![NDB බැංකුව 2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍රවෙයි](https://profitmagazine.lk/wp-content/uploads/2024/12/NDB-Leads-the-Way-in-Transparency-and-Accountability-at-CMA-Excellence-in-Integrated-Reporting-Awards-2024-770x470.jpg)
NDB බැංකුව 2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍රවෙයි
2024 ඒකාබද්ධ වාර්තාකරණයේ කීර්තිමත් CMA විශිෂ්ටතා සම්මාන උළෙලේදී, නැශනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී (NDB), විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණය සඳහා වූ සිය සුවිශේෂී කැපවීම නැවත වරක් ඇඟයීමට ලක්විය. අඛණ්ඩව හය වන වරටත් (2024 ඒකාබද්ධ සම්මානය) බැංකු අංශයෙන් හොඳම ඒකාබද්ධ වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගනිමින් විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ පහෙන් එකක් ලෙසද ගෞරවනීය පිළිගැනීමකට ලක්විය.
ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටතා සම්මාන උළෙල, ලයිස්තුගත කල සහ නොකල ශ‍්‍රී ලාංකීය සමාගම් මෙන්ම ශ‍්‍රී ලංකා රජය සතු ආයතන අතර ඒකාබද්ධ වාර්තාකරණය ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රමුඛතම සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැක. 2009, අංක 23 දරණ පාර්ලිමේන්තු පනත යටතේ සංස්ථාගත කල ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන CMA ශ‍්‍රී ලංකා හි අරමුණ වනුයේ ඒකාබද්ධ වාර්තාකරණ ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමට ආයතනයන් දිරිගැන්වීමයි. ඒකාබද්ධ වාර්තාකරණයේ ගෝලීය වශයෙන් හොඳම ක‍්‍රමවේදයන් සමඟ අනුගත වෙමින් කාලයත් සමඟ වටිනාකම් නිර්මාණය කිරීම, සංරක්ෂණය කිරීම පෙන්නුම් කරන සමාගම් ඇඟයීම කෙරෙහි මෙම සම්මාන උළෙල ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.
මෙම සම්මානය පිළිබඳ සිය අදහස් පළකරමින් උප සභාපති – මුදල්, හසිත අතපත්තු මහතා ප‍්‍රකාශ කර සිටියේ “මෙම ජයග‍්‍රහණය ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ කැපවීම පිළිඹිබු කරයි. ආයතනික මූල්‍ය වාර්තා සැකසීමේදී එය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත වීම පමණක් නොව පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහ විනිවිදභාවයේ මිනුම් දණ්ඩක් ලෙසද අපගේ වාර්තාකරණය සේවා සපයන බවට NDB හි අප විශ්වාස කරන්නෙමු. එපමණක් නොව අපගේ වාර්ෂික වාර්තා වඩාත් උචිත සහ පැහැදිලි තොරතුරු සමඟින් වාර්ෂික වාර්තා පරිශීලකයින් සවිබල ගැන්වීම මඟින් වඩාත් දැනුවත් වූ තීරණ ගැනීමේ හැකියාවද පවතී. අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම සහතික කරමින් මෙම සම්මානයන් මඟින් අපගේ වාර්තාකරණ ක‍්‍රියාවලීන් තව දුරටත් වැඩි දියුණු කරගැනීමට පෙළඹවීමක් ඇති කරයි” යනුවෙනි.
විශේෂයෙන් මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ඒකාබද්ධ කරන ශක්තිමත් වාර්තාකරණ ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් ලබාගත් මෙම ජයග‍්‍රහණය, බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස NDB බැංකුව සිය ස්ථාවරය යළිත් තහවුරු කරයි. නවෝත්පාදනය සහ උපාය මාර්ගික වර්ධනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ අවධානය, අඛණ්ඩතාවය සහ වගවීමෙහි මූලධර්ම වලට අනුගත වෙමින් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වූ සිය පුළුල් ප‍්‍රවේශය තුළින් මනාව පැහැදිලි වේ.
අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් පිරිනමමින් ජාතිය සවිබල ගැන්වීමේ සිය මෙහෙයුමෙහි NDB බැංකුව ස්ථාවරව සිටියි. ආයතනික වාර්තාකරණයේ ඉහළම ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ පාර්ශවකරුවන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා බැංකුවෙහි ඇති කැපවීම මෙවැනි ඇගයීම් මඟින් අවධාරණය කෙරේ.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
1 Comment
I was very pleased to find this web-site.I wanted to thanks for your time for this wonderful read!! I definitely enjoying every little bit of it and I have you bookmarked to check out new stuff you blog post.