April 7, 2026
NDB බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව විශිෂ්ට කාර්යය සාධනය වෙනුවෙන් ඇගයීමට පාත‍්‍රවෙයි
පුවත්

NDB බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව විශිෂ්ට කාර්යය සාධනය වෙනුවෙන් ඇගයීමට පාත‍්‍රවෙයි

Dec 20, 2024

NDB බැංකුවේ සිය කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව, මධ්‍යම කලාපයේ (Central Region) හොඳම කාර්යය සාධනය සහ NDB බැංකු ජාලයේ දෙවන හොඳම කාර්යය සධානයට හිමි සම්මානය දිනා ගනිමින් සුවිශේෂී ජයග‍්‍රහණයක් පසුගියදා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයේ (CEO’s Club) සැමරීම් උත්සවයකදී දිනා ගන්නා ලදී. KCC ශාඛාවේ මෙම ජයග‍්‍රහණය බැංකුකරණයේ විශිෂ්ටත්වය සඳහා වන නව සීමා මායිම් සළකුණු කිරීමේ අඛණ්ඩ කැපවීමක් පෙන්නුම් කරයි.

කොළඹින් පිටත පිහිටා ඇති එකම සුපිරි ශ්‍රේණිගත ශාඛාව වන මෙම KCC ශාඛාවේ සාර්ථකත්වය සිය කාර්යය මණ්ඩලයේ අඛණ්ඩ සේවය, කැපවීම සහ සාමූහිකත්වය පිළිබඳ සක්ෂියකි. නවෝත්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම NDB බැංකුවේ ඉහළම කාර්යය සාධනය ඇති ශාඛාව ලෙස සිය ස්ථාවරය තව දුරටත් ශක්තිමත් කර ඇත.

NDB බැංකුව 2006 වසරේ AIA ඉන්ෂුවරන්ස් සමඟ ඇති කරගන්නා ලද හවුල්කාරිත්වයේ දිනෙන් දින වර්ධනය වන සාර්ථකත්වය ඇගයීම මෙම උත්සවයේ සුවිශේෂී අංගයක් විය. පාරිභෝගිකයින් හට වටිනා ආරක්ෂණයක් සහ මූල්‍ය සැලසුම් විසඳුම් සඳහා ප‍්‍රවේශයක් ලබා දෙමින් බෑන්කැෂුවරන්ස්, NDB හි පුළුල් මූල්‍ය සේවාවක් ලබා දීමේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. බෑන්කැෂුවරන්ස් විශිෂ්ටත්ව ඇඟයීමේ වැඩසටහනක් වන ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමය,  වසරේ වාර්තාගත සාමාජිකයින් 210 සමඟ NDB බැංකුව විසින් පිරිනමනු ලබන රක්ෂණ විසඳුම් වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීම ප‍්‍රදර්ශණය කරනු ලබයි.

KCC ශාඛාවේ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය, සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පරිදි, නවෝත්පාදන සහ පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීමේ NDB බැංකුවේ කැපවීම විදහාපායි. දිනූප ද සිල්වා ගේ සුවිශේෂී නායකත්වය සහ NDB ශාඛා කාර්යය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සමඟ අනාගතයේ තවත් කැපී පෙනෙන ජයග‍්‍රහණ සඳහා උත්තේජනයක් වශයෙන් NDB බැංකුව KCC හි මෙම ජයග‍්‍රහණය සමරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close