August 18, 2025
Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි
පුවත්

Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි

Feb 26, 2025

ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, පේරු, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඝානාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව, නේපාලය, උගණ්ඩාව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් නියෝජනය කරන කණ්ඩායම් ඊට සහභාගී විය.

එක්සත් ජනපදය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 111ක් ලැබූ අතර එක්සත් ජනපදය ලැබුවේ ලකුණු 22ක් පමණි. දෙවන තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 91ක් ලැබූ අතර දකුණු කොරියාව ලකුණු 22ක් රැස් කළේය. තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 105කුත් පෝලන්තයට ලකුණු 40කුත් හිමි විය. මෙම ප්‍රබල දස්කම් සමඟින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම C කාණ්ඩයේ පෙරමුණ ගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී ඉන්දියාවට එරෙහිව තියුණු තරගයක යෙදුණේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග හතරක් ක්‍රීඩා කර දෙකක් ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා Kho Kho සම්මේලනයේ ලේකම් අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වසර ගණනාවක් පුරා විශාල මෙහෙයක් සිදු කළේය. ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ Ceylon Sapphire Mining සමාගමේ සභාපති සංජීව ප්‍රියන්ත ෆොන්සේකා ශ්‍රී ලංකා Kho Kho සම්මේලනයේ උප සභාපතිවරයාද වේ. එම සම්මේලනයේ උප සභාපතිවරුන් වන ලුතිනන් කමාන්ඩර් චන්ද්‍රලාල් නානායක්කාර, දයානන්ද නවරත්න සහ භාණ්ඩාගාරික  බුද්ධික පතිරාජ ක්‍රීඩාවේ උන්නතියට විශාල සේවයක් කරති. Ceylon Sapphire Mining සමාගමේ අධ්‍යක්ෂ මේජර් අරුණ කුමාරගෙන්ද විශාල සහයෝගයක් ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close