
2024BCCSA සම්මාන උළෙලේ දී HNB15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15 වැනි වරටත් මෙම සම්මානය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
හොඳම ආයතනික පුරවැසියන් 10 අතරට පැමිණීමට අමතරව එම සම්මාන උළෙලේදී Triple Bottom Line Profit අංශය යටතේ ඇගයීමට ලක්වීම, ආර්ථික දායකත්වය වෙනුවෙන් Category සම්මානය හා හොඳම ව්‍යාපෘති තිරසාරත්ව සම්මානය ඇතුලු සුවිශේෂී සම්මාන 3ක් දිනා ගැනීමටද HNB සමත් විය.
මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “මේ වන විට ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට ගමන් කිරීමේදී මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශය තිරසාර වර්ධනය වෙනුවෙන් වැඩි වගකීමක් ගෙන කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා HNB හි කැපවීමේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම සම්මානය සඳහන් කළ හැකියි. වගකිව යුතු බැංකුවක් ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ සහකරුවා වෙමින් සේවය ලබා දීමට HNB සෑම විටම කැපවී සිටිනවා.” යනුවෙනි.
සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යක්ෂම, ආචාරශීලී හා තිරසාර බැංකු විසඳුම් ලබා දීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති HNB ග්‍රාමීය හා ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා දේශීය හා ගෝලීය හවුල්කාරීත්වයන් පවත්වාගෙන යාමට කැපවීමෙන් කටයුතු කරනු ලබයි.
ඒ යටතේ හරිත මූල්‍යකරණය හා තිරසාරත්වය, තාක්ෂණික නවෝත්පාදනයන් හා ප්‍රජා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවා සඳහා ආයෝජන පහසුකම් සැලසීම සඳහා බැංකුව ප්‍රමුඛත්වය ගෙන ඇත.
එහි පුරෝගාමී වැඩසටහනක් ලෙස HNB ‘සරුසාර’ වැඩසටහන සඳහන් කළ හැකිය. සරුසාර යනු ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික අංශය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම, ජාතික ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම හා ගොවීන්ගේ ජීවනෝපායන් සංවර්ධනය අරමුණු කොටගත් වැඩපිළිවෙලකි.
2024 වසරේදී දියත් කරනු ලැබූ මෙම වැඩසටහන හරහා මේ වන විට ගොවීන්ගේ කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීම හා අලෙවි හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් රට පුරා කෘෂි කර්මාන්තයේ නියැලෙන්නන් 30,000ක පමණ පිරිසක් සම්බන්ධ කර ගැනීමට HNB කටයුතු කර ඇත. මේ තුලින් වෙළෙඳපොල තුල සිය නිෂ්පාදන අලෙවිය හා අපනයන අවස්ථා සලසා දීමට ගොවීන් වෙත සහයෝගය ලබා දෙන අතර ඔවුන් තුළ කෘෂි ශිල්පීය ක්‍රම හා තාක්ෂණයන් භාවිත කිරීම ඉහළ නැංවීමට ද බලාපොරොත්තු වේ.
තවද මේ යටතේ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මූල්‍ය නිෂ්පාදන හා සේවා පිරිනැමීමට කටයුතු කර ඇති HNB ව්‍යාපාර සඳහා අරමුදල් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදා කර දී ඇත. පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩසටහන් හරහා තරඟකාරී වෙළෙඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් වෙත ලබා දීමද මෙහි මෙහෙවරකි.
පසුගිය වසර පුරාවට, HNB අවදානම් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සහ එහි නිෂ්පාදන සහ සේවා කළඹ සඳහා තිරසාර බව ඒකාබද්ධ කිරීම මගින් සිය පාලනය ශක්තිමත් කර ඇත. එහි පාරිසරික සහ සමාජ කළමනාකරණ පද්ධතිය (ESMS) හරහා බැංකුව සිය ණය දීමේ ක්‍රියාකාරකම්වල පාරිසරික හා සමාජීය බලපෑම් ඇගයීම සහ කළමනාකරණය කරයි. ගෝලීය හොඳම භාවිතයන් හා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDG)සමඟ මෙය මනාව ගැලපෙයි.
මීට අමතරව HNB තිරසාරත්ව පදනම මඟින් කිලිනොච්චියේ පූනකාරි ප්‍රදේශයේ ගෙවතු වගා කිරීමේ වැඩසටහනකට සහාය වීම සඳහා Appe Lanka පදනම සමඟ එක්ව සිටින අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ඍජු මූල්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
4 Comments
escort kuşadası bayanlar Kadınlar Denizi’nde deniz suyu çok temizdi. https://sp35lodz.edu.pl/
kuşadası escort Kuşadası’ndaki yerel tatları denemeden dönmeyin. https://sp35lodz.edu.pl/
kuşadası bayan escort Turistik ama bir o kadar da sakin bir yer. https://portalturystykiaktywnej.pl
Hey there would you mind letting me know which webhost you’re working with? I’ve loaded your blog in 3 different browsers and I must say this blog loads a lot faster then most. Can you suggest a good web hosting provider at a reasonable price? Many thanks, I appreciate it!