SLIM Brand Excellence,NCEහා Dragons of Asiaසම්මාන රැසකින් DSI Tyres පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ටයර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම ඇතුළු සමාගම් කිහිපයක් SLIM Brand Excellence, Dragons of Asia සහ NCE ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සවය ලෙස සැළකෙන SLIM Brand Excellence 2024 සම්මාන උළෙලේදී DSI Tyres, ‘Agile Brand of the Year’ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. වේගයෙන් වෙනස් වෙන ලෝකය තුළ වෙළෙඳපොළ සහ සාමාජීය වෙනස්කම්වලට අනුගත වෙමින් සාර්ථක ව්‍යාපාර ක්‍රම සහ උපක්‍රම අවස්ථානුකූලව අනුගමනය කිරීම මෙම සම්මානය ලැබීමට හේතුවයි. DSI Tyres ක්‍රියාත්මක කළ අලෙවිකරණ සන්නිවේදන ප්‍රවර්ධන වැඩසටහන් උදෙසා 24 වැනි Dragons of Asia සම්මාන උළෙලේදී Best Brand Building or Awareness Campaign එක සඳහා Black Dragon සම්මානයෙන් පිදුම් ලබමින් ප්‍රථම ජාත්‍යන්තර සම්මානය දිනා ගැනීමට DSI Tyres සමත් විය. එසේම Dragons of Sri Lanka සම්මාන උළෙලේදී DSI Tyres රිදී සම්මානයකින්ද පිදුම් ලැබීය.
ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් සමාගම රබර් ටයර් සහ ඒ ආශ්‍රිත උපාංග කාණ්ඩයේ මහා පරිමාණ අංශයේ රිදී සම්මානයද, SRG හෝල්ඩින්ග්ස් සමාගම සැකැසූ කෘෂිකාර්මික බෝග කාණ්ඩයේ කුඩා පරිමාණ අංශයේ රිදී සම්මානයද, සැම්සන් බයික්ස් සමාගම යන්ත්‍ර සහ සැහැල්ලු ඉංජිනේරු නිෂ්පාදන කාණ්ඩයේ මහා පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයද, සැම්සන් රීක්ලේම් රබර් සමාගම රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ මධ්‍යම පරිමාණ අංශයේ ලෝකඩ සම්මානයද දිනා ගත්තේය. ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම තහවුරු කරමින් DSI Tyres රටවල් 85කට අධික ප්‍රමාණයකට සිය නිෂ්පාදන අපනයනය කරයි. ලොව ප්‍රමුඛතම අලෙවි ජාල රැසක් ඔස්සේ සිය නිෂ්පාදන අලෙවි කරන DSI Tyres මීට පෙරද සම්මාන රැසකින් අඛණ්ඩව පිදුම් ලබා ඇත.
1 Comment
Wow, incredible blog layout! How long have you been blogging for? you made blogging look easy. The overall look of your website is excellent, as well as the content!