
NDB බැංකුව සමුද්‍ර සංරක්ෂණ ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි
සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය බැංකුව බවට පත්වන අතර එය පාරිසරික තිරසාරභාවය සඳහා බැංකුවේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම හවුල්කාරිත්වයට ප‍්‍රධාන අංගයන් දෙකක් ඇතුළත් වෙයි. මීගමුව ආශ‍්‍රිත කලපුව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සහ දිය මුහුද පතුල පිරිසිදු කිරීම් සහ කොරල්පර සංරක්ෂණ ව්‍යාපෘතියයි. මීගමුව කලපු වැඩසටහන මඟින් ජෛව විවිධත්වය සඳහා තීරණාත්මක පරිසර පද්ධතියක් වන කලපුව සහ ඒ අවට කඩොලාන වලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම ඉලක්ක කරයි. පිරිසිදු කිරීමේ ප‍්‍රයත්නයන්ට අමතරව, මෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රාදේශීය ප‍්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන්ව මෙවැනි වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගැනීම, දැනුවත් කිරීම සහ පරිසර සංරක්ෂණ තුළින් ධනාත්මක බලපෑමක් ඇති කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
මුහුදු පතුල පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ශ‍්‍රී ලංකාව පුරා ඇති උපාය මාර්ගික ස්ථාන වල පිහිටා ඇති මුහුදු කොරල්පර සහ සාගර ශාක මත ඇති ප්ලාස්ටික් සහ සමුද්‍ර සුන්බුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. COF හි මුහුදු පතුල පිරිසිදු කිරීමේ වැඩසටහනට සහය දීමෙන්, NDB බැංකුව සමුද්‍ර ජෛව විවිධත්වය සහ වෙරළ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන කොරල්පර ප‍්‍රතිසංස්කරණය කිරීමට සක‍්‍රීයව දායක වේ. මෙම පුරෝගාමී උත්සාහය සමඟ සම්බන්ධ වීමෙන්, මෙම තීරණාත්මක වගකීම භාර ගන්නා පළමු දේශීය බැංකුව බවට පත් වෙමින් NDB බැංකුව පරිසර සුරැකීම සඳහා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස එම කටයුතු වලට දායක වේ.
මෙම හවුල්කාරීත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමින් NDB බැංකුවේ මානව සම්පත් සමූහ ප‍්‍රධානී ලසන්ත දසනායක මහතා අවධාරණය කර සිටියේ “වගකිවයුතු ආයතනයක් වශයෙන් සමුද්‍ර දුෂණය වැනි පාරිසරික අභියෝගයන් සඳහා අඩු කිරීමට ගන්නා සෑම උත්සාහයකම අපගේ නොමැද සහය දක්වා සිටිමු. COF සමඟ මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාවේ සමුද්‍ර පාරිසරික පද්ධති සඳහා කල්පවත්නා බල පෑමක් ඇති කිරීම සහ මෙම කර්තව්‍ය සඳහා අනෙකුත් පාර්ශවයන්ද සම්බන්ධ වීමට පෙළඹවීම අපගේ ප‍්‍රධාන අරමුණ” බවයි.
මෙම හවුල්කාරිත්වය තිරසාරත්වය මත පදනම් වූ මුලපිරීම් වලට මූලිකත්වය ගනිමින් එහි කාර්යයභාරය වැඩි දියුණු කරමින් තිරසාර අනාගතයක් ගොඩනැගීමේ NDB බැංකුවේ දැක්ම පිළිඹිබු කරයි. වෙරළ තීරය, කලපු සහ ගැඹුරු සහ නොගැඹුරු පරිසර පද්ධති ආවරණය කිරීම සඳහා එහි සමුද්‍ර සංරක්ෂණ ප‍්‍රයත්නයන් පුළුල් කිරීමෙන් පාරිසරික සංරක්ෂණය සඳහා අර්ථවත් ලෙස දායක විය හැකි ආකාරය විදහා පාමින් NDB බැංකුව ආයතනික අංශයට ආදර්ශයක් සපයයි. මෙම මුලපිරීම් හරහා NDB බැංකුව පරිසර හිතකාමී හා වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගෙන යයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.