JKCG Auto සහ Indra Service Park සමාගම එක්ව BYDහි නවතම 3S පහසුකම මහනුවර විවෘත කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්‍යම කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto විසින් BYD හි තෙවන ඒකාබද්ධ ප්‍රදර්ශනාගාරය, සේවා මධ්‍යස්ථානය සහ අමතර කොටස් පහසුකම (3S පහසුකම) ‘BYD Kandy’ නමින් මහනුවර ස්ථාපිත කිරීමට අරමුණු කරයි. මහනුවර සහ මධ්‍යම පළාතේ ජනතාවට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි මෙම 3S ප්‍රදර්ශනාගාරය ස්ථාපිත කර ඇති අතර එය ජනවාරි මස 16 වනදා ආරම්භ කිරීමට නියමිතය. තවද BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වෙතින් BYD මගී වාහන සඳහා පෙර ඇණවුම් ලබා දීම ද එදිනම සිදු කළ හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “Indra Service Park සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව පුරා නව බලශක්ති වාහන භාවිතය පුළුල් කිරීමට මෙන්ම මෙරට ජනතාවගේ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට අපගේ උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. BYD Kandy හරහා මහනුවර ජනතාවට නව්‍ය NEV විසඳුම් ගෙන ඒමටත් දේශීය ආර්ථිකයට සහ පරිසරයට ප්‍රතිලාභ ලබා දෙමින් තිරසාර ප්‍රවාහන සැලසුම් ඉදිරියට ගෙන යාමටත් අපට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.” යනුවෙනි.
BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයින්ගෙන් සහ අතිනවීන තාක්ෂණයෙන් මෙම නවතම 3S පහසුකම සමන්විත වෙයි. තවද මෙමගින් ශ්‍රී ලංකාවේ සුන්දර මධ්‍යම කලපයේ හෝ ඒ අවට පදිංචිව සිටින පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබා දෙනු ඇත.
“මෙම ව්‍යාප්තිය හරහා දේශීය ශ්‍රම බලකාය සවිබල ගැන්වීමට ද අපට අවශ්‍යයි,” පණ්ඩිතරත්න මහතා වැඩිදුරටත් පැවසීය. “තවත් NEV සේවා ස්ථානයක් විවෘත කිරීමෙන්, කලාපයේ සිටින කාර්මික ශිල්පීන් සහ කාර්මිකයින් සඳහා වටිනා පුහුණුවක් මෙන්ම රැකියා අවස්ථා ද නිර්මාණය කරමින් පරිසර හිතකාමී ප්‍රවාහන අංශයේ වර්ධනය ඉහළ නැංවීමටද අප බලාපොරොත්තු වනවා.”
තවද මේ හරහා පාරිභෝගිකයින්ට BYD හි නව විදුලි වාහන (EVs) පරාසය සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සහ නියම අමතර කොටස් සියල්ල එකම වහලක් යටින් පහසුවෙන් ලබා ගත හැකිය. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරයේ BYD DOLPHIN, BYD ATTO 3, BYD SEAL සහ BYD SEALION 6 යන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid මෝටර් රථවලින් ද සමන්විත වනු ඇත.
“මහනුවර ප්‍රදේශයේ BYD සහ JKCG Auto සඳහා කලාපීය අලෙවි සහකරුවා ලෙස තේරී පත්වීම පිළිබඳව අපිට ඉතා සතුටුයි. අප එක්ව BYD මගී වාහනවලින් ලැබෙන සුවිශේෂී වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම සහ දිරිමත් කිරීම අපගේ අරමුණයි. මෙම හවුල්කාරිත්වය මගින් කලාපයට උසස් තත්වයේ නව බලශක්ති වාහන හඳුන්වා දීමට අපට හැකි වනවා. මීට අමතරව මහනුවර මෝටර් රථ වෙළඳපොලේ විශිෂ්ටත්වය සහ අපේක්ෂාවන් ඉහළ නංවා ගනිමින් කාර්ය සාධනය, පාරිසරික බලපෑම සහ පාරිභෝගික අත්දැකීම් සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට ද අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක සිල්වා මහතා සඳහන් කළේය.
2 Comments
Noodlemagazine This is my first time pay a quick visit at here and i am really happy to read everthing at one place
Thanks for sharing excellent informations. Your website is so cool. I am impressed by the details that you¦ve on this web site. It reveals how nicely you perceive this subject. Bookmarked this web page, will come back for extra articles. You, my friend, ROCK! I found simply the info I already searched all over the place and just could not come across. What a great web site.