August 18, 2025
නව අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි
පුවත්

නව අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි

Feb 26, 2025

මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ඊට සහභාගී වූහ. 2003දී යතුරුපැදි ආනයන සමාගමක් ලෙස ඇරැඹුණු සෙනාරෝ සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක වාහන මාදිලි කිහිපයක්ම වෙළෙදපොළට හදුන්වා දී තිබේ. එම සමාගම වර්ග රැසක වාහන හා යතුරුපැදි නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා රජය පිරිනමන නිෂ්පාදන සහ එකලස් කිරීමේ බලපත්‍රයක් ලැබීම ඔවුන් මෑතකදී ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. කර්මාන්ත අමාත්‍යංශයේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට (SOP) අනුව ක්‍රියාත්මක වන එම බලපත්‍රය ලැබීමෙන් දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට සහ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ.

සෙනාරෝ GN 125 යතුරුපැදි එකලස් කරමින් එම සමාගමේ එකලස් කිරීමේ ව්‍යාපාර කටයුතු ආරම්භ විය. එය ඉතා කෙටි කාලයකින් පාරිභෝගික ආකර්ෂණය දිනූ අතර වර්තමානයේදී වැඩියෙන්ම අලෙවි වන නිෂ්පාදනයක් වී ඇත. බහු ජාතික සන්නාම රැසක් සමඟ සාර්ථක ලෙස තරග කරන සෙනාරෝ 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයකි. සෙනාරෝ Click 150 ස්කූටරය වේගයෙන් වර්ධනය වන ස්කූටර් වෙළෙඳපොළේ ප්‍රබල තරගකරුවෙකු බවට නිසැකවම පත් වනු ඇත. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ට සමාගමේ නිෂ්පාදන සහ අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ සියලු තොරතුරු පහසුවෙන් ගත හැකිය. සෙනාරෝ සමාගම යතුරුපැදි සහ ස්කූටර් එකලස් කිරීමේදී අවම වශයෙන් 30%ක දේශීය අගය එකතු කිරීමක් සිදු කරයි. සෘජු සහ වක්‍ර රැකියා රැසක් නිර්මාණය කිරීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ වර්ධනයට දායක වීමටත් ඔවුන්ට හැකි වී ඇත. ඉදිරියේදී අපනයන වෙළෙඳපොළටද පිවිසීමට සැළැසුම් කර ඇති සෙනාරෝ සමාගම ශ්‍රී ලාංකික ඉංජිනේරු විශිෂ්ටත්වය ගෝලීය වශයෙන් විදහා පෑමට සහ රටට විදේශ විනිමය ගෙන ඒමට සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close