව 2024 දී ණය පොතේ හානිපූර්ණ ගාස්තුව රුපියල් බිලියන 2.7 කින් (17%) අඩු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, අවධානම් ණය (අදියර 3) මුළු ණය අනුපාතයට සාපේක්ෂ වශයෙන් 5.18% දක්වා 340 bps අගයකින් වැඩි දියුණු වූ අතර අවධානම් (අදියර 3) අදියර 3 ණය අනුපාතය 2023 වසර අවසානයට සාපේක්ෂව 13.37% සිට 54.48% දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 වසරේ 3 වන කාර්තුවේ සිට පවත්වා ගෙන ගිය ප‍්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යයි. පිරිවැය කළමනාකරණය කෙරෙහි සමාන අවධානයක් වසර පුරා අඛණ්ඩව පැවතුනි. වසර සඳහා මුළු මෙහෙයුම් පිරිවැය රු. බිලියන 16.8 ක් වන අතර එය 23% ක වසරින් වසර වැඩි වීමක් වන අතර ආදායම් අනුපාතය 36.9% කි.

ශේෂපත‍්‍ර කාර්ය සාධනයල ද්‍රවශීලතාව සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත්භාවය

ශේෂපත‍්‍ර කාර්ය සාධනය 2024 වසර පුරාවට මධ්‍යස්ථව පැවති අතර, එය වෙනස් වෙමින් පවතින ආර්ථික පරිසරය තුළ ගනු ලැබූ උපායමාර්ගික ප‍්‍රවේශයේ ප‍්‍රතිඵලයකි. ඒ අනුව, මුළු වත්කම් වර්ධනය 2%ක් වූ අතර එය රුපියල් බිලියන 796 කි. විනිමය අනුපාතයේ චලනයෙන් හි ඇති වූ ඍණාත්මක බලපෑම ඇතුළුව දළ ණය සහ තැන්පතු වල වර්ධනය 3% ක් වූ අතර එය පිළිවෙලින් රුපියල් බිලියන 510 සහ රුපියල් බිලියන 632 දක්වා ළඟා විය. ශේෂපත‍්‍ර අරමුදල් යහපත්ව පැවතුන අතර, එය ප‍්‍රාග්ධන පිරිවැය තවදුරටත් ප‍්‍රශස්ත කිරීමට හේතු විය. 2023 වසරට සාපේක්ෂව ඉතුරුම් හා ජංගම ගිණුම් (CASA) අනුපාතය ප‍්‍රතිශත ලක්ෂ්‍ය 2 කින් 25.0% දක්වා වැඩි වූ අතර, ක්ෂේත‍්‍රයේ සාමාන්‍යය අගයට සාපේක්ෂව NDB බැංකුව සතුව ඇති CASA අනුපාතය ඉහළ යාමේ ඉහළ ප‍්‍රගමණයට දායක විය. මුළු කොටස් ප‍්‍රමාණය ද 11% කින් වැඩි වී රුපියල් බිලියන 77.7 දක්වා ඉහළ ගියේය. ඊට අමතරව, වසර තුළ Basel III අනුකූල Tier II ප‍්‍රාග්ධනයේ මුළු රුපියල් බිලියන 10.0 ක් සහ රුපියල් බිලියන 5.0 බැගින් කොටස් නිකුතු දෙකක් හරහා NDB බැංකුව රැස් කළේය. පළමු මට්ටමේ (Tier I) සහ සමස්ථ ප‍්‍රාග්ධනයේ ප‍්‍රමාණවත්භාවය ප‍්‍රාග්ධන අනුපාතවලින් වැඩි දියුණු කිරීම් පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙලින් අවම අවශ්‍යතාවයට වඩා 13.68% සහ 19.09%, 518 bps සහ 659 bps ලෙස ඉහළ ගොස් තිබුණි.

නියාමන ද්‍රවශීලතා ආවරණ අනුපාතය (රුපියල්), ද්‍රවශීලතා ආවරණ අනුපාතය (සියලූ මුදල් වර්ග) සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය පිළිවෙලින් 358.12%, 308.26% සහ 152.43% ලෙස නියාමන අවම අවශ්‍යතාවය වන 100% ට වඩා  ඉහළින් පවත්වාගෙන යන ලදී.

ආයෝජකයින් සඳහා කාර්ය සාධක දර්ශකයන්

2024 වසරේදී ආයෝජකයින්ගේ කාර්ය සාධනය වාර්තාගත ඉහළම අගයන් වාර්තා කළේය. සාමාන්‍ය කොටස් මත ප‍්‍රතිලාභය 2023 වසරේදී 8.03% සිට 12.22% දක්වා ඉහළ ගියේය. කොටසක ඉපැයීම් 2023 වසරේදී රු. 12.92 සිට රු. 21.73 දක්වා ළඟා විය. සමූහ මට්ටමින් පිළිවෙලින් අනුපාත 12.46% සහ රු. 23.57 විය. බැංකුවේ බදු පෙර සාමාන්‍ය වත්කම් මත ප‍්‍රතිලාභය 3.09% ක් වූ අතර එය පෙර වසරේ 1.25% ට වඩා සුවිශේෂී වර්ධනයකි. කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 186.91 ක් වූ අතර එය කොටසක අවසාන කොටස් මිලට සංසන්ධනාත්මකව රු. 113.25 කි. 2023 වසරේදී මෙම දර්ශක වල සංසන්දනාත්මක අගයන් පිළිවෙලින් රු. 175.60 සහ රු. 64.90 කි. කොටසක සමූහ ශුද්ධ වත්කම් වටිනාකම රු. 199.13 (2023 – රු. 186.43)

ඉදිරි දැක්ම

රටේ ආර්ථිකය දිරිගන්වන සුළු ලෙස සංවර්ධනයේ නිවැරදි දිශාවට ගමන් කරන බව පෙනී යයි. ශ‍්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) මඟින් Restricted Default මට්ටමේ සිට CCC+ දක්වා මෑතකදී ඉහළ නැංවීම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම පිළිබඳව පැහැදිලි තහවුරු කිරීමකි. මෙම ධනාත්මක වර්ධනය ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කරන පිළිගැනීමේ සලකුණක් වන අතර, එමඟින් බැංකු අංශයට ප‍්‍රතිලාභ හිමිවී ඇති අතර, NDB ඇතුළු බැංකු බහුතරයක් නැවතත් ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ඇත. වසර ගණනාවක් පුරා, අපගේ ක‍්‍රියාවලීන් විධිමත් කිරීමට, අපගේ ඩිජිටල් හැකියාවන් ශක්තිමත් කිරීමට සහ අපගේ කාර්ය මණ්ඩලයේ කුසලතා අඛණ්ඩව ඉහළ නැංවීමට මෙන්ම බිහිවන නව අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීමට සෑම විටම NDB බැංකුව සූදානම් බව සහතික කරමු. මෙම කැපවීම හරහා රට ක‍්‍රමයෙන් එහි මෑත කාලීන දුෂ්කරතාවයන්ගෙන් බැහැර වෙමින් ශක්තිමත් වර්ධන මාවතක් කරා ප‍්‍රවිශ්ඨ වී ඇත. මෙම සන්දර්භය තුළ, ජාතියේ ආර්ථික වර්ධනයට සහාය වීමේදී සහ අපගේ කොටස්කරුවන්ට සමෘද්ධිය කරා ගෙනයාමට උපකාර කිරීමේදී අපට ඉටු කළ හැකි සැලකිය යුතු කාර්යභාරය පිළිබඳව අප ඉතා විශ්වාසයෙන් කටයුතු කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close